උපන්_දිනයට අනුව ඔබේ සුභ වර්ණය මෙන්න

signshop

Well-known member
  • May 30, 2011
    12,281
    9,136
    113
    Dubai
    උපන්_දිනයට අනුව ඔබේ සුභ වර්ණය මෙන්න

    නෙට් එකේ එහේ මෙහේ යද්දි දැක්ක ලිපියක්..:nerd: විස්වාස කරන එවුන් විස්වාස කරපල්ලා නැති එවුන් වෙන පොස්ට් එකකට මාරු වෙයල්ලා.. :eek:මේවා දැම්මා කියලා මාව කන්න නම් එපා.. :no:මේවා ගැන විශ්වාස කරන අය වෙනුවෙන් දාපු පෝස්ටුවක් මේක..:yes:රී පොස්ට් නම් ඒත් සොරි තමයි:sorry:

    උපන් දිනයට අනුව ඔබේ සුභ වර්ණය මෙන්න

    එක එක වර්ණය අස ගැටුණු පමණින් අපිට දැනෙන යම් හැඟීමක් තිබෙනවා. උදාහරණයක් ගත්තොත් රතු වර්ණය ප්‍රාථමික ප්‍රබල වර්ණයක්. බිය, කෝපය, උද්වේගය ඇති කරනවා.

    කහ වර්ණය මිත්‍රශීලී උදේ‍යාගී එකක්. එය මානසික හා කායික වශයෙන් නිරෝගීකම ලබාදෙනවා.

    සුදු වර්ණය පවිත්‍රත්වයේ වර්ණයයි. මානසික සමබරතාවය ඇති කරනවා.

    දුඹුරු වර්ණය ජීවිතයේ ප්‍රායෝගික පැත්තට යොමු කරනවා. කළු වර්ණය ඇතැමුන්ට අශුභ වුව කිසියම් උදාසීන බවක් ඇති කරනවා.

    මෙම වර්ණ භාවිතය ගැන සුබ හා අසුබ පල ගෙනදෙනවා. සෑම පුද්ගලයකුට තම උපන් දිනයට අනුව තමාට හිමි වර්ණ සංඛ්‍යාවක් තිබෙනවා.

    වර්ණයෙන් අලංකාරය, ආකර්ෂණයට එහා ගිය වැදගත් බලයක් ඇති බව පැවැසිය යුතුය. තමාගේ උපන් දිනය අනුව හිමි වර්ණ තමාගේ කම්පන බලවේගයන් බව පත්වනවා.

    වර්ණ ඇස ගැටීමෙන් අපගේ සිතුවිලිද වෙනස් වනවා. අභ්‍යන්තර හා බාහිර වශයෙන්ද බලපෑමක් ඇති කෙරෙනවා.

    ඇඳුමේ වර්ණය කෙරෙහි මෙන්ම මාල, කරාඹු, වළලු, ඔරලෝසුපටිය, මුද්ද, සපත්තු, සෙරෙප්පු, හැට්ට කටුව, කොණ්ඩ සැරසිල්ල, ඇලිස් බෑන්ඩ් එක ආදිය ද සිරුරට අලංකාරය මෙන්ම වර්ණ සංකලනයේදී වැදගත්කමක් ගනී. ලේන්සුවද තවත් වැදගත්කමක් ගන්නා උපකරණයකි.

    දැන් ඔබ කළ යුත්තේ උපන් දිනයට අනුව ජය වර්ණය තෝරා ගැනීමය.

    ඕනෑම මාසයක 1, 10, 19, 29 දිනයක ඉපදී ඇත්නම් එම අංකය රවි ග්‍රහයාට අයත්ය. එනිසා අංක 1ට බලපාන වර්ණ වනුයේ රන්වන්, කහ, රන්වන් දුඹුරු, තඹ, රඹ, කහ, වර්ණයයි. කළු, දම් අශුභය.

    ඕනෑම මාසයක 2, 11, 20, 29 යන දිනවල උපන් අයට බලපාන්නේ සඳුය. එනිසා කිරි සුදු, කොළ වර්ණයේ ළා හා තද සෑම වර්ණයක්ම වේ. දම් හා තද රතු අශුභ වර්ණ වන බැවින් ඒවා ඇඳීමෙන් වළකින්න.

    ඔබ ඕනෑම මාසයක 3, 12, 21, 30 දිනයක උපන්නේ නම් ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ කම්පන බලය පවතී. රතු දම්, නිල් දම්, දම්, ළා කහ, නෙළුම් රතු ගැළපේ. තද නිල් වර්ණය අශුභය.රාහු ග්‍රහයාගේ බලපෑම පවතී.

    ඔබ උපන්නේ 4, 13, 22, 31 නම් දිනක නම් දිලිසෙන නිල්, අළු පැහැය, ලා කහ, සුදුසුය. කළු පාට අශුභය.
    ඕනෑම මාසයක 5, 14, 23 යන දිනවල උපන්නේ නම් බුධ ග්‍රහයාට අයත්ය. වාසනා වර්ණය වන්නේ අළු, සුදු, ළා කොළ පැහැයයි. තද රතු හා තද වර්ණ අශුභය.
    ඕනෑම මාසයක 6, 15, 24 දිනයක උපන්නේ නම් සිකුරුට අයත්ය. ළා රෝස, ළා කොළ, නිල් වර්ණයේ සෑම වර්ණයක්ම වේ. කළු සහ දම් අශුභය.

    ඔබ ඕනෑම මාසයක 7, 16, 25 දිනවල උපන්නේ නම් කේතු ග්‍රහයාගේ කම්පන බලවේගය පවතී. එනිසා සුදුසු ජය වර්ණය වනුයේ සුදු, ළා කහ, කොළ වර්ණයේ සෑම වර්ණයක්මවේ. කළු සහ රතු අශුභය.
    ඔබ ඕනෑම මාසයක 8, 17, 26 දිනයක උපන්නේ නම් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත්ය. එනිසා අළු පැහැය, නිල්, කළු හා දම් වර්ණ ජයගෙන දේ. රතු වර්ණය අශූභය.
    ඔබ ඕනෑම මාසයක 9, 18, 27 යන දිනයක උපන්නේ නම් කුජ හෙවත් අඟහරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත්ය. එනිසා රතු, රෝස, ළා නිල්, ශුභ පලදේ. කොළ සහ කළු අශුභ වර්ණවේ.
    ඔබ නිතරම ශුභ වර්ණයෙන් ලේන්සුවක් රැගෙන යන්න. මනමාලියක් බලන්න යන විටද මනමාලයා එන විටද ශුභ වර්ණ තෝරා ගෙන අඳින්න පලඳින්න. ආකර්ෂණය වේ. සම්මුඛ පරීක්‍ෂණයේදීද ජය වර්ණ භාවිත කරන්න.

    වෙළෙඳපොළේ තිබෙන වෛවර්ණ ඇඳුම්වලට වහවැටී ඉවක් බවක් නැතිව වර්ණය භාවිත නොකර ජය වර්ණ පමණක් තෝරා භාවිත කිරීමෙන් ජය, සමෘද්ධිය, වාසනාව ගෙන දේ.

    Source: life.asianmirror
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ළා රෝස, ළා කොළ, නිල් වර්ණයේ සෑම වර්ණයක්ම. ..:yes:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඕනෑම මාසයක 6, 15, 24 දිනයක උපන්නේ නම් සිකුරුට අයත්ය. ළා රෝස, ළා කොළ, නිල් වර්ණයේ සෑම වර්ණයක්ම වේ. කළු සහ දම් අශුභය.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,136
    113
    Dubai
    හුටා මමත් දැන්නේ බන් දැක්කේ.. නෙට් එකෙන් ගත්ත එකක් ශෙයා කරේ බන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එතකොට 28 ට උපන්න උන්ට හෙළු කොට්ටෙන් යන්න කියලද කියන්නේ.. :frown::frown: