උපාධිධාරී මේ අයට පත්වීම් නැති හේතු

cat123

Well-known member
  • Sep 25, 2007
    2,715
    4,470
    113
    117348737_10213756120296381_478942880460298333_n.jpg

    උපාධිධාරීන් රැකියා ලබා දීමට 2019/12/31 ට පෙර ප්‍රථම උපාධිය සම්පූර්ණ කල වසරකට ආසන්න කාලයක් රැකියා නොකල අයගේ අයදුම්පත් කැඳවලා තිබුණා.. එ් කියන්නෙ උපාධිය අරන් අයදුම්පත් බාර ගන්න අවසන් දිනය කියලා පුවත්පත් දැන්වීමේ දාපු 2020/02/20 දවස වෙද්දී වසරක් රැකියාවක් නොකර ඉන්නෝනි.(ඇමුණුම 01) .මේ නම් ලිස්ට් එක දාපු දවසෙම රාජ්‍ය පරිපාලන ලේකම්තුමා එ් පිලිබඳ විස්තර කරලා තිබුනා.2019/01/01 කලින් සම්පුර්ණ කල උපාධියක් නම් වසරක කාලයක් රැකියා විරහිතව ඉන්නෝනි..2019/01/01 පසුව නම් උපාධිය ලද දිනයේ සිට රැකියා විරහිතව ඉන්නෝනි කියලා(ඇමුණුම 02).එ් පදනමින් තමා 2019 උපාදිය ගත්ත අය මේකට සුදුසුකම් ලබන්නෙ මොකද එයාලා වසරක් රැකියා විරහිතව ඉඳලා නෑ. නම් නැති ගොඩක් අය අයදුම් කරද්දි (2020/02/20) දිනයටට එක්කෝ රැකියා කරන ගමන් නැත්තම් එ්වෙනකොටත්මාස ගනනයි ඉවත් වෙලා අවුරුද්දක් නෑ...නැත්තම් කරපු රැකියාවෙන් එ් කාලෙම ඉවත් වෙලා අයදුම් කරලා තිබ්බා..නමුත් අපි අයදුම්පත්‍රයට අත්සන් කරද්දි වසරකට වඩා වැඩි කාලයක් රැකියා විරහිතව සිටිමි කියලා අත්සන් කරා...(ඇමුණුම 03). එහෙම දාපු අය බහුතරයක්ගෙ නම් ලිස්ට් එකේ නෑ සමහර අයගේ තියේ රැකියා කරත්..මේක චෙක් කරන්න පුලුවන් සේවක අරථ සාදක අරමුදලට (EPF) දායක වෙලාද නැද්ද කියලා ID නම්බර් එකෙන් චෙක් කරාම..ගොඩක් අයතන වල වැටුපෙන් EPF කැපුවට හරියට අපේ ලිපිගොනුව හදලා නෑ අරමුදලට යවලා නෑ..බොහෝ අය පරක්කු කරලා යවන්නෙ..එහෙම තැනක වැඩ කරපු කෙනෙක් චෙක් කරාට අහු වෙන් නෑ...සමහර අය පරන ID නම්බර් එකෙන් EPF ලිපිගොනුව හදලා මේකට අයදුම් කරද්දි අලුත් ID එකක් හදපු නිසා එ් නම්බරේ දාලා..එයාලාවත් අහු වෙන් නෑ...එ් වාසනාවන්තයෝ එ්ත් ලේකම් තුමා ගහපු ලියුමෙ තියෙනවා පරිගණක දෝෂ නිසා වැරදි තොරතුරු නිසා රැකියාව ලබා දුන්නත් පසුව ඉවත් කරනවා කියලා.

    සමහර අයට තියෙන ප්‍රශ්නේ ප්‍රතික්ෂේප වුණ ලිස්ට් එක දිග එක. උපාදි විතරක් නෙවේ ඩිප්ලෝමා අයටත් දාන්න පුලුවන් කියලා තිබ්බෙ..හැබැයි උපාදියට සමාන ඩිප්ලෝමා...නමුත් එහෙම නැති නිකන් ඩිප්ලෝමෙ අයත් ඉල්ලුවා(උදා පෙරපාසල්,රූපලාවන්‍ය,ඇඟලුම්,ඉංග්‍රිසි..එකී මෙකී නොකී.....
    😊
    ).මේ හැමෝටම දෙන්න බෑ එ් නිසා NO UGC අය වැඩියි... අනික් අය 45+ ..පුවත්පත් දැන්වීමේ තිබ්බෙ 35ට අඩු නමුත් බෝහෝ අරගල ඉල්ලීම් නිසා 45 වුණා. විදේශ උපාධිය ප්‍රමුඛතාවයක් දීලත් නෑ..එක අතකට එ්ක සාදාරණයි කියලත් හිතෙනවා එ් අය සල්ලි වියදම් කරන් රට ගිහින් උපාධි කරේ අනුමත ආයතන වල නොවෙන්නත් පුලුවන්..ලංකාවේ තියෙන අර්ධ රාජ්‍ය පෞද්ගලික එ්වගෙත් දෙන්නෙ බෝහෝ විට විදේශ උපාදි UGC අනුමත වුනත්.එ්ක අාන්අනික එයාලට මේක මදි වියදම් කරපු ගානේ හැටියට මොකද MN 4 ශ්‍රේණියේ සංවර්ධන නිලාදරියකුට 42000-45ක් වගේ ලැබෙන්නෙ.මේ මගේ පුද්ගලික මතේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වැඩිම ඉසෙඩ් අරන් යන අයට ප්‍රමුඛත්වයක් තිබිය යුතුයි කියන එක..අනෙක් අයටත් ලැබෙන්නෝන තර්ක නෑ එ් ගැන.ග්‍රාම නිලදාරි සහතික නොකරා නම් ඉතින් සොරි තමා..දැන්වීමේ ගහලම තියේ නිසි ලෙස පුරවන ලද එ්වා එවන්න කියලා...ග්‍රාම නිලදාරි කපලා කොටලා ලියලා අත්සන් කරලා නම් EPF හොඳට චෙක් කරන්න ඇති...ග්‍රාම නිලාදාරි සහතික නැත්තම් ප්‍රාලේ සහතික නෑනේ.. එ්ක හරියට කර ගත්තෙ නැත්තම් අවුල..එ් බේසික් දේවල්

    අනික No documents ... එ් කියන්නෙ උපාදි සහතිකය,ප්‍රථිපල සහතිකය හෝ ලේඛකාධිකාරි විසින් සහතික කරපු තාවකාලික ප්‍රථිපල ලේඛනය යවපු නැති අය...මේවා බේසික්ම දේවල් ඉල්ලපු දේ යවා ගන්න බැරි නම් රැකියා දීලා වැඩකුත් නෑ..අනික පුවත්පත් දැන්වීම ගහලම තිබ්බා සාමවිනිසුරුහෝ නීතිඥ සහතික පිටපත් එවන්න කියලා....ඉතින් මුං වැපුරුවොත් මුං තමා ලැබෙන්නෙ...බොරුවට කෑ ගහන්න කලින් හරියට අයදුම් කලාද නැද්ද බලලා ඉන්න...නැත්තම් කතා කරලා අභියාචනයක් දාන්න...නිවැරදි ලේඛණ එක්ක
    අනික් සීන් එක ප්‍රාලේ එකේ ස්ථිර පදිංචි අයට එවන්න කියලා තියෙන්නෙ..රට ගිහින් ඉන්න අයට නෙවේ..චෙක් කරපු ගමන් රට ගියාද නැද්ද අහු වෙනවා.අනික දැන් පත්වීම් ගන්න එන්නත් බෑ එයාර් පෝට් වහලා..එ් අයට in Overseas කියලා රිජෙක්ට්. සමහර අයට ප්‍රථම උපාදියක් නේවේ තවත් අය....අයදුම්පත්‍රය විතරයි උපාදි සහතික ප්‍රථිපල ලේඛන අමුණලා නෑ....මේ සියල්ලම හරියට කරලා නම් අවුලක් වෙන්නෙ නෑ.එහෙම වෙලා නම් ඉක්මන්ට අභියාචනා කරන්න...කලිනුත් සෑහෙන්න කල් තිබ්බා..ජනාධිපති ලේකම් කාර්යාලේ අයටත් සෑහෙන්න කල් තිබ්බා චෙක් කරන්න මාස හයක් කල් ගියානේ ඡන්දෙ නිසා හැම දේම.....ගොඩක් අය ස්ථිර රැකියාවක නේමේ මේ කාලේ පුහුනුවීමකට ගිහිනි ඇති එ්ත් යම් ගෙවීමක් කරන නිසා EPF කපනවා කම්කරු නීතියට අනුව (උදා මධ්‍යම සංස්කෘතික අරමුදලේ)..එහෙම පුහුණුවක් නම් එ්ක රැකියාවක් නෙවේ පුහුනුවක් කියලා ආයතන ප්‍රදානියාගෙන් ලියුමක් අරන් ඇපිල් කරන්න... අඬන්නම ඕනිලු කිරි එරෙන්න...එ් නිසා හරියට ඇපිල් කරලා ඉන්න..බෝහෝ විට EPF ගැටලුව විසඳගන්න පුලුවන් වෙයි.මොකද උපාදියක් කරලා රැකියා නොකර නිකන් ඉද්දි නොමිලේම කන්න බොන්න ලැබෙන්න අාචාර්ය අජටාකාශගාමී චීචී වත් හඳුන්ගෙ පුතාවත් නෙවේනේ උඹලා..
    ස්තූතියි..(ප.ලි..ට්‍රිගර් වෙලා පත්තු වෙන්න නෙවේ දැම්මෙ.. දෑසට පේන සත්‍ය නොලියනවා නම් මේ දෑස මක්කටෙයි.වරදක් කලත් සිතකින් නොවේ රිදවගන්නේ පලි ගන්නෙ අැයි කමෙන්ට් කරලා...හැමෝටම රැකියා ලැබේවා මගේ පරම පැතුම එයයි...
    ❤
    👌


    fb : උපාධිධාරී Do අපේක්ෂා එකමුතුව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Private campus unwa reject karala.ethakota gov campus wala art faculty eken girawa dala degree gattu unta me job karanna capacity tiyada ??
    හරි වචනය ප්‍රමුඛත්වය...ආණ්ඩුවෙ කැම්පස් වලින් ඉගෙන ගත්ත අයට මුල්තැන අනිව දෙන්ඩම වෙනව...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම දන්න සමහර උපාධි තියෙන එවුන් ඉන්නවා ගාමන්ට් වල පොඩි ජොබ් කරන. උන්ට රස්සාව ලෑබෙන්න නෑතිව ඈති නේද? ඒ වගේ එවුන්ට නම් දෙන්න ඕනේ බන්. ෆොරීන් ඩිග්‍රි වලට නම් අඩුම සෑලකිල්ල දෙන එකේ අවුලක් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මම දන්න සමහර උපාධි තියෙන එවුන් ඉන්නවා ගාමන්ට් වල පොඩි ජොබ් කරන. උන්ට රස්සාව ලෑබෙන්න නෑතිව ඈති නේද? ඒ වගේ එවුන්ට නම් දෙන්න ඕනේ බන්. ෆොරීන් ඩිග්‍රි වලට නම් අඩුම සෑලකිල්ල දෙන එකේ අවුලක් නෑ.

    igenagaththa area ekata demand ekak thiyenawanam nikanma jobs hadenawa.
    me kiyana ewunge weda hodai nam unwa ewata select wenawa.

    ehema nathuwa hitha sathutu karanna boru jobs hadala padi dena eka nam weradi.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    igenagaththa area ekata demand ekak thiyenawanam nikanma jobs hadenawa.
    me kiyana ewunge weda hodai nam unwa ewata select wenawa.

    ehema nathuwa hitha sathutu karanna boru jobs hadala padi dena eka nam weradi.
    karanna deyak na ban. unge waradda neme. education system eke awula. issella ehenam system eka wenas karanna oney
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඩිග්‍රි ගත්ත එවුන්ට ජොබ් දෙන එක ආණ්ඩුවෙ වගකීමක් වෙලා තියන එකම රට තමයි මේක
    එතකොට ඔය අලුතෙන් හදන ජොබ් වල වැඩක් කෙරුනත් නැතත් අහිංසක මිනිස්සුන්ගෙන් එකතු කරන බදු වලින් උන්ට පඩි ගෙවන්නත් ඕන
    ඩිග්‍රියකුත් තියාගෙන ජොබ් එකක් හොයාගන්න බැරි එවුන් එහෙමම වලපල්ලට ගියාට කමක් නෑ කියලා මං කියන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    උපාධි ධාරීන්ට ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් ජොබ් දෙන්න නම් ඕන නෑ . ඒත් ඉතින් හැම ආණ්ඩුවක්ම චන්ද ගන්න පොරොන්දු දෙනවා.
    ඔය ජොබ් අඩු උපාධි වලට බදවගන්න කට්ටිය අඩු කරන්න ගියාමත් කෑගහන්නේ ඒවා කරන උන්මයි..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    “මෙච්චර වැඩ කරලා තියෙද්දිත් ඇයි අපිට බනින්නේ” – ජනපති විමසයි