උපාධිය සිහිනයක් ද? මෙන්න විසදුම
උපාධිය සිහිනයක් ද? එහෙනම් මේක කියවලා බලන්න

ඉගනගන්න කැමැත්ත තිබුනට හැමෝටම විශ්වවිද්‍යාල ප්‍රවේශයට චාන්ස් එක නෑනෙ බංස්. කැම්පස් යන්න බැරි වුනොත් ජීවිතේම ඉවරයි කියලා හිතන කස්ටියකුත් ඉන්නවා.
කැම්පස් යන්න බැරිවුනොත් ඉතිං ඊලග ඔප්ෂන් එක තමයි විදේශ ගතවීම හෝ රජයේ නොවන උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හැදෑරීම.
මේකට ඉතිං සල්ලි ඔනෙ නේද? ලොකු ගානක් යට කරන්න වෙනවා.
අම්මලා තාත්තලාට මේ බර දරන්න දෙන්න බෑනෙ බං. උපන් දා ඉදලා අපි වෙනුවෙන් නැහිලා ඉතුරු කරගත්ත සොච්චමට විදින එක හරි නෑනෙ.
ඔන්න එතකොට ඔලුවට එන්නෙ බැංකු ණයක්. ලංකාවේ ප්‍රධාන පෙලේ බැංකු සියල්ලම වාගේ අධ්‍යාපනික ණය ලබාදෙනවා. ඒත් ගෙවන්නෙ කොහොමද?
ඔහොම හිතලා ගොඩක් දෙනෙක් උපාධි සිහිනය අත්හරින්න ඇති.
අපෙ පොඩි එකාටත් රට යන පිස්සුව. ඒකා ඉල්ලන ගනං දෙන්න අම්මලාට සල්ලි නෑ. ඉතිං මම වැඩේට බැහැලා අධ්‍යාපනික ණය ගැන පොඩි විපරමක් දැම්මා.
හැම බැංකුවකටම වාගේ ගියත් හොද පිලිතුරක් නම් හම්බ වුනේ නෑ.
අන්තිමට ගියේ ලංකා බැංකුවට. වැඩේ ගොඩ මචං. මෙන්න විස්තරේ.
ලංකා බැංකුවේ විශේෂත්වය තමයි මවුන් ග්‍රේස් පීරියඩ් එකක් ලබා දීම. ඒ කියන්නෙ උපාධිය හදාරන කාලය තුලදී ණය ගෙවන්න ඕනෙ නෑ.
ණය ගෙවන්න වසර 7ක කාලයක් ලැබෙනවා. ලක්ෂ 5ට අඩු ණය සදහා දේපල ඇප අවශ්‍ය නෑ. පුද්ගල ඇප දෙකක් පමණක් සෑහෙනවා.
ලක්ෂ 5ට වැඩි නම් දේපල ඇප අවශ්‍ය වෙනවා. ණය ගෙවන්න ඕනේ රස්සාවක් කරන කාලෙකදි නිසා ගෙදරට බරක් නෑනෙ බං. හැබැයි පොලිය ගෙවන්න ඕනෙ මුල ඉදලා. වාර්ශික පොලිය 10%. ඒ මෙහෙමයි......
සමාසික ක්‍රමයට යන පාඨමාලාවක් නම් මාස 6න් 6ට ගෙවීම් කල යුතුයිනෙ. අපි හිතමු පලවෙනි සමාසයට පාඨමාලා ගාස්තුව රු 100000 (ලක්ෂයක්) කියලා. එය බැංකුව කෙලින්ම අධ්‍යාපන ආයතනයට ගෙවනවා. අපි මාසෙකට රු1000 (දහසක්) ගානේ ගෙවන්න ඕනෙ මාස 6ක්. දෙවන සමාසයේදි ණය මුදල ලක්ෂ 2ක් වෙන නිසා රු 2000 ගානෙ මාස 6ක් ගෙවන්න ඕනෙ. මේ ආකාරයට පොලිය වැඩි වෙනවා. දැං තේරුනාද?
රීසනබල් නේද බං. අපි බොන්න කරන්නම ගොඩක් සල්ලි වියදම් කරනවානෙ. ඒ සල්ලි වලින් පොලිය ගෙවන්න පුලුවන්.
තව දෙයක් තමයි අධ්‍යාපන උපකරණ ගන්නත් මේ ණය පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නෙ පොත් ලැප්ටොප් වගේ දේවල්.
විශවවිද්‍යාල අධ්‍යාපනය හදාරන අයට වියදම් සදහා මෙම ණය ලබාගන්න පුලුවන්.
තව දෙයක්
මේ ගන්න ණය මුදල අපි ගෙවන්නෙ පටන්ගන්නෙ අවුරුදු 3කින් නැත්නම් 4කින් පස්සෙ. එතකොට මුදලේ අගය බාල වෙනවා. රස්සාවක් කරන කාලෙකට ඇගට නොදැනී ගෙවල දාන්න පුලුවන්.
සුදුසුකම්
ලංකාවේ විශ්ව විද්‍යාල පුවේශයට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා තිබීම. (S තුනක්)
උපාධියක් හැදෑරීම සදහා ණය මුදල ලබා ගැනීම
ලංකා බැංකු ගිණුම් හිමියෙකු වීම
ලක්ෂ 5ට වැඩි ණය සදහා දේපල ඇපයක්
ඊට අඩු නම් ගෙවීමේ හැකියාව ඇති ස්ථිර රැකියාවල නියුතු ඇපකරුවන් දෙදෙනෙක්
සම්පූර්ණ පැඨමාලා ගාස්තුවෙන් 20% ණය ලබන්නාගේ දායකත්වය
වැඩි විස්තර මෙතනින් ලබාගන්න
http://www.boc.lk/bochome/develop/comprloan.jsp

මේක කියවලා යමක් ගත්තානම් කමෙන්ට් එකක් දාන්න. ස්තූතියි