<<උපාධිය සිහිනයකි... >>

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    <<උපාධිය සිහිනයකි... >>

    දිවගියෙමි දිවගියෙමි නොනැවතී දිවගියෙමි……….
    සිව්වෙනි පහන් ටැඹ පෙනෙන තුරු දිවගියෙමි…….
    පස්වනි හරස් වීදියට පැමිණියෙමි…….
    පළමු පහන් ටැඹ පසුකලෙමි……
    ජය කණුවට යන………
    නමුත් වැරදි පහන් ටැඹකි…….
    විදුලි බුබුල දැවී තිබුණි………
    පාර වැරදිය…… සිතට දුකකි……
    නමුත් ප්‍රමාද නැත……….
    කෙසේ හෝ සිව්වෙනි පහන්ටැඹ පසු කල යුතුමය…….
    අමාරුවෙන් හරි පාර හොයා ගතිමි…..
    නැවතත් දිවගියෙමි…….. හතිලලා දිවගියෙමි……..


    දෙවනි පහන් ටැඹ ලන්වුණි……..
    නිවරැදි පහන් ටැඹදැයි සැක සිතුණි…..
    ලන්වුණෙමි…… හොදට බැලුවෙමි…..
    පුදුමයකි….. මහා පුදුමයකි......
    පහන් ටැඹෙන් විදුළි බුබුලු රොත්තක ආලෝකයක් දිස්වුනි……
    සිතා ගැනිමට නොහැකිය…….. නමුත්
    පාර හරිය….. තව ටික දුරකි…….


    නෑවතත් පටන්ගතිමි දිවයන්නට……….
    සැණෙකින් තෙවෙනි පහන් ටැඹ දුටුවෙමි…….
    සිතට සහනයක් මෙන්ම චකිතයක්ද දැනුණි…..
    අහෝ පුදුමයකි……
    තරගකරුවන් රාශියක් එක පොදියට ඉදිරියට එනු පෙනිණි……
    මෙය තනි තරගයක් නොවෙන බව වැටහුණි……..
    නමුත් කිරීමට කිසිම දෙයක් නැත………..
    කෙසේ හෝ තරගය අවසන් කළ යුතුය……..
    දිවගියෙමි දිවගියෙමි……. වේගයෙන් දිවගියෙමි………

    තෙවෙනි පහන් ටැඹ ලන්වුණි………..
    සියල්ලෝම ඉදිරියට ඇදුනි…..
    වේගයෙන් ඉදිරියට ඇදුණි……
    පසුකළෙමි තෙවෙනි පහන් ටැඹ………
    ජයඝෝශා නැගුණි…… සිනහව ඇසුණි…….

    නමුත් සමහරෙක් වැටුණි……..
    හොදටෝම ඇඩිණි…..
    පහන් ටැඹ නිකන්ම නිකන් ලයිට් කනු ගොඩක් වුනි….

    අවසන කෙසේ හෝ ජය කණුවට පැමිණියෙමි…….
    දෙපතුල් හොදටම රිදුණි….. දහදිය මුගුරු වැගුරුණි…….
    "ඔව් මම දිනුවෙමි……… සිව්වෙනි පහන් ටැඹත් පසු කළෙමි………"
    සිතට සහනයකි……..

    නමුත් සෑනෙකින් යමක් සිහියට නැගුණි……….
    අයියෝ..............
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දැන් ඉතින් දුවපන්කො ජොබක් හොයන්න…….
    :lol::lol:

    “උපාධිය සිහිනයකි........
    දකින කම් එළ ය………….
    නැගිට්ටම මළ ය……….”



    medicalassistingdegree.jpg



     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මගේ කතාවත් මේ වගේමයිනේ... :yes: හැබැයි සිව්වෙනි පහන් ටැඹට යන්න නම් තව චුට්ටක් කල් තියෙනවා.... :)


    nice one TP!! ;) :love:
    yayayoy101100007.jpg
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මගේ කතාවත් මේ වගේමයිනේ... :yes: හැබැයි සිව්වෙනි පහන් ටැඹට යන්න නම් තව චුට්ටක් කල් තියෙනවා.... :)


    nice one TP!! ;) :love:
    yayayoy101100007.jpg

    a tikath api awa wagema yamu....... :yes::yes: oyata puluwan eka karanna... i knw dat............ :):)

    luv uuuuuuu SB :love:
    ;)
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොච්චර උපාධි දැම්මත් ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය ප්‍රායෝගික නෑ , ඒකයි බෝඩ් එහෙම අල්ලගෙන ඉන්නේ රක්ෂා දියව් කියල, ඒව මුලින් කරගත්තු වැරදි. මිනිහෙක්ට ප්‍රායෝගිකව ජීවිතේ ගැටගහන් ඉදිරියට යන විදිය 1 පන්තියෙ ඉදන් ඔලුවට දාන්න ඕන. උපාධිය ලබාගත් ඔබට ජය. ( උදුලය මඩජරාව ඔලුවට දාන්න නැතුව ඇති නේද?)