උපාලි විජේවර්ධන
උපාලි විජේවර්ධන ගැන අපේ වයසේ අය දන්නවා. නමුත් බුකියේ ඉන්න ගැටවු බහුතරයක් ඔහු ගැන දන්නේ නැතිව ඇති.
ඔහු තමා 1980 කාලේ ලංකාවේ පළමු පෙලේ ව්‍යාපාරිකයන්ගේ පළමුවෙනියා.ඩෙල්ටා ටොපියෙන් පටන් අරන් ලංකාවේ කාර් හදන්න පටන් ගත්ත මිනිහා. පවුද්ගලික ජෙට් යානයක් තිබුන එකම පුදගලයා. මොහු යු එන්.පී කාරයෙක් නිසා ජේ ආර් හොඳ ජොබ් එකකුත් දීල තිබුන . දවසක් ජේ ආර් ඔහුට කතා කරලා කීව මන් කැමති නැහැ ' හිඟන්නන්ගේ සමිතියේ' (නොබැඳුනු ජාතීන්ගේ සංවිධානය ') ඉන්න. බටහිරට ගිහින් ආයෝජකයන්ව ලංකාවට ගෙන්න කියල. ඉතින් ජේ. ආර්.ට කටුනායක ආයෝජන කලාපය පටන්ගන්න පළමුවෙන් පිටරට ව්‍යාපාරිකයෝ ගෙන්න මුලික උන කීප දෙනාගෙන් එක්කෙනෙක් උනේ උපාලි. ඉන්පස්සේ උපාලි ඇමරිකාවට ගිහින් මෝටරෝලා ,සහ හැරිස් කියල කොම්පැණි දෙකටත් ආරාධනා කලා ලංකාවේ චිප් නිෂ්පාදනය පටන් ගන්න කියල.
මෙහෙ ඒ කර්මාන්ත ශාලා අරඹන මුලික වැඩ කලේ දෙමල ඉංජිනේරුවෝ දෙන්නෙක්. 1983 කළු ජූලියේදී එම ඉංජිනේරුවෝ දෙන්නව යුඑන්පී පාදඩයෝ මරල දෙම්ම
, අර සමාගම් ලංකාවේ ව්‍යාපාර කරන එක එතැනින්ම නවත්තල මැලේසියාවේ පටන්ගත්ත. ඒ කාලේ මැලේසියාවේ ලංකාණ්ඩුවේ කොමසාරිස් වූ K. ගොඩගේ මහත්තය එහෙ පටන්ගත්ත කර්මාන්ත ශාලා බලන්න ගියාම දැනගත්තලු හතලිස් දාහක් සේවකයෝ වැඩ කරනවා කියල ( ඔන්න ඉතින් සිංහ ලේ වාහෙලා රටට කරපු සේවය )
ඉතින් උපාලි විජේවර්ධන දේශපාලනේ ට බැස්සම ජේ ආර් හැර .අනිත් යු. එන්.පී ලොක්කෝ ඔක්කොම බය උනා. මිනිහගේ සැලැස්ම අනාගත ජනාධිපති වෙන්න කියල කවුරුත් හිතුව. ජේ ආර්.ට සිද්ධ උනා මිනිහව ආණ්ඩුවේ ජොබ් එකෙන් දොට්ට දාන්න. මේ වෙනකොට 'දිවයින ' පත්තරෙත් උපාලි පටන් අරන්.
රොනී ද මේල් ඒ කාලේ කඹුරුපිටියේ ආසනේ මන්ත්‍රී. ආණ්ඩුවේ මුදල් ඇමති. උපාලි හැප්පුනේ රොනී එක්ක.කඹුරුපිටියට ගිහින්උපාලි දේශපාලනේ කොරන්න පටන් ගත්ත. රොනී බයවෙලා බුලත්සිංහලට (අපේ ආසනය ) ආව. බුලත්සිංහල රෝනීගේ වසම.ගීගන කන්ද කියල අක්කර දහස් ගණනක ලොකු වතු යායකුත් බුලත්සිංහල තියෙනවා.රෝනිට අයිති .
රොනිව පිළිගන්න බුලත්සිංහල ආසනේ පුරාම කුඩා රැස්වීම් මාලවක් සංවිධානය කරා පස්සේ මන්ත්‍රී කෙනෙක් වුන සරත් රණවක විසින්. .මමත් ගියා අපේ ගමේ තිබුණු එක රැස්වීමක් බලන්න .
කවුදෝ කෙනෙක් රෝනිට පෙන්නුවා එදා 'දිවයින' පත්තරේ තිබුන කාටුන් එක.ඒ රැස්වීමේදී එකේ තිබුනේ කඹුරුපිටියේ මිනිස්සු කොසු අරගෙන රොනිව එලවන කොට කම්බි වැටට උඩින් පැනල අනිත් පැත්තේ තියෙන බුලත්සිංහලට පනින හැටි. මේක දැක්කම රෝනිට උරු ජුවල් නැග්ග.
"මෙහෙ දිවයින වික්කොත් මම ගිනි තියනව .ඔය උපාලි කියන ගෙම්බ පිම්බිල පිම්බිල පුපුරලා මැරෙනවා.'"කියල ගිරිය යටින් රොනී කිව්වා.
රොනී ඔය කතාව කිව්ව දවසේ ඒ වෙලාවටම වගේ තමා උපාලි විජේවර්දන මැලේසියාවේ ඉඳල ලංකාවට එයාගේ ජෙට් එකේ එනකොට මලක්ක සමුද්‍ර සන්ධියට පුපුරලා කඩා වැටුනේ.
ලංකා ආණ්ඩුව ඒ ගැන දිගින් දිගට සොයා බලන්න උනන්දු නොවුණු බව ගොඩගේ මහත්තය Daily News පත්තරේට ලිව්ව ලිපියක තිබුන.
මෙතනින් ඒ විස්තරෙත් කියවන්න පුළුවන්
http://dailynews.lk/2016/02/12/features/upali-wijewardene-colossus
උපාලි විජේවර්ධන ගැන අපේ වයසේ අය දන්නවා. නමුත් බුකියේ ඉන්න ගැටවු බහුතරයක් ඔහු ගැන දන්නේ නැතිව ඇති.

ඔහු තමා 1980 කාලේ ලංකාවේ පළමු පෙලේ ව්‍යාපාරිකයන්ගේ පළමුවෙනියා.ඩෙල්ටා ටොපියෙන් පටන් අරන් ලංකාවේ කාර් හදන්න පටන් ගත්ත මිනිහා. පවුද්ගලික ජෙට් යානයක් තිබුන එකම පුදගලයා. මොහු යු එන්.පී කාරයෙක් නිසා ජේ ආර් හොඳ ජොබ් එකකුත් දීල තිබුන . දවසක් ජේ ආර් ඔහුට කතා කරලා කීව මන් කැමති නැහැ ' හිඟන්නන්ගේ සමිතියේ' (නොබැඳුනු ජාතීන්ගේ සංවිධානය ') ඉන්න. බටහිරට ගිහින් ආයෝජකයන්ව ලංකාවට ගෙන්න කියල. ඉතින් ජේ. ආර්.ට කටුනායක ආයෝජන කලාපය පටන්ගන්න පළමුවෙන් පිටරට ව්‍යාපාරිකයෝ ගෙන්න මුලික උන කීප දෙනාගෙන් එක්කෙනෙක් උනේ උපාලි. ඉන්පස්සේ උපාලි ඇමරිකාවට ගිහින් මෝටරෝලා ,සහ හැරිස් කියල කොම්පැණි දෙකටත් ආරාධනා කලා ලංකාවේ චිප් නිෂ්පාදනය පටන් ගන්න කියල.
මෙහෙ ඒ කර්මාන්ත ශාලා අරඹන මුලික වැඩ කලේ දෙමල ඉංජිනේරුවෝ දෙන්නෙක්. 1983 කළු ජූලියේදී එම ඉංජිනේරුවෝ දෙන්නව යුඑන්පී පාදඩයෝ මරල දෙම්ම
, අර සමාගම් ලංකාවේ ව්‍යාපාර කරන එක එතැනින්ම නවත්තල මැලේසියාවේ පටන්ගත්ත. ඒ කාලේ මැලේසියාවේ ලංකාණ්ඩුවේ කොමසාරිස් වූ K. ගොඩගේ මහත්තය එහෙ පටන්ගත්ත කර්මාන්ත ශාලා බලන්න ගියාම දැනගත්තලු හතලිස් දාහක් සේවකයෝ වැඩ කරනවා කියල ( ඔන්න ඉතින් සිංහ ලේ වාහෙලා රටට කරපු සේවය )ඉතින් උපාලි විජේවර්ධන දේශපාලනේ ට බැස්සම ජේ ආර් හැර .අනිත් යු. එන්.පී ලොක්කෝ ඔක්කොම බය උනා. මිනිහගේ සැලැස්ම අනාගත ජනාධිපති වෙන්න කියල කවුරුත් හිතුව. ජේ ආර්.ට සිද්ධ උනා මිනිහව ආණ්ඩුවේ ජොබ් එකෙන් දොට්ට දාන්න. මේ වෙනකොට 'දිවයින ' පත්තරෙත් උපාලි පටන් අරන්.

රොනී ද මේල් ඒ කාලේ කඹුරුපිටියේ ආසනේ මන්ත්‍රී. ආණ්ඩුවේ මුදල් ඇමති. උපාලි හැප්පුනේ රොනී එක්ක.කඹුරුපිටියට ගිහින්උපාලි දේශපාලනේ කොරන්න පටන් ගත්ත. රොනී බයවෙලා බුලත්සිංහලට (අපේ ආසනය ) ආව. බුලත්සිංහල රෝනීගේ වසම.ගීගන කන්ද කියල අක්කර දහස් ගණනක ලොකු වතු යායකුත් බුලත්සිංහල තියෙනවා.රෝනිට අයිති .
රොනිව පිළිගන්න බුලත්සිංහල ආසනේ පුරාම කුඩා රැස්වීම් මාලවක් සංවිධානය කරා පස්සේ මන්ත්‍රී කෙනෙක් වුන සරත් රණවක විසින්. .මමත් ගියා අපේ ගමේ තිබුණු එක රැස්වීමක් බලන්න .
කවුදෝ කෙනෙක් රෝනිට පෙන්නුවා එදා 'දිවයින' පත්තරේ තිබුන කාටුන් එක.ඒ රැස්වීමේදී එකේ තිබුනේ කඹුරුපිටියේ මිනිස්සු කොසු අරගෙන රොනිව එලවන කොට කම්බි වැටට උඩින් පැනල අනිත් පැත්තේ තියෙන බුලත්සිංහලට පනින හැටි. මේක දැක්කම රෝනිට උරු ජුවල් නැග්ග.
"මෙහෙ දිවයින වික්කොත් මම ගිනි තියනව .ඔය උපාලි කියන ගෙම්බ පිම්බිල පිම්බිල පුපුරලා මැරෙනවා.'"කියල ගිරිය යටින් රොනී කිව්වා.
රොනී ඔය කතාව කිව්ව දවසේ ඒ වෙලාවටම වගේ තමා උපාලි විජේවර්දන මැලේසියාවේ ඉඳල ලංකාවට එයාගේ ජෙට් එකේ එනකොට මලක්ක සමුද්‍ර සන්ධියට පුපුරලා කඩා වැටුනේ.
ලංකා ආණ්ඩුව ඒ ගැන දිගින් දිගට සොයා බලන්න උනන්දු නොවුණු බව ගොඩගේ මහත්තය Daily News පත්තරේට ලිව්ව ලිපියක තිබුන.
මෙතනින් ඒ විස්තරෙත් කියවන්න පුළුවන්
http://dailynews.lk/2016/02/12/features/upali-wijewardene-colossus
Last edited:

.mewelawe wadiya kawruwath nawage