තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංගගේ එම චෝදනා සනාථ වී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත දන්වා ඇත.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් එය තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් උපුල් තරංග සම්බන්ධව සිදු කරන පරීක්ෂණ අවසන් කරන තුරු ඔහුට තරග තහනමක් පනවා ඇත.
[FONT=body-font ! important]වෙදුන් නිදැල්ලේ
[FONT=body-font ! important]ලංකාව තුල ජාතික තහනම් උත්තේජන ආයතනයක් පිහිටුවා තිබුනද ක්‍රීඩයන් තහනම් උත්තේජක මාෆියාවෙන් ගලවා ගැනීමට සමත් වී නැහැ.
උපුල් තරංග ලෝක කුසලානයට පෙර ප්‍රතිකාර ගත්තේ දේශීය වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට ඔහුට අවසර ලබා දී ඇත.
බොක්සිං මංජුට තහනම් උත්තේජක ලබා දුන් කුරුණෑගල හෝමියෝපතිවෛද්යවරයාත්, උපුල් තරංගට තහනම් උත්තේජක ලබා දුන් බවට සැක කෙරෙන එලියන්ත වයිට්නුත් තවම නිදැල්ලේ පසුවෙයි.
බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ තහනම් උත්තේජක තොන්ඩුවට අසු වුයේ සිය මිතුරකුගේ වැරදි උපදෙස් මත පිටි වර්ගයක් පානය කිරීම නිසාවෙනි


[/FONT][/FONT]




ඒක හින්ද මේ වගේ විශේෂ කෙනෙක්ට බෙහෙත් දෙද්දි වගකීමෙන් කටයුතු කරන්න ඕනෙ...ඔය ඩොකා රාජපක්ෂ පවුලේ වෛද්‍යවරයා නිසා උට මොකුත් වෙන එකක් නෑ.ඒත් ලංකාවට දක්ෂ ක්‍රීඩකයෙක් නැතිවුනේ