උබලගේ පැති වලත් පාර කපලා බට දානවද මේ දවස්වල

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උබලගේ පැති වලත් පාර කපලා බට දානවද මේ දවස්වල වතුර දෙන්න කියලා ?
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    චන්දෙ දවසට කලින් දවසෙ ඩෝසරයක් නම් ඇවිත් පාර දෙපැත්ත සුද්ද කරනවා. හැම චන්දෙටම එහෙමයි. අපේ පැත්තේ පොහොට්ටුව උඩින් දින්නේ.:yes: ( බට දාල තියෙන්නේ )
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ පැත්තේ අවුරුදු 13ක් තිස්සේ පාර කපලා එක එක ජාතියේ බට දානව .. කඩනව හදනව..
    coordination ekak nathi kama gootha wesige puthalage
    marga sanwaradana ponnayo awilla carpet karala yanawa
    water board ponnayo awilla para kadala bata danawa
    mooda kari wesige puthala

    mula idala makala hadanna ona ratama
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,399
    1
    62,025
    113
    Mother Earth
    ඇයි බන් ඔය drainage, electricity wire, water pipes, telephone cables සේරම manhole එක ඇතුළෙන් යවන්න බැරි ? අනික එතකොට maintain කරන්නත් ලේසියිනේ. දන්න කෙනෙක් කියල දෙන්න. @hancok මහතා වෙත ප්‍රශ්ණය ඉදිරිපත් කරමි. :rolleyes2:
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මෙහෙනම් පාර කපලා හාල තියෙන්නෙ. සමහර තැන්වල කාපට් එකේ කක්කි කරලා වගේ අනේ. පාර කැපුවා උන්ගෙ වැඩේ කලා යන්තන් වැහුවා ගියා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බලන් යද්දි හැම පාරම ඔහොමයි.

    අපෙත් කාපට් එක දාලා මාස තුන හතරක් යද්දි වතුර දෙන්න කියලා කැපුවා. ඊටපස්සෙ අවුරුද්දක් දෙකක් පැත්තක වලක්. ආයෙ කාපට් කරා විතරයි මෙන්න ටොයිලට් ලයින් එකක් එලනවලු. දැන් ඒකත් ඉවරවෙලා ආයෙ කාපට් කරා ඒත් තැන තැන ආයෙ හාරනවා දවස දවස.

    ඊටත් හපන් වැඩේ තමයි එක එකා වතුර ගන්න පාර හරහා හාරන එක. හොඳ පාරවල් කඩලා ඒක නිකන් වැලි චුට්ටක් දාලා වහනවා. එක පාරක් වාහනෙ වැටිලා ටයර් එකක් ගියා.

    මේක නම් නීතියක් සැලැස්මක් නැති රටක්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පාර හදන්න කලින් ඔක්කොම බට දාලා වයරින් කරලා ඉවර කරනවයි කියන එක ප්‍රැක්ටිකල් නෑ. අනිවාර්යෙන්ම රෙපයාර් අප්ග්‍රේඩ් සඳහා හාරන්නම වෙනවා. පාර මැද්දෙන් නැතුව දෙපැත්තෙන් බට එලුවනම් ආයෙ මේන්ටේනන්ස් එකක් කරන්න කඩන්න උනොත් පාර කැඩෙන්නෙ නෑ. අනික් හේතුව පාරවල් හීනියට තියෙද්දි මුලින්ම වතුර බට කක්කුස්සි බට ඉලෙක්ට්‍රිකල් කේබල් ටෙලිෆෝන් කේබල් වලලනව පාර දෙපැත්තෙන්. පස්සෙ පාරවල් පළල් වෙනකොට අර බට ඔක්කොම පාර මැද්දේ. රෙපයාර් එකකට අප්ග්‍රේඩ් එකකට හාරන්න උනොත් පාර මැද හෑරෙන්නෙ එතකොට. ලොකුම අවුල තමයි කැඩුවට පස්සෙ හරියට රෙපයාර් නොකරන එක. කාපට් එක හාරලා ඊට පස්සෙ වල වහල නිකං කාපට් මික්ෂර් එක දාල අර පොඩි රෝලෙන් තලනවා. කාපට් දාන්නෙ මුලින්ම දාල ගානට කම්පැක්ට් කරල එහෙමනේ. අර කඩපු තැන යටින් ඒ රීන්ෆෝස්මන්ට්ස් මුකුත් නැති නිසා ලොකු වාහනයක් ගිය ගමන් බහිනවා. ගෙවල් වලට වතුර ගන්න හෑරුවට පස්සෙ අනිවාර්යයෙන්ම යටට ගල්කුඩු ටිකක් හරි දාල තලලා කොන්ක්‍රීට් ටිකක් දැම්මනම් ඉවරයි.