උබලටත් පුළුවන්!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    සුපිරි.. පාත් එකේ යන ගමන් අපිත්..👍

    අපෝ පුළුවන් බං.. මාතර කෙල්ලෙක් ඉනන්ව සෝෂල් මීඩිය ප්‍රමෝශන් කරන්නේ එක්තරා platform ඒකක.. එකී දැන් කෝටි 2 කට වඩා හොයලා තියෙන්නේ.. upwork සර්ච් කරාම එකී තමා ටොප් එන්නේ ඒ platform එකට අදාලව.. ඉතින් තමන්ගේ skills හදාගෙන වැඩේට බහපන්..👍
    ------ Post added on Aug 23, 2021 at 6:42 AM

    ඵළ මචං..thanks.
    නිකමට බන් කියන්නෙ (අරූ රිප්ලයි එකක් දෙනකන්), කෙල්ලෙක්ට පුළුවන් ඔය වගේ සල්ලි තියෙන එකෙක් එක්ක සෙට් වෙන්න

    Upwork වගේ platform එකක ඕන කෙනෙක්ට රෙජිස්ටර් වෙලා ජොබ් කරන්න පුළුවන්. සාර්ථකත්වය තියෙන්නෙ තමන්ගෙ අතේමයි. හරියට වෙලාවට, පළිවෙලට ජොබ් එක කරොත් කස්ටමර් ගෙන් හොඳ රිවිව් එකක් ගන්න පුලුවන්. හොඳ රිවිව් තිබ්බම ඊළඟ ප්‍රොජෙක්ට් එක ගන්න ලේසියි.

    ලංකාවෙ 8-5 මානසිකත්වයෙන් නම් ඕක කරන්න අමාරුයි. කෙල්ලෙක් ට උනත් කරන්න බැරි කමක් නෑ

    ඵළ මචං..thanks..
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    jaya wewa machan!! mageth target eka meka thamai. youtube walin tika tika igenagannawa tawama. kohoma hari gemak gahanna try karanawa
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    😍
    Seo/Content marketing kerenewada?
    Mata prashna tikak tiyenewa

    SEO විතරක් කරන්නෙ නෑ මචන්. හැබැයි බිස්නස් එකක් ප්‍රොමෝට් කරද්දි එක චැනල් එකක් විදිහට SEO කරනවා.

    අහපන් දන්න දෙයක් නම් කියලා දෙන්නම්.

    🙏🙏🙏💪

    නිකමට මචං අහන්නෙ..මේ වගේ දෙයක් කෙල්ලෙක්ට කරන්න බැරිද?මෙහෙම දෙයක් කරන්න නම් පොඩි කාලෙ ඉඳන් ඵයාලට හුරු කරන්න ඕන දේවල් මොනවද?අැත්තටම රටවල් ගානේ ගිහින් දුක් විඳිනවට වඩා මේ වගේ දෙයක් කරල ලංකාවෙ ඉන්න තියෙනවනම් ගොඩ නේ බං..

    මේ වැඩවලට එහෙම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අදාලම නෑ මචන්. උබ පොඩ්ඩක් Upwork ගිහින් බලපන් කොච්චර ඉන්දියාවේ, පකිස්ථානේ, බංගලාදේසෙ කෙල්ලො සහ ගෑනු සෝෂල් මීඩියා මාකටින් වගේ වැඩ කරනවද කියලා.

    එහෙම පොඩි කාලේ ඉදන් හුරුකරනවා නම් මචන් ඉංග්‍රීසි තමයි. ඊට අමතර ෆ්‍රෙන්ච්, ජර්මන් වගේ භාෂාවක් උගන්නන්න පුලුවන් නම් පට්ටම තමයි. මොකද අපි ඒ වගේ අමතර භාෂාවක් දන්නවා කියන්නෙ අපිට වෙනම දොරක් ඇරෙනවා කියන එක.

    ඊට පස්සෙ තියෙන්නෙ තමන් කැමති, තමන්ට පුලුවන් සහ ඒ වගේම හොද ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් හොයාගෙන ඒක ස්පෙෂලයිස් කරන්න ඕන. මේකෙදි එක සොෆ්වෙයා එකක්, නැත්තං එක ෆ්ලැට්ෆොම් එකක් නැතුව එක ඉන්ඩස්ට්‍රි එකක් අල්ලං ගියාම ඉන්කම් එක සස්ටේනබල්. නැත්තං අපි හිර වෙන්න පුලුවන්. උදාහරනයක් විදිහට සෝෂල් මීඩියා මාකටින් කරනවා නම් Pinterest විතරක් කරන්නෙ නැතුව තව Facebook, Instagram වගේ දෙක තුනක්වත් කරන එක. නැත්තං හදිසියෙවත් Pinterest නැවැත්තුවොත් ඔක්කොම ඉවරයි. හැබැයි මම මුලින්ම ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා වගේ ඒ හැම දෙයක්ම උපරිමයට ඉගෙනගන්න ඕන.

    ලංකාවෙ පරිඝනක අධ්‍යාපනයෙ පියා ලෙස හදුන්වන V.K සමරනායක මහත්තයගෙන් තමයි මම ඒ දේ ඉගෙන ගත්තෙ. :love:

    LoY3VQW.jpg

    Kadda nathi eka thamai awla machan

    කඩ්ඩ හදාගන්න ගමන් වැඩේට බැහැපන්. කඩ්ඩ බැහැයි කියන එක නිදහසට කාරනයක් නෙමෙයි.

    උදාහරනයක් විදිහට දැනට Google Translate එකයි, Grammarly එකයි පාවිච්චි කරපන්. Google Translate එකේ ඕන දේ සිංහලෙන් ගහලා ට්‍රාන්ස්ලේට් වෙලා එන එක Grammarly එකට දාලා ඒක තව හදලා ගනින්. තව ග්‍රැමර් ශුවර් නැති තැනක් තියෙනවා නම් ඒ කෑල්ල විතරක් ගූගල් කලාම ඕන තරම් හරි එක හොයා ගන්න පුලුවන්.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Ela..waddek..yako man 5 years walata hoyapu eka uba 5 months walin hoyalane...kora una bro .......guidance ekak denna puluwanda matath.....thanhawa newe putha asawa. :nerd: :love2:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Fiverr එකේ නෙමේ මචන්. මගෙ මාකටින් ඒජන්සි එකෙන් ක්ලයන්ට්ස්ලට කරන වැඩවලට මම පේමන්ට්ස් ගන්නෙ Upwork එකෙන්.

    ස්තූතියි මචන්! මම 2014 දි තමයි ජොබ් එකෙන් අයින් වෙලා මගෙ මාකටින් ඒජන්සි එක පටන් ගත්තෙ. මුලින්ම ටාගට් කලේ ලෝකල් මාකට් එක. ඒත් ඒක හරි ගියේ නෑ. මූලිකව අපේ උන්ගෙන් සල්ලි ගද්දි ගොඩක් අමාරු වුනා.

    ඊට පස්සෙ තමයි මම ෆ්‍රීලෑන්ස් කරලා හෙමීට ෆොරින් ක්ලයන්ට් බේස් එක හදාගත්තෙ. එතකොට දැන් අවුරුදු 7යි මාස 5ක් වෙනවා. මුලම අවුරුදු තුනේ තමයි උපරිම කට්ටක් කෑවෙ.
    උඹ රැකියාව විදියට කලෙත් ( මොකක්ද කියලා කියන්න උවමනා නැහැ )
    උඹ ඔය ෆ්‍රීලාන්ස් කරන ෆීල්ඩ් එකටම් අදාල වෙන රැකියාවක්ද ? නැතිනම් හාත්පසින්ම වෙනස් රැකියාවක්ද ?
     
    CL Gamage

    Junior member
  • May 20, 2021
    24
    42
    13
    මේක මේ ත්‍රෙඩ් එකට එතරම් අදාලත්වයක් නැති දෙයක් උනත්, මට පෞද්ගලිකව තියෙන ගැටළුවක් නිරාකරණය කරගන්න හිතල මේක පෝස්ට් කලේ .

    මම දැනට රාජ්‍ය ආයතනයක පුස්තකාලයක රැකියාවක නිරතයි. නමුත් මට වර්ථමාන රැකියාවට පෙර රැකියාවෙන් යම් කිසි පළපුරුද්දක් තිබෙනව. මට දැනගන්න අවශ්‍යයි ඒයින් ලබාගත් Skills වලින් මට ඔන්ලයින් රැකියාවක් කරල යම් කිසි ඉපයීමක් කරන්න පුළුවන්ද කියල.

    මම කලින් USA Business Process Outsource සමාගමක සේවය කලා, මගෙ Job එක Quality Controller. සහ Proof Reader කෙනෙකුට අදාල content verification task එක විතරක් කලා.

    අපිට USA වල ඉන්න (JP Morgan, Credit Suisse, Deutsche Bank, Morgan Stanley, etc) වගේ ක්ලයන්ට්ලා එවන word ඩොකියුමන්ට් එක ක්ලයන්ට්ගෙ Predefined style එකට Reformat කලාට පස්සෙ (Using our own software and tools) මගෙ job task එක පටන් ගන්නවා.

    මගෙ job task එක උනේ ඒ හදපු final ඩොකියුමන්ට් එක (pdf), ක්ලයන්ට් ඉල්ලපු style එකට 100% හරියටම තියෙනවද කියන එක චෙක් කරන එක. (Page formats, Font size & style, paragraph style, table heads, indentation, value alignment, table footnote, heading level & hierarchy, casing, page brakes, etc - 100% accurate and consistent)

    මේ රැකියාවට අදාල යම්කිසි ප්‍රාමාණික පළපුරුද්දක් මට තියෙනව කියල මට විශ්වාසයි. මට දැනගන්න අව්ශ්‍යයි මේ skills භාවිතා කරල යම් කිසි ඉපයීමක් ඔන්ලයින් කරන්න පුළුවන් ද සහ ඒ කොහොමද කියල.

    මේ ගැන මම Fiverr වගේ sites කිහිපයකම චෙක් කලත් මට හරි අවබෝදයක් ලැබුනේ නෑ.

    මේ පිළිබඳ අවබෝදයක් තියෙන කෙනෙක් හෝ උපදෙසක් තියෙන කෙනෙක් පිළිතුරක් දෙන්න කියල මම කාරුණිකව ඉල්ලනවා.

    :-) :-) :-)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761

    Accuracy balanne kohomeda?

    SEO විතරක් කරන්නෙ නෑ මචන්. හැබැයි බිස්නස් එකක් ප්‍රොමෝට් කරද්දි එක චැනල් එකක් විදිහට SEO කරනවා.

    අහපන් දන්න දෙයක් නම් කියලා දෙන්නම්..
    Sent PM machan
    ------ Post added on Aug 23, 2021 at 2:58 PM
     
    CL Gamage

    Junior member
  • May 20, 2021
    24
    42
    13
    Accuracy balanne kohomeda?

    Content වලට compare and verification ටූල් එකක් තිබුනා. ඔරිජිනල්, ක්ලයන්ට් ඩොකියුමන්ට් එකයි ෆයිනල් අපුට් පුට් එකයි කම්පෙයා කරන. තව, ඉස්සෙල්ල සඳහන් කරපු ඒරියා නම් අපේ ඇස් වලින් තමයි ශුවර් කරල බලන්නෙ. ශුවර් නැත්නම් සොෆ්ට්වෙයා එකෙන් ඕපන් කරල බලනව. (page size, font & sizes, font style, indentation. paragraph properties, table properties etc. කොහොමත් ෆයිනල් අපුට් පුට් එක ප්‍රින්ට් විව් එක තමයි. ප්‍රින්ට් කරාට පස්සෙ හරියට තියෙනවද කියන එක සහතිකවම දැනගන්නව.
     
    • Like
    Reactions: Kolama and dayt0na

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොරෝනා කාලෙත් ඇමරිකාවෙ සහ කැනඩාවෙ ට්‍රැවල් බිස්නස් ප්‍රොමෝට් කරලා ලංකාවට ඩොලර් 110,500ක් ගෙනාවා සිංහලු. ;)

    DM0TlEq.png

    අමාරුවෙන් චුට්ටක් හරි ඔලුව උස්සපු එකෙක්ගෙන් උපදෙසක් ගන්න උබ කැමති නම් මේ ටික සමහර විට උබට වැදගත් වෙයි. :rolleyes:

    1) ඉගෙනගන්න දෙයක් ඒකෙ උපරිමයටම ඉගෙන ගනින්. 70%ක් නෙමෙයි අඩුම 95%ක්වත්. මොකද 70%ක් දන්න එවුන් ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදිහට උබ Facebook Advertising කරනවා නම් නම් එකේ අන්තිම ගැට්ටෙ තියෙන features ටිකත් ඉගෙන ගනින්.

    2) තමන්ට හොදටම පුලුවන් දේ හරියටම තේරුම් අරගෙන ඒ දේ කරපන්. කම්පියුටරයට ලෝකෙ තියෙන සොෆ්ට්වෙයාර් ඔක්කොම ටික දාගෙන ඒ හැම දෙයක්ම කරන්න යන්න එපා.

    3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.

    අහන්න දෙයක් තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේම අහපන්. මැසේජස් බලන්නෙ නෑ.

    corona nisa job eka na ban
    ate wiyadamata tibba sallit iwaray
    nayata illa gannat kenek na
    puluwannam dollar 100 mage paypal ekata dapan machan pin sidda wenawa
    ubata tawa wadi wadiyen labenna ona ban
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ela..waddek..yako man 5 years walata hoyapu eka uba 5 months walin hoyalane...kora una bro .......guidance ekak denna puluwanda matath.....thanhawa newe putha asawa. :nerd: :love2:

    ස්තූතියි මචන්. මම කරපු විදිහ කිසිම දෙයක් හංගන්නෙ නැතුව මේ ත්‍රෙඩ් එකේ මම කියලා තියෙනවා මචන්. පොඩ්ඩක් කියවලා බලපන්. තව මොනාහරි දෙයක් අහන්න තියෙනවා නම් අහපන්.

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    උඹ රැකියාව විදියට කලෙත් ( මොකක්ද කියලා කියන්න උවමනා නැහැ )
    උඹ ඔය ෆ්‍රීලාන්ස් කරන ෆීල්ඩ් එකටම් අදාල වෙන රැකියාවක්ද ? නැතිනම් හාත්පසින්ම වෙනස් රැකියාවක්ද ?

    මම මචන් අවුරුදු දහයක් ලංකාවෙ කම්පැනි ගෲප් එකක වැඩ කලා. එතනට ජොයින් වුනෙ වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට. ඒත් මම ඒකේ වැඩ කරන ගමන් ඉන්ටනෙට් මාකටින්, SEO, Google Ads වගේ දේවල් ඉගෙනගෙන ඒයාලගෙ කම්පැනීස් ප්‍රමොට් කලා. කොහොමත් වෙබ් ඩිසයිනර් කෙනෙක් කරන SEO පාට් එකක් තියෙනවානෙ. ඉතින් ඒකට අමතරව මම අනික් මාකටින්වලට අදාල දේවලුත් කලා.

    ඊට පස්සෙ මම එතනින් අයින් වෙලා මගෙ මාකටින් ඒජන්සි එක තමයි පටන් ගත්තෙ. මම කලින් කිව්ව විදිහට මුලින්ම ලෝකල් මාකට් එකට තමයි මම වැඩ කලේ. ඒත් අපේ උන් එක්ක වැඩ කරන්න අමාරු නිසා ෆ්‍රීලෑන්ස් කරලා හෙමීට ෆොරින් ක්ලයන්ට් බේස් එකක් හදාගත්තා.

    දැන් මම ෆ්‍රීලෑන්ස් කරන්නෙ නෑ බං. බිස්නස් එක ප්‍රොමෝට් කරං, ඒකේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරං, පුලුවන් හැම වෙලේම අලුත් දෙයක් ඉගෙනගෙන ඉන්න එක තමයි කරන්නෙ.

    මේක මේ ත්‍රෙඩ් එකට එතරම් අදාලත්වයක් නැති දෙයක් උනත්, මට පෞද්ගලිකව තියෙන ගැටළුවක් නිරාකරණය කරගන්න හිතල මේක පෝස්ට් කලේ .

    මම දැනට රාජ්‍ය ආයතනයක පුස්තකාලයක රැකියාවක නිරතයි. නමුත් මට වර්ථමාන රැකියාවට පෙර රැකියාවෙන් යම් කිසි පළපුරුද්දක් තිබෙනව. මට දැනගන්න අවශ්‍යයි ඒයින් ලබාගත් Skills වලින් මට ඔන්ලයින් රැකියාවක් කරල යම් කිසි ඉපයීමක් කරන්න පුළුවන්ද කියල.

    මම කලින් USA Business Process Outsource සමාගමක සේවය කලා, මගෙ Job එක Quality Controller. සහ Proof Reader කෙනෙකුට අදාල content verification task එක විතරක් කලා.

    අපිට USA වල ඉන්න (JP Morgan, Credit Suisse, Deutsche Bank, Morgan Stanley, etc) වගේ ක්ලයන්ට්ලා එවන word ඩොකියුමන්ට් එක ක්ලයන්ට්ගෙ Predefined style එකට Reformat කලාට පස්සෙ (Using our own software and tools) මගෙ job task එක පටන් ගන්නවා.

    මගෙ job task එක උනේ ඒ හදපු final ඩොකියුමන්ට් එක (pdf), ක්ලයන්ට් ඉල්ලපු style එකට 100% හරියටම තියෙනවද කියන එක චෙක් කරන එක. (Page formats, Font size & style, paragraph style, table heads, indentation, value alignment, table footnote, heading level & hierarchy, casing, page brakes, etc - 100% accurate and consistent)

    මේ රැකියාවට අදාල යම්කිසි ප්‍රාමාණික පළපුරුද්දක් මට තියෙනව කියල මට විශ්වාසයි. මට දැනගන්න අව්ශ්‍යයි මේ skills භාවිතා කරල යම් කිසි ඉපයීමක් ඔන්ලයින් කරන්න පුළුවන් ද සහ ඒ කොහොමද කියල.

    මේ ගැන මම Fiverr වගේ sites කිහිපයකම චෙක් කලත් මට හරි අවබෝදයක් ලැබුනේ නෑ.

    මේ පිළිබඳ අවබෝදයක් තියෙන කෙනෙක් හෝ උපදෙසක් තියෙන කෙනෙක් පිළිතුරක් දෙන්න කියල මම කාරුණිකව ඉල්ලනවා.

    :-) :-) :-)

    උබ වැඩ කලේ Innodata වගේ තැනකද මචන්? උන් වගෙ උන් වැඩ කරන්නෙ මහා පරිමානෙ වැඩ තියෙන ලොකු කම්පැනිවලට. ඒ වගේ තියෙන ලොකු වැඩක් ගොඩක් කට්ටිය දාලා කරන එක තමයි උන් කරන්නෙ.

    ඒත් මචන් ඒ වගේ වැඩ අපිට තනියම හෝ ෆ්‍රීලෑන්ස් සයිට්ස්වලින් හොයාගන්න ගොඩක් අමාරුයි. එක්කො තනි කෙනෙක්ට ඒ වගෙ වැඩක් ෆ්‍රීලෑන්ස් සයිට්වල තිබුනත් එක්කො ඒකෙ රේට් එක ගොඩක් අඩුයි.

    ඒක නිසා මම නම් උබට රෙකමන්ඩ් කරන්නෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල්ස් ටිකක් හදාගෙන වැඩේට බහින්න කියලයි.

    Sent PM machan
    ------ Post added on Aug 23, 2021 at 2:58 PM

    රිප්ලයි කලා මචන්.