උබලට ගමේ මිනිස්සු මොන වගේ කතාද හදලා තියෙන්නේ?

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    උඹලට මතකද දන්නෑ ඉස්සර highway accidents වුණ මුල් කාලේ.කොහොමහරි 3 or 4 accident එක වුණ කාලේ.අපේ ගෙදරට ගෙවල් 3ක් වගේ එහායින් තියෙන ගෙදර වෑන් accident එකකින් ඒ මාමයි,අපේ වයසේ කෙල්ලයි නැතිවුණා.අම්මයි, ලොකු කෙල්ලයි බේරුණේ.ඒ ගෑනිගේ කොන්දට එහෙම damage වෙලා ගොඩක් කල් ඉද්දී අපේ අම්මලා තමයි ඒවට කරන්න ඕනේ දේවල් කියලා,ඒ බෙහෙත් දාන ඒවට ඔක්කොම උදව් කලේ.ඒ uncle නැති වුණ දවසෙත් මහ රෑ කරාපිටි ගිහින් ඒවත් හොයලා බැලුවේ අපේ parents ලා.(Nurses la nisa enawa udau illan.)අපි විතරක් නෙවේ ගමේ හැමෝමත් උදව් කලා උන්ට.(සල්ලි තියෙනවා, ඒත් හොඳ වෙනකං ගමේ උන් සැප සනීප ඔක්කොම බැලුවා.)පස්සේ ගෑනි වෙන මනුස්සයෙක් බැන්දා.ඒ uncle නං හරි හොඳ කෙනෙක්.ඒත් මෙයාට කාලයක් යද්දී කලගුණ අමතක වුණා.අපේ ගෙට එහාපැත්තෙ හිටපු ඇන්ටි සෑහෙන එයාලා ගැන බලපු කෙනෙක්.පස්සේ එයත් සම්බන්ධකම් අතෑරියා උන් එක්ක.ගිය අවුරුද්දේ දවසක මට අපේ ලොකු අම්මා කිව්වේ.මං ඒ ලෙවල් skip කරලා පස්සේ year එකේ ලියන්න හිටපු කාලේ.අර ගෑනි එහා ගෙදර ඇන්ටි එක්ක කියලා තිබ්බලු මං fail වෙලා ගෙදරට වෙලා ඉන්නේ කියලා.තව මොනවා කිව්වද දන්නෑ.ඒ ඇන්ටි අපිව දන්න නිසා ඒකත් කිව්වේ.ඒ ඇන්ටි කියලත් ඒ ළමයා තාම කරේ නැහැ කියලා ආපහු කිව්වලු නෑ fail කියලා.හැබැයි මහ ලොකු දූ පොඩ්ඩ 23 දිම marry කරා.උන් හිතන් ඉන්නේ අපි උන්ට ඕනේ කාලෙට ඔක්කොම කරනවා කියලා.දැන් එයාගේ හැටි දන්න නිසා ගොඩක් අය එයා එක්ක නෑ වැඩිය.අදටත් බෙහෙත් අහං එනවා ඒ වුණාට මෙහේ.මං මූණවත් බලන්නෑ.අපේ අම්මලට කිව්වත් අහන්නෑ ඔයා කරන්න යන්නෙපා කියලා.කොහෙත්ම ඕක බොරුවක් නෙවේ.මොකද ඔයිට වඩා ඒවා මිනිස්සුන්ට කියන්න පුළුවන් ගෑනියෙක් ඒ.
    PS:-සමහරු කියනවනේ ලංකාව මරු කියලා.කාළකණ්ණි අසල්වැසියෝ සහ නෑදෑයෝ ඉන්න උන්ට නං ඒක එහෙම නෑ.සල්ලි තිබ්බත් එහෙමයි.නෑදෑ සෙට් එක ගැන වෙනම කියතැහැකි.ගෙදර අය ඕකුන් උඩ දාන් හිටියට මට නං පේන්න බෑ.
     
    Last edited: