<< උබලත් මෙහෙමද ? >>

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    << උබලත් මෙහෙමද ? >>


    negative-L008-512.png

    මේක එක්තරා ආකාරයක රස කතාවක්

    මචන් මමනම් ටිකක් කට්ටිය එක්ක අඩුවෙන් කතා කරන්නේ
    මට ඇත්තමට කතාවක් ලොකුවට continue කරගෙන යන්න තේරෙන්නේ නෑ නේ බන්
    උදාහරණයක් විදියට office එකේ හිතපන්කෝ එච්චරම ෆිට් නැති පොරක්ව lunch ගද්දී සෙට් වුනාම ඌත් එක්ක ලොකුවට කතාවක් කරගෙන යන්න මට බෑ ඔයි :angry:. මම යාලුවෝ නැති එකෙක් නෙමෙයි. හොද යාලුවෝ සෙට් වුනාමනම් කතාවේ ඉවරයක් නෑ :lol:. ඒත් මම දැකලා තියෙනවා සමහර පොරවල් ඉන්නවා ඕනෙම මිනිහෙක් එක්ක මොනාහරි කතා කරලා උන් එක්ක පට්ට ෆිට් එකක් හදාගන්න ඩයල්. ඒක උගේ social වීමේ හැකියාව වෙන්න ඇති.
    අනිත් එක තමයි කව්රුහරි මාත් එක්ක කතා කලේ නැත්තම් මාත් පැන පැන කතා කරන්නේ නැහැ . හැබැයි මම එහෙම ආඩම්බර පොරක් නෙමෙයි . පරණ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටියා එකී මාත් එක්ක කතා කරන්නෙත් නැහැ මම ඒකී එක්ක කතා කරන්නෙත් නැහැ . අන්තිමට අපි දෙන්නා මුණවත් බලන්නේ නැති වුනා :sorry:. හැබැයි කල්පනා කරලා බැලුවොත් අපි දෙන්නා තරහ වගේ හිටියට එකට කිසිම හේතුවක් නැහැ . දෙන්නගෙම තියෙන ආඩම්බර කම . කොල්ලෙක් තමයි කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනේ . හැබැයි මම හොදටම දන්නවා මම කතා කලානම් එයත් මාත් එක්ක කතා කරනවා . කෙල්ලෝ විතරක් නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැති.
    මේක අපි එක එක්කෙනා සමාජයේ හැසිරීම අනුව වෙනස් වෙනවා . සමහර මිනිසුන්ට පුදුම හැකියාවක් තියෙනවා කතාවෙන් මිනිස්සු අල්ලගන්න .
    මම දන්නවා අනිවාර්යෙන් කිරියේ මේ වගේ අය ඉන්නවා කියලා
    ඕගොල්ලෝන්ගේ අත් දැකීම් බෙදාගන්නකෝ
    ඕගොල්ලෝ මේක මග ඇරගන්නේ කොහමද
    ඔව් ඔව් කරන්න දෙයක් නැහැ FAKE තියෙන්නේ මේවට තමයි :rofl::P
     
    Last edited:
    • Like
    Reactions: priyade

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මමත් එහෙම තමා ඉතින්...
    අනිත් අය වගේ හේතුවක් නැතුව කතා කරන්න වචන එන්නේ නෑ. :(
    ඉතින් ගොඩක් තැන් වලදී නිහඬයි. :)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    boru hari kamak na ohe kiyawapan oya lapa kota wage. tika kalayak yanakota hariyai:D:D:yes::yes:;);):D:D
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔහොම ම තමයි. :yes:
    මමත් එක්ක හොඳට කතා කර කර හිටිය කෙල්ලෙක් කුත් මුණ වත් බලන්නේ නැති උනා අන්තිමට. එකී මුලදී මට කැමැත්තෙන් වගේ ඉඳලා තියෙන්නේ. මගේ ලොකු line නේ ඔක්කොටම වඩා. :lol: දැන් නම් අපරාදේ කියලා හිතෙනවා.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඉස්සර මම හිනා වෙන්නෙත් නෑ බං මිනිස්සු එක්ක.
    දැන් තමයි ටිකක් කතා කරලා ඉන්නෙ.
    එ්ත කෙල්ලො එක්ක කතා කරන්නේ නෑ තාම.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට කෙල්ලන්ගේ මුහුන බලාගෙන කතා කරන්න බැරි අවුලක් තියෙනවා. අයි කන්ටැක් වලදි අවුල් යනවා
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කාලකන්නි කම තමා බං. මාත් ඔහොමයි. මට කැමති කෙනෙක් ්්න්්නි
    නිතර නිතර කෝල් කරා මට කියන්න දෙයක් නෑ. හුම් හුම් ගානවා විතරයි. අන්තිමට එයත් කතා නැති උනා. මම කතා කරන්නෙ නෑ කියලා තරහත් උනා. කියන්න දේවල් එන්නෙම නෑ බං සමහර වෙලාවට. ඒත් ඕන නැති වෙලාවට මොකක් හරි ගොන් කතාවක් කියලා පච වෙන වෙලාවල් තියෙනව:growl::(
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මම නම් උබ තරම් අන්තගාමී වෙලා නෑ. සිරාවට සමහර කෙල්ලන්ට වඩා කොල්ලො ඉන්නව හෙන ලොකුකම. මූණ වත් බලන්නෙ නෑ. පට්ටම ලොකු කම සමහරු කවදාවත් ජීවිතයට දෙයක් ලැබිච්ච නැති හෙන කොන් වෙලා ඉදපු උන් උන්ගෙ පට්ටම හීන මානයක් තියෙන්නෙ. අනිත් උන්ව ගනන් ගන්නේ නැතුව ලොකුවෙන් ඉදලා ඒක පිරිමහ ගන්න දගලනවා. සමහරක් උන් ඉන්නවා ලොකු family නැත්නම් හොදට status තියෙන උන්. උන් කැමති නැතුව ඇති අනිත් උන් එක්ක සේම් ලෙවල් ඉන්න. තවත් ජාතියක් ඉන්නවා ඔය දෙකට ම නෑ ඒ උනාට තියෙන පඩේට කතා කරන්නෙ නෑ. කොහොම උනත් මට නම් ඕකුන් ඔක්කොම පේන්න බෑ. මාත් ගනන් නොගෙන ඉන්නවා. හැබැයි එහෙම වෙන්න තවත් හේතු තියෙනව. උදවු කරන්න ගියාම ඔළුවට අත හෝදන්න එනවා. නිකං සමහර වෙලාවට දෙකයි පනහට දාලා කතා කරනව වගේ දේවල් නිසාත් තුට්ටූ දෙකේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි. ඔය අලි පඩෙන් ඉන්න උන් එක්ක මම උනත් කතා කරන්න කැමති නෑ කවුරුත් සකන්ඩ් වෙන්න අකමැති සීන් එකක් තියෙනවා නේ. හැබැයි මට හිතෙනවා මොනව උනත් පාඩුවෙ ඉන්න එක හොදයි කියලා ඇගලුම්කම් පාන්න ගිහින් ඉල්ලන් පරිප්පු කනවට වඩා.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    You are probably an introvert. Perhaps an INFP like me

    Try searching for myers briggs 16 personalities.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ලන්ච් බඩියෝ එක්ක නම් වැඩි කතා බහක් නෑ බන්. විශේශ්යනේ අපේ ඔෆිස් වල කෙල්ලෝ කතා කරොත් කතා කරනවා. උන් එක්ක එක අතකට කතා කරන්න දෙයකුත් නැහැ, ඉතින් මුණ දැක්කත් හිනා වෙලා යනවා මිසක් කතා බහක් නම් නෑ.. ඉන්නේ අවස්තවදියෝ කියල දැනගත්තොත් කොහොමත් කතාබහක් නෑ පාඩුවේ ඉන්න එක හොඳයි එක එක උට්ටවල් වලට කට දාන්නේ ය එන්නේ නැතුව
     

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    එලකිරියෙ සීයට අනූවක්ව ඉන්නෙ එහෙම අය. මේකට ඇවිල්ල ලොකුකං කියව කියව ඉන්නව.යාලුවො සෙට් වෙනවනං මේකෙ රගන්න වෙලාවක් ඉතිරිවෙන්නෙ නෑ.