උබල කොච්චර ලොකු කතා කිවුවත් ඔය නෑදෑයො ගැන උබලට අමතක වෙච්ච දෙයක් තියනව ඒ තමා අමතක කරන්න එපා උබත් තව කාගෙ හරි නෑදෑයෙක් කියන එක. එතකොට දැන් ඔය උබල උබේ නෑදෑයොන්ට අනන් මනන් කියනව වගේ උනුත් උබ ගැන හිතනව ඇත්තෙ මෙහෙම,
"අර අරූ අර බාප්පගෙ පුතා ලොකු අම්මගෙ පුතා අප්ප මහ කුණා ඕක සක්කිලියෙක් ගෑණු පස්සෙ යන ගෑණු පෙරේතයෙක්. ඔය අපිට් කිවුවෙ නැති උනාට රස්සාවෙන් අස් කරල තියෙන්නෙ ලොකු වැරැද්දකට අහු වෙලාලු පේනව නේද හිමිජ්ජෙක් වගේ ඉදල කරල තියෙන දේවල්."
ඔන්න ඔය වගේ දේවල් උබලටත් මූණට කියන්නෙ නැති උනාට අනිත් උන් ඉස්සර ඕන තරන් කියනව ඇති දැන් උබ උබේ නෑදෑයො ගැන කියනව වගේ.
ඒ නිසා උබල උබේ නාදෑයොන්ගෙ ඇදයි උන් ඉන්න හැටියි උන් උබලට කරන්නෙ මෙහෙමයි කියල හොයන්න කලින් තමං හැදිල ඉදපන්. තමං හොද එකෙක් කියල නෑදෑයින්ට දැනෙන්න ඉදපන්.
ඒ කියන්න් හිතපන් අන්ත කුජීත චාටර් නෑදෑයෙක්ගෙ කටින් උනත් උබ හොද එකෙක් කියල තව කෙනෙක්ට කියන ගානට තමුන් හැදිල ඉදපන්. ඒ කියන්නෙ මෙහෙම, උබලට ඉන්නව කියල හිතපන් තැන තැන කියවන කට වාචාල නැන්දල ලොකු අම්මල උදවුවක්වත් කරන්නෙ නැති බාප්පල මහප්පල. උන්ගෙ කටින් මෙහෙම
කියවෙනව නං උබල නැති තැන
" මොනව උනත් අර අය්යගෙ කොල්ල හොද එකා ඕන වෙලාවක උදවුවක් කරනව තැනැක් නොතැනක් බලල, කිසිම ලොකු කමක් නෑ "
ඔන්න ඔහොම කියන තැනට උබ වෙනස් වෙලා ඉදපන් අනිත් උන් ගැන කියවන්න කලින්. සමහරවිට ඒ නෑදෑයන්ගෙ තියෙන ලොකු කමටයි ඉරිසියාවටයි උබ හොදයි කියල කාටවත් නොකිය ඉන්නත් පුළුවන් එහෙම කිවුවාම උන්ගෙ තත්ත්වෙට හොද නෑ උන් පල් උනා වගේ හිතල. හැබැයි උන්ගෙ හිතේ තියනව උබ හොදයි කියන එක.
ඒ නිසා අනිත් නෑදෑයො ගැන කියවන්න කලින් තමනුත් නෑදෑයෙක් තව කාගෙ හරි කියන එක අමතක කරන්න එපා සහ උබ නෑදෑයෙක් විදිහට උබ හැසිරිල තියෙන්නෙ කොහොමද කියලත් හිතල බලපන්.
කුකුල් බෙටිත් බේතට ඕන වෙනව. තමනුත් හොදින් ඉදල සතා කවුද කියලත් අදුරගෙන තේරුම් අරගෙන ශේප් එකේ ඉන්න දැන ගන්න ඕන. සහ උබ හොදට සල්ලි හොයන සල්ලි තියෙන එකෙකුත් වෙයන්. ඒක කිවුවෙ එක හේතුවකට. ඒක උබට එහෙම තියෙන දවසක තේරෙයි
ඔය මම නං එක නෑදෑයෙගෙ ගෙදරවත් යන්නෙ නෑ මට නං අනිත් උන් ගැන වැඩැක් නෑ අපිට මොකටද වගේ පූහු කතා කියන්නෙ තේරුමක් නැති කම නිසා