ඔයා නෑ කිව්වට මට නම් කොලිටි එක සෑහෙන දියුණු වෙලා, ගමන් බිමන්, ඉවිලි පිහිලි, රෙදි හේදිලි සෑහෙන පහසු වෙලා.
ඒකයි ඔය කොලිටි ඔෆ් ලයිෆ් එක සාපේක්ෂ එක්කෙනාගෙන් එක්කෙනාට.
හැබැයි කොලිටි එක ආර්ථික දියුණුවට ගැට ගැහිලා, ඒකයි ඉතින් දියුණුව කිව්වම ආධ්‍යාත්මික දියුණුව ගැන කවුරුත් කියන්නේ නැත්තේ. ආධ්‍යාත්මික දියුණුව මේ ලයිෆ් එක ගැනම නෙමේ නේ, එහෙනම් compromise between the quality of this life and next life or whatever you believe after death, වගේ කොලිටි දෙක්ක බැලන්ස් එකක් ගැන කතා කරන්න වෙනවා.
අලුත් කාර් පරන කාර් එකට වඩා ඉන්ධන කාර්‍ය්යක්ශමතාවයක් තියෙනවා කියල කාර් එකට එකක් සංසන්දනය කරලා කිව්වැකි. ඒත් අලුත් කාර් එක හදන්න වෙනුවෙන් වැය වුනු මුලු වියදමයි, ඒ අනාගත කාර් වෙලදාම ඇපේට තියල ගත්ත ණය ගෙවීමට වෙන ආර්තික ප්‍රසාරණයට අවශ්‍ය ශක්ති පරිභෝජනය ගත්තම, ආර්තික දියුණුව කියන්නෙ හැම වෙලේම ශක්තිය පර්භෝජනය වැඩි වෙන දිහාවට යන දෙයක්. මේක කිව්වෙ නැත්තං ඉලෙක්ටික් කාර් ගත්තම සැපයි පරිසරයයි දෙකම හරි කියල කවුරු හරි කියන නිසා.
ඉතින් ඔය කියන සරල ජීවිතය ගන්න බෑ පර්භෝජනය අඩු නොකර, මොකද පර්භෝජනය වැඩි වෙද්දි පරිසරය රකිනවා කියන එක විහිලුවක් නේ.
එංගලන්තේ එහෙ කුනු මෙහේ පටවලා එහේ පරිසරය රකිනවා.
පරිභෝජන අඩු කරන්න කෙසේ වෙතත් වැඩි කිරීම අඩුවෙන් කරන් ඉන්න නන් පරන කාර් බස් පාවිච්චි කරන්න වෙනවා. මේ පරන කිව්වෙ ලංකාවේ පරන බස් කාර් නෙමේ.
මේකෙන් මේ ආණ්ඩුව වාහන ගේන එක නවත්තපු එක ගැනත් නෙමෙයි කියන්නේ, ආර්තික දියුණුවයි ඔය කියන සරල ජීවිතෙයි යන්නේ දෙපැත්තට කියල.
ඒකට දේශපාලකයො කොච්චර වගකියන්න ඕනද?
මිනිස්සු චන්දෙ දෙන්නේ ඉල්ලන අයට, අද වැදගත් අයට ඊට වඩා වැදගත් වැඩ ඇති තම තමන්ගේ ව්‍යාපාරයක් මොකක් හරි කරගෙන ඉන්න.
ඒ කාලේ වැදගත් අය පාර්ලිමේන්තු යැව්වා කිව්වාට අද වාගේ ඒ ගොල්ලොන්ගේ කුනු කන්දල් කවුරුත් අවුස්සලා නෑ වෙන්නත් පුලුවන්, ඉතින් අපිට වැදගත් විදියට පේනවා.
අද තම තමන්ම ලීක් කරගන්නවා නේ නැත්තං අමතක වෙලා යයි කියල බයට

.
දියුණුව කියන්නේ බොහෝවිට ලංකාවේ මිනිස්සු පිටරටක් ( බටහිර පන්නයේ) වගේ ලස්සන පාරවල්, අලුත් බස් කෝච්චි , ඕන කියල හිතන බොහොම දල හිතුවිල්ලක්, ඒක හරියට මොකක්ද කියල කාටවත් කියන්න බෑ, කට්ටියකට ජපානේ වගේ කට්ටියකට සිංගප්පූරුව වගේ තව කට්ටියකට නෝර්වේ "වගේ" වෙන එක තමයි මේ දියුණුව කියල කියන්නේ.
ඔය කියන කාර් බස් කෝච්චි සැප පහසුකම් වලට අපිට ගෙවන්න වෙන වටිනාකම (රුපියල් මිල නෙමෙයි) තීරණය වෙන්නේ ඒවා නිශ්පාදනය වෙන රටවල ආර්තිකය අනුව මිසක් අපේ ඉල්ලූම උඩ පමණක්ම නෙමෙයි. අපිට ඒවා හරි ලේසියෙන් මිලදී ගන්න පුලුවන් දේශපාලකයො ටික මාරු කරා නම් කියල ඉතින් කෙනෙකුට කියන්න පුලුවන්. එහම මාරු කරනකල් ඉතින් දේශපාලකයො උඩ නෙමෙයි මේක තියෙන්නෙ කිව්වට ඔප්පු කරන්න බෑ නේ.
රුසියාවේ විප්ලවය තමයි දැනට හොදම උදාහරනෙ දේශපාලකයො මාරු කරා කියල හරි යන් නෑ කියන්න. තාවකාලිකව හරි තිබුන ආර්තික දියුණුව නැති කරගෙන ආපහු දහනව වෙනි සියවසේ මුල තිබුන තත්වෙටම වැටුනා. තාවකාලිකව හරි (අනිත් උන් යුද්ධ වලට හිර වෙලා ) 19 සියවසේ අන්තිමට රුසියාව මුලු යුරෝපයේම තුන් වෙනි ශක්තිමත් ආර්තිකය. ඒත් ඉතිහාසය පුරාවට ගත්තම එහෙම ශක්තිමත් ආර්තිකයක් තිබුන රටක් නෙමෙයි ජර්මනියෙන් බටහිර රටවල් එක්ක සංසන්දනය කරාම. අද රුසියාවේ ආර්තිකය ඉතාලියේ ප්‍රමාණය වගේ.
චීන්නුත් උඩට ආවේ කොමියුනිස්ට් පක්ශේ නිසා කියල කෙනෙක් කියයි, ඒත් ශක්තිමත් ආර්තිකයක් කොහොමත් චීනෙට තිබුනානේ අබිං යුද්ධ පරදින්න කලින්, මේකට කොමියුනිස්ට් පක්ශයේ බලපෑම් අපි හිතනවාට වඩා අඩුයි.
තමන්ගේ රටේ ආර්තිකයේ තැන තීරණය වෙන්නෙ අනිත් අයට දුවන්න පුලුවන් වේගෙත් එක්කම තමන්ට කොච්චර වේගෙන් දිව්වැකිද කියන එක උඩ. ඉතින් අපි අර ඉස්සරහින් දුවන රටවල් වගේ වෙන්න ඕන කියල හිතව්වට අපි ඒගොල්ල ඉන්න තැනට එද්දි ඒගොල්ල තව ඉස්සරහා.
ආයෙම ඉතින් අඩන්න වෙනවා අර රට වගේ වෙමූ කියල. හයියෙන් දුවන්න බැරි නම් හොදම වැඩේ කකුල් මාට්ටු දාන එක පහු කරන් යන්න යන උන්ව

.
බොහොමයක් රටවල් වලට දැන් දුවන වේගේ තමයි පුලුවන් වේගේ.
ඇයි සිංගප්පූරුව වගේ දේශපාලකයො එක්ක වෙනස් වෙන්න බැරි කියන කට්ටියක් ඉන්නවා, ඒවාට ඉතින් උත්තර නෑ.
මේ ආර්තික රේස් එකේ අපිට ඉස්සරහින් දුවන රටවල් අපිට ඉස්සරහට ඇවිත් හැමෝටම පේන්න උජාරුවට දුවන්න උදව් කරනකල් අපි බලන් ඉන්නවා

.
ප.ලි
ජපානෙ කොරියාව ගැන කතාව ඔයා සෑහෙන හරි, ඒත් ජපානෙ බෞද්ධ රටක් කිව්වට ලොකු වෙනස්කම් තියෙනවා ලංකාවේ බුද්ධාගම එක්ක. ජපානෙ මේ නූතන දියුණුව ගන්න කලින් හෙන දුප්පත් රටක් එහම නම් නෙමෙයි.
ජපානෙ ඇත්තටම බටහිර මිනිස්සු එන්න කලින් ඉදන්ම සෑහෙන ශක්තිමත් රටක් ආර්තික සංස්කෘත අතින්. චීන්නුන්ටත් යටත් නොවී ඕන වෙලවක ගහන්න රෙඩි පිට හිටපු රටක්.
Michio Morishima කියල ඔසාකා විශ්වවිද්‍යාලේ ආර්ථික මහාචාර්ය කෙනෙක්ගේ ප්‍රසිද්ධ පොතක් තියෙනවා හොයාගෙන බලන්න.
මැක්ස් වෙබර් තමයි වැඩ්ඩා බටහිර උන් රේස් එකේ ඉස්සරහට පැනපු හැටි ගැන කියපු, මාක්ස් එහම නෙමේ.