උබලා රට දියුණු වෙනවට කැමතිද ?

රට දියුණු වෙනවා දකින්න කැමති පහත කොයි විදියටද ?

  • Total voters
    140

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ තියෙන්න ඔනි .
    නීතිය කාටත් එකක් වෙන්න ඔනි .
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන එක තියෙන්න ඔනි .
    පාර අතු ගාන ජොබ් එකක් උනත් කරලා ගොඩ යන්න පුළුවන් ආර්ථිකයක් තියෙන්න ඔනි.
    ඒ වගෙම කොයි ජොබ් එකක් උනත් කරන්න පුළුවන් මානසිකත්වයක් හැදෙන්න ඔනි .
    ඒ කිව්වෙ උඹ මහාචාර්‍ය උනත් උඹට කැමතිනම් පාර්ට් ටයිම් ගැරජ් එකක වැඩ කරලා වැඩියෙන් කීයක් හරි හොයා ගන්න පුළුවන් තත්වයක් තියෙන්න ඔනි .
    අධ්‍යාපනයෙ නිදහස තියෙන්න ඔනි නිදහස් අධ්‍යාපනය නැතුව .
    හැම දේටම මුදලක් තියෙන්න ඔනි .
    නිකන් දෙන එක තෙරුමක් නැහැ .
    මුදලට ගන්න උනත් ආර්ථික ශක්තියක් තියෙන්න ඔනි.

    අන්න මෙ කාරණා ඉෂ්ඨ වෙනවනම් මන් රට දියුණු කරන්නෙ කොයි පක්ෂෙද කියන එක අදාලම නැහැ.

    දියුණුව කියන්නෙ තඩි පාරවල් ,උස බිල්ඩින් ,සැටලයිට් යැවීම් වගෙ දෙවල් විතරක්ම නෙමෙ.
    එව්ව කරන්නෙ අර උඩින් කිව්ව වාතාවරණෙ හදලා .

    ඵොහොට්ටුව් මහින්දගෙ ප්‍රතිරූපෙ උඩ ගොඬ නැගුනෙ.
    ඊනියා සිංහල බෞද්ධ කමකුත් එකෙ තවරගෙන තියෙනවා.
    කීයටවත් උන්ගෙන් බැහැ දියුණුව බලාපොරොත්තු වෙන්න.

    සමඟි ජන බලවේගය කියන්නෙ රනිල් එක්ක තරහාට යු ඇන් පී එකෙන් කැඩිලා හැදිච්ච පක්ෂයක් .
    සජිත් ට කැපැසිටි එකක් නැහැ කිසිම .ගෙවල් හදන්න විතරයි දන්නෙ.
    ඒක නිසා පොරගෙනුත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    පාඨලී ට නම් හොඳ දැක්මක් තියෙනවා ,දැනුමත් තියෙනව.
    එත් අර ගොඩක් නායකයන්ට වෙනවා වගෙ රටෙ මුල් පුටුවට ආපුවහම සේරම අමතක වෙලා පිස්සු කෙලින්න ගනිවිද කියන සැකය තියෙනවා.

    ජේ ආර් උනත් ජනාධිපති උනහම බුල කෙලියානෙ ?

    එතකොට කාටද බං රට දියුණු කරන්න පුලුවන්?
    පොහොට්ටුවෙන් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැරි සිංහල බෞද්ධ හින්දද?
     
    • Dislike
    Reactions: hasithayad

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ තියෙන්න ඔනි .

    දැන් අවුරුදු පනහ පහු කරපු කෙනෙක් ගෙන් කොලිටි ඔෆ් ලයිෆ් එක මීට අවුරුදු තිහකට හතලිහකට සාපේක්ෂව කොහොමද කියල ඇහුවොත් සෑහෙන හොඳයි කියයි නේ.

    ඔව් ඉතින් නෙදර්ලන්තේ ඩෙන්මාර්කේ එහෙම ගිහින් ආව මනුස්සයෙක් ගෙන් එහෙම අහව්වොත් නම් කොලිටි නෑ කියයි.

    සාපේක්ෂයි නේද ඔය කොලිටි එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    එතකොට කාටද බං රට දියුණු කරන්න පුලුවන්?
    පොහොට්ටුවෙන් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැරි සිංහල බෞද්ධ හින්දද?
    පොහොට්ටුවෙ ඇති සිංහල බෞද්ධ කමක් නැහැ .ඊනීයා සිංහල බෞද්ධ .
    මොකද මහින්දගෙ මුණුපුරාවත් භෞතිස්ම කරපු එකෙ පොහොට්ටුවෙ බෞද්ධ කම ගැන කතා කරලා වැඩක් නැහැ .

    මහින්දගෙ ප්‍රතිරූපෙ තමා පොහොට්ටුවෙ ආයුකාලය .
    මහින්ද ගොඩනගන්නෙ තමන්ගෙ පුතාගෙ අනාගතය .
    මහින්ද ඉන්නකන් පොහොට්ටුව තියෙවි .

    සිංහල බෞද්ධ චින්තනයත් එක්ක අපි උබලා හිතන කොලිටි එක දියුණුව ලබා ගන්න බැහැ .
    ඒක පේනවානෙ ථෙරවාද බුද්ධාගම තියෙන රටවලුයි අනිකුත් බෞද්ධ කියන රටවලුයි ගත්තාහම දියුණුවක් නැහැ නෙ ?
    කොරියාවයි,ජපානෙයි විතරයි යම් දියුණුවක් තියෙන්නෙ. එත් උන්ගෙ රටෙත් සියදිවි හානි කරගැනීමෙ වෙගෙ වැඩී.
    එක නිස ඒ දියුණුව තේරුමක් නැහැ.
    දැන් අවුරුදු පනහ පහු කරපු කෙනෙක් ගෙන් කොලිටි ඔෆ් ලයිෆ් එක මීට අවුරුදු තිහකට හතලිහකට සාපේක්ෂව කොහොමද කියල ඇහුවොත් සෑහෙන හොඳයි කියයි නේ.

    ඔව් ඉතින් නෙදර්ලන්තේ ඩෙන්මාර්කේ එහෙම ගිහින් ආව මනුස්සයෙක් ගෙන් එහෙම අහව්වොත් නම් කොලිටි නෑ කියයි.

    සාපේක්ෂයි නේද ඔය කොලිටි එක.
    අපො නැහැ.
    ගොඩක් මිනිස්සු ඒ කාලෙ තිබ්බ සරල කමට කැමති.
    යුද්ධය ,ජේ වී පී කලබල වගෙ දේවල් ඇරුණහම මිනිස්සු සන්තොසෙන් හිටියා අදට වඩා .
    සොභාවික දේවල් කෑවා බීවා.
    අද බලපන් පිලිකා ලෙඩ්ඩු සාමන්‍ය දෙයක් .
    ඒ කාලෙ පිළිකා ලෙඩෙක් කියලා කියන්නත් බයයි මිනිස්සු .
    හේතුව දුර්ලභ ඝනයෙ දෙයක් .
    අඩු වයසෙන් මිනිස්සු මැරෙන්නෙ .
    එදාට වඩා අද හොඳ ඉතිං පාරවල් ටිකයි ,බිල්ඩින් ටිකයි තමා.
    එත් ඉතිං කෝච්චි තාම එහෙමම තමා.
    බස් ටිකත් තාම එහෙම්මම තමා.

    ඒ වගෙම අද වාහන තියෙනවා මිනිස්සුන්ට ,ගෙවල් තියෙනවා
    එත් ලොකු ගෙවල් තිබ්බාට වාහන තිබ්බාට මිනිස්සුන්ගෙ කොලිටි එකක් පේනවාද ?
    නැහැ නේද ?
    මිනිස්සුන්ගෙ ගොබ්බ කම් එහෙම්මමයි .
    බලපන් අපි ඡන්දෙ දෙන්නෙ මොන වගෙ උන්ට ද කියල.
    ඒ කාලෙ මිනිස්සු වැදගත් මිනිහෙක්ව පාර්ලිමෙන්තු ඇරියා.
    අද උන් ඡන්දෙ දෙන්නෙ මිනිමරුවන්ටයි ,ස්ත්‍රී දූෂකයන්ටයි .
    හොරකම් කිරීම එලි පිට වෙන්නෙ .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,643
    113
    1) අම්මා අප්පච්චි ඉඳිද්දි වෙන කුණු දේශපාලුවෙකුට අම්මා, අප්පච්චි කියනවනං ඒ රට නොදියුණුයි.
    2) අතිශය පුද්ගලික කාරණයන් වූ ආගම ඇදහීම රජයේ කාර්යයක් කරගන්නවා නම් ඒ රට නොදියුණුයි.
    3) එක් ආණ්ඩුවක් තිබියදී උසාවියෙන් වරද කරවකු වූ චෝදනා ලැබූවකු තව ආණ්ඩුවක් පැමිණි විට නිදහස් වේනම් ඒ රට නොදියුණුයි.
    4) හොරු අල්ලංඥං කියා බලයට පැමිණ හොරුන්ට සැප දෙනවනං ඒ රට නොදියුණුයි.
    5) දැං ඉන්න හොරු හොඳ නෑ කියල පරණ හොරුන්ටම බලය දෙනවනං ඒ රට නොදිියුණුයි.
    6) ආණ්ඩුවේ වැරදි ආණ්ඩුවම පිලිගනිද්දිත්, නෑ නෑ ආණ්ඩුව හරි කියල කියන වහල්ලු ඉන්නව නම් ඒ රට නොදියුණුයි.
    7) එක් ආණ්ඩුවක් බලයට පත් වීගසම ඔවර් ඇක්ටින් දඟලනා වෙලා බිත්ති පාට කරන ජනතාවක් ඉන්නව නම් ඒ රට නොදියුණුයි.
    8) දින 100න් රටක් හැදෙයි කියලා හිතන ජනතාවක් ඉන්නව නම් ඒ රට නොදියුණුයි.
    9) මිනී මරුවන්, හොරුන්, කුඩු කාරයින් කියලා දැන දැනම පාර්ලිමෙන්තු යවන ජනතාවක් ඉන්න රට නොදියුණයි.
    10) කුණු දේශපාලුවෙකුට බනින කොට ඇඟේ කටු අනිනවා වගේ දැනෙන ජනතාවක් ඉන්න රට නොදියුණුයි
     
    • Like
    Reactions: topkollek

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පොහොට්ටුවෙ ඇති සිංහල බෞද්ධ කමක් නැහැ .ඊනීයා සිංහල බෞද්ධ .
    මොකද මහින්දගෙ මුණුපුරාවත් භෞතිස්ම කරපු එකෙ පොහොට්ටුවෙ බෞද්ධ කම ගැන කතා කරලා වැඩක් නැහැ .

    මහින්දගෙ ප්‍රතිරූපෙ තමා පොහොට්ටුවෙ ආයුකාලය .
    මහින්ද ගොඩනගන්නෙ තමන්ගෙ පුතාගෙ අනාගතය .
    මහින්ද ඉන්නකන් පොහොට්ටුව තියෙවි .

    සිංහල බෞද්ධ චින්තනයත් එක්ක අපි උබලා හිතන කොලිටි එක දියුණුව ලබා ගන්න බැහැ .
    ඒක පේනවානෙ ථෙරවාද බුද්ධාගම තියෙන රටවලුයි අනිකුත් බෞද්ධ කියන රටවලුයි ගත්තාහම දියුණුවක් නැහැ නෙ ?
    කොරියාවයි,ජපානෙයි විතරයි යම් දියුණුවක් තියෙන්නෙ. එත් උන්ගෙ රටෙත් සියදිවි හානි කරගැනීමෙ වෙගෙ වැඩී.
    එක නිස ඒ දියුණුව තේරුමක් නැහැ.

    මචං, නියම සිංහල බෞද්ධ සංස්කෘතියෙ කොහෙවත් කියල නැහැ අනිත් ආගම්, ජාතීන් ප්‍රතික්ශේප කරන්න, හෙලා දකින්න කියල (ඔලුවට අත හෝදල යනකං බලං ඉන්න කියන එක නෙමෙයි අදහස් කරේ).
    මුණුපුරා බෞතීස්ම කරපු එකෙන් ඒක තව දුරටත් තහවුරු වෙනව.

    මහින්දගෙ ප්‍රතිරූපෙ තමා පොහොට්ටුවෙ ආයුකාලය කියන එකේ සෑහෙන ඇත්තක් තියෙනව.
    ඔතන බලන්න ඕනෙ මහින්ද ප්‍රතිරූපෙ හදාගත්තෙ කොහොමද කියල...
    අනිත් දේශපාලුවො වගේ මහින්ද ඡන්දෙ දින්නට පස්සෙ නිකං පිස්සු කෙල කෙල හිටියෙ නෑ, අවුරුදු 30ක් තිස්සෙ ජීවිත 70,000ක් විනාශ කරපු,
    රුපියල් කෝටි දස දහස් ගනනක් කාබාසීනියා කරපු, විදේශ ආයෝජකයො එන එක නවත්තපු, සියලු දේශීය ව්යාපාර වලට සෘජුව බලපාපු,
    එතෙක් හිටපු සහ දැනටත් ඉන්න සියලු දේශපාලකයන්ට කිසිම උත්තරයක් නොතිබුන, මුලු ලෝකෙම ඉවර කරන්න බැහැ කියපු යුද්දෙ ඉවර කරා (දේශපාලන කුහකත්වය නිසා සුලුතරයක් මේක සුලුවෙන් තැකුවත් බහුතරයට මේක හොඳට මතකයි සහ වැදගත් කම තේරෙනව).
    රට දියුණු කරන්න පුලුවන් සුලු හෝ හැකියාවක් තියෙන්නෙ එවැනි දෙයක් ඇත්තටම කරල පෙන්නපු අයට මිසක්, විපක්ශෙ ඉන්නකොට කටින් බතල හිටවල, බොරු කියල බලය ගත්තට පස්සෙ නිකං පිස්සු කෙල කෙල ඉන්න අයට නෙමෙයි කියන එකයි මගේ පුද්ගලික මතය.

    ලෝකෙ ථේරවාදී බෞද්ධයො සැලකිය යුතු ප්‍රමානයක් ඉන්න රටවල් තියෙන්නෙ 5ක් විතර, ඒකෙන් 3ක් දියුණු රටවල්.
    කොහොමද එතකොට ඒක දියුණුවට බලපානව කියන්නෙ?
    කොරියාව ජපානෙට වැඩිය සියදිවි නසා ගන්න රටවල් හුඟක් තියෙනව.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    පොහොට්ටුවෙ ඇති සිංහල බෞද්ධ කමක් නැහැ .ඊනීයා සිංහල බෞද්ධ .
    මොකද මහින්දගෙ මුණුපුරාවත් භෞතිස්ම කරපු එකෙ පොහොට්ටුවෙ බෞද්ධ කම ගැන කතා කරලා වැඩක් නැහැ .

    මහින්දගෙ ප්‍රතිරූපෙ තමා පොහොට්ටුවෙ ආයුකාලය .
    මහින්ද ගොඩනගන්නෙ තමන්ගෙ පුතාගෙ අනාගතය .
    මහින්ද ඉන්නකන් පොහොට්ටුව තියෙවි .

    සිංහල බෞද්ධ චින්තනයත් එක්ක අපි උබලා හිතන කොලිටි එක දියුණුව ලබා ගන්න බැහැ .
    ඒක පේනවානෙ ථෙරවාද බුද්ධාගම තියෙන රටවලුයි අනිකුත් බෞද්ධ කියන රටවලුයි ගත්තාහම දියුණුවක් නැහැ නෙ ?
    කොරියාවයි,ජපානෙයි විතරයි යම් දියුණුවක් තියෙන්නෙ. එත් උන්ගෙ රටෙත් සියදිවි හානි කරගැනීමෙ වෙගෙ වැඩී.
    එක නිස ඒ දියුණුව තේරුමක් නැහැ.

    අපො නැහැ.
    ගොඩක් මිනිස්සු ඒ කාලෙ තිබ්බ සරල කමට කැමති.
    යුද්ධය ,ජේ වී පී කලබල වගෙ දේවල් ඇරුණහම මිනිස්සු සන්තොසෙන් හිටියා අදට වඩා .
    සොභාවික දේවල් කෑවා බීවා.
    අද බලපන් පිලිකා ලෙඩ්ඩු සාමන්‍ය දෙයක් .
    ඒ කාලෙ පිළිකා ලෙඩෙක් කියලා කියන්නත් බයයි මිනිස්සු .
    හේතුව දුර්ලභ ඝනයෙ දෙයක් .
    අඩු වයසෙන් මිනිස්සු මැරෙන්නෙ .
    එදාට වඩා අද හොඳ ඉතිං පාරවල් ටිකයි ,බිල්ඩින් ටිකයි තමා.
    එත් ඉතිං කෝච්චි තාම එහෙමම තමා.
    බස් ටිකත් තාම එහෙම්මම තමා.

    ඒ වගෙම අද වාහන තියෙනවා මිනිස්සුන්ට ,ගෙවල් තියෙනවා
    එත් ලොකු ගෙවල් තිබ්බාට වාහන තිබ්බාට මිනිස්සුන්ගෙ කොලිටි එකක් පේනවාද ?
    නැහැ නේද ?
    මිනිස්සුන්ගෙ ගොබ්බ කම් එහෙම්මමයි .
    බලපන් අපි ඡන්දෙ දෙන්නෙ මොන වගෙ උන්ට ද කියල.
    ඒ කාලෙ මිනිස්සු වැදගත් මිනිහෙක්ව පාර්ලිමෙන්තු ඇරියා.
    අද උන් ඡන්දෙ දෙන්නෙ මිනිමරුවන්ටයි ,ස්ත්‍රී දූෂකයන්ටයි .
    හොරකම් කිරීම එලි පිට වෙන්නෙ .

    ඔයා නෑ කිව්වට මට නම් කොලිටි එක සෑහෙන දියුණු වෙලා, ගමන් බිමන්, ඉවිලි පිහිලි, රෙදි හේදිලි සෑහෙන පහසු වෙලා.
    ඒකයි ඔය කොලිටි ඔෆ් ලයිෆ් එක සාපේක්ෂ එක්කෙනාගෙන් එක්කෙනාට.
    හැබැයි කොලිටි එක ආර්ථික දියුණුවට ගැට ගැහිලා, ඒකයි ඉතින් දියුණුව කිව්වම ආධ්‍යාත්මික දියුණුව ගැන කවුරුත් කියන්නේ නැත්තේ. ආධ්‍යාත්මික දියුණුව මේ ලයිෆ් එක ගැනම නෙමේ නේ, එහෙනම් compromise between the quality of this life and next life or whatever you believe after death, වගේ කොලිටි දෙක්ක බැලන්ස් එකක් ගැන කතා කරන්න වෙනවා.

    අලුත් කාර් පරන කාර් එකට වඩා ඉන්ධන කාර්‍ය්යක්ශමතාවයක් තියෙනවා කියල කාර් එකට එකක් සංසන්දනය කරලා කිව්වැකි. ඒත් අලුත් කාර් එක හදන්න වෙනුවෙන් වැය වුනු මුලු වියදමයි, ඒ අනාගත කාර් වෙලදාම ඇපේට තියල ගත්ත ණය ගෙවීමට වෙන ආර්තික ප්‍රසාරණයට අවශ්‍ය ශක්ති පරිභෝජනය ගත්තම, ආර්තික දියුණුව කියන්නෙ හැම වෙලේම ශක්තිය පර්භෝජනය වැඩි වෙන දිහාවට යන දෙයක්. මේක කිව්වෙ නැත්තං ඉලෙක්ටික් කාර් ගත්තම සැපයි පරිසරයයි දෙකම හරි කියල කවුරු හරි කියන නිසා.
    ඉතින් ඔය කියන සරල ජීවිතය ගන්න බෑ පර්භෝජනය අඩු නොකර, මොකද පර්භෝජනය වැඩි වෙද්දි පරිසරය රකිනවා කියන එක විහිලුවක් නේ.
    එංගලන්තේ එහෙ කුනු මෙහේ පටවලා එහේ පරිසරය රකිනවා.
    පරිභෝජන අඩු කරන්න කෙසේ වෙතත් වැඩි කිරීම අඩුවෙන් කරන් ඉන්න නන් පරන කාර් බස් පාවිච්චි කරන්න වෙනවා. මේ පරන කිව්වෙ ලංකාවේ පරන බස් කාර් නෙමේ.
    මේකෙන් මේ ආණ්ඩුව වාහන ගේන එක නවත්තපු එක ගැනත් නෙමෙයි කියන්නේ, ආර්තික දියුණුවයි ඔය කියන සරල ජීවිතෙයි යන්නේ දෙපැත්තට කියල.
    ඒකට දේශපාලකයො කොච්චර වගකියන්න ඕනද?

    මිනිස්සු චන්දෙ දෙන්නේ ඉල්ලන අයට, අද වැදගත් අයට ඊට වඩා වැදගත් වැඩ ඇති තම තමන්ගේ ව්‍යාපාරයක් මොකක් හරි කරගෙන ඉන්න.
    ඒ කාලේ වැදගත් අය පාර්ලිමේන්තු යැව්වා කිව්වාට අද වාගේ ඒ ගොල්ලොන්ගේ කුනු කන්දල් කවුරුත් අවුස්සලා නෑ වෙන්නත් පුලුවන්, ඉතින් අපිට වැදගත් විදියට පේනවා.
    අද තම තමන්ම ලීක් කරගන්නවා නේ නැත්තං අමතක වෙලා යයි කියල බයට 🤣.

    දියුණුව කියන්නේ බොහෝවිට ලංකාවේ මිනිස්සු පිටරටක් ( බටහිර පන්නයේ) වගේ ලස්සන පාරවල්, අලුත් බස් කෝච්චි , ඕන කියල හිතන බොහොම දල හිතුවිල්ලක්, ඒක හරියට මොකක්ද කියල කාටවත් කියන්න බෑ, කට්ටියකට ජපානේ වගේ කට්ටියකට සිංගප්පූරුව වගේ තව කට්ටියකට නෝර්වේ "වගේ" වෙන එක තමයි මේ දියුණුව කියල කියන්නේ.

    ඔය කියන කාර් බස් කෝච්චි සැප පහසුකම් වලට අපිට ගෙවන්න වෙන වටිනාකම (රුපියල් මිල නෙමෙයි) තීරණය වෙන්නේ ඒවා නිශ්පාදනය වෙන රටවල ආර්තිකය අනුව මිසක් අපේ ඉල්ලූම උඩ පමණක්ම නෙමෙයි. අපිට ඒවා හරි ලේසියෙන් මිලදී ගන්න පුලුවන් දේශපාලකයො ටික මාරු කරා නම් කියල ඉතින් කෙනෙකුට කියන්න පුලුවන්. එහම මාරු කරනකල් ඉතින් දේශපාලකයො උඩ නෙමෙයි මේක තියෙන්නෙ කිව්වට ඔප්පු කරන්න බෑ නේ.

    රුසියාවේ විප්ලවය තමයි දැනට හොදම උදාහරනෙ දේශපාලකයො මාරු කරා කියල හරි යන් නෑ කියන්න. තාවකාලිකව හරි තිබුන ආර්තික දියුණුව නැති කරගෙන ආපහු දහනව වෙනි සියවසේ මුල තිබුන තත්වෙටම වැටුනා. තාවකාලිකව හරි (අනිත් උන් යුද්ධ වලට හිර වෙලා ) 19 සියවසේ අන්තිමට රුසියාව මුලු යුරෝපයේම තුන් වෙනි ශක්තිමත් ආර්තිකය. ඒත් ඉතිහාසය පුරාවට ගත්තම එහෙම ශක්තිමත් ආර්තිකයක් තිබුන රටක් නෙමෙයි ජර්මනියෙන් බටහිර රටවල් එක්ක සංසන්දනය කරාම. අද රුසියාවේ ආර්තිකය ඉතාලියේ ප්‍රමාණය වගේ.
    චීන්නුත් උඩට ආවේ කොමියුනිස්ට් පක්ශේ නිසා කියල කෙනෙක් කියයි, ඒත් ශක්තිමත් ආර්තිකයක් කොහොමත් චීනෙට තිබුනානේ අබිං යුද්ධ පරදින්න කලින්, මේකට කොමියුනිස්ට් පක්ශයේ බලපෑම් අපි හිතනවාට වඩා අඩුයි.

    තමන්ගේ රටේ ආර්තිකයේ තැන තීරණය වෙන්නෙ අනිත් අයට දුවන්න පුලුවන් වේගෙත් එක්කම තමන්ට කොච්චර වේගෙන් දිව්වැකිද කියන එක උඩ. ඉතින් අපි අර ඉස්සරහින් දුවන රටවල් වගේ වෙන්න ඕන කියල හිතව්වට අපි ඒගොල්ල ඉන්න තැනට එද්දි ඒගොල්ල තව ඉස්සරහා.
    ආයෙම ඉතින් අඩන්න වෙනවා අර රට වගේ වෙමූ කියල. හයියෙන් දුවන්න බැරි නම් හොදම වැඩේ කකුල් මාට්ටු දාන එක පහු කරන් යන්න යන උන්ව 🤣.
    බොහොමයක් රටවල් වලට දැන් දුවන වේගේ තමයි පුලුවන් වේගේ.
    ඇයි සිංගප්පූරුව වගේ දේශපාලකයො එක්ක වෙනස් වෙන්න බැරි කියන කට්ටියක් ඉන්නවා, ඒවාට ඉතින් උත්තර නෑ.

    මේ ආර්තික රේස් එකේ අපිට ඉස්සරහින් දුවන රටවල් අපිට ඉස්සරහට ඇවිත් හැමෝටම පේන්න උජාරුවට දුවන්න උදව් කරනකල් අපි බලන් ඉන්නවා 🤣.

    ප.ලි
    ජපානෙ කොරියාව ගැන කතාව ඔයා සෑහෙන හරි, ඒත් ජපානෙ බෞද්ධ රටක් කිව්වට ලොකු වෙනස්කම් තියෙනවා ලංකාවේ බුද්ධාගම එක්ක. ජපානෙ මේ නූතන දියුණුව ගන්න කලින් හෙන දුප්පත් රටක් එහම නම් නෙමෙයි.
    ජපානෙ ඇත්තටම බටහිර මිනිස්සු එන්න කලින් ඉදන්ම සෑහෙන ශක්තිමත් රටක් ආර්තික සංස්කෘත අතින්. චීන්නුන්ටත් යටත් නොවී ඕන වෙලවක ගහන්න රෙඩි පිට හිටපු රටක්.
    Michio Morishima කියල ඔසාකා විශ්වවිද්‍යාලේ ආර්ථික මහාචාර්ය කෙනෙක්ගේ ප්‍රසිද්ධ පොතක් තියෙනවා හොයාගෙන බලන්න.
    මැක්ස් වෙබර් තමයි වැඩ්ඩා බටහිර උන් රේස් එකේ ඉස්සරහට පැනපු හැටි ගැන කියපු, මාක්ස් එහම නෙමේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,643
    113
    උපත් පාලනය කරන්නේ නැතිව නම් මේ රට ලොවෙත් දියුණු කරන්න බෑ. ඕං මං කිව්වා. :yes:
     
    • Like
    Reactions: hasithayad

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    ඔබට හැගෙන පරිදි ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමවේදය මොකද්ද ?

    සංවර්ධිත රටක නිර්ණායක ටිකවත් අපිට ලගාකරගන්න බලමු ඉස්සරලාම අනෙක් අතට සර්ව සම්පුර්ණ තත්වයේ මොනම රටක් වත් නැහැනේ සංවර්ධිත රටවලත් ඒ ඒ රටට අවේනික හා පොදුවේ පවතින ප්‍රශ්න තියෙනවා

    පරිබෝජනය සදහා යුද්දයක් යන්නනේ සංවර්ධිත රටවල් ඒකෙ පෙරමුණේ ඉන්නේ පාරිබෝජනය අඩුවීම ජනගහනය හා මිලදී ගැනීමේ හැකියාවට අනුලෝමව සමානුපතිකයි
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    මගේ මතය...

    රට කියල අලුතෙන් හදන්න දෙයක් නෑ .................. මිනිස්සුයි හෙදෙන්න ඕන.......(ආකල්ප ඇතුළුව .......)

    මිනිස්සු තමන්ගෙන් රටට වෙන්න ඕන වගකීම හරියට කරනවානම් රට ඉබේම හැදිලා ඉවරයි......

    උදා ......
    මිනිසසු හැදුන කාලෙක පාර්ලිමේන්තු යන්න ඕන දේශපලකයින් හරියට තෝරවී ......
    අල්ලස් දෙන්න පැකිලේවී
    අල්ලස් ගන්න පැකිලේවී
    මර්ගනීති පිලිපදිවී
    කුණු ටික හරි කරාවි
    රජයේ සේවකයෝ තමන්ගේ වැඩේ හරියට කරවී....
    බ්ලා බ්ලා බ්ලා
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඔබට හැගෙන පරිදි ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමවේදය මොකද්ද ?

    සංවර්ධිත රටක නිර්ණායක ටිකවත් අපිට ලගාකරගන්න බලමු ඉස්සරලාම අනෙක් අතට සර්ව සම්පුර්ණ තත්වයේ මොනම රටක් වත් නැහැනේ සංවර්ධිත රටවලත් ඒ ඒ රටට අවේනික හා පොදුවේ පවතින ප්‍රශ්න තියෙනවා

    පරිබෝජනය සදහා යුද්දයක් යන්නනේ සංවර්ධිත රටවල් ඒකෙ පෙරමුණේ ඉන්නේ පාරිබෝජනය අඩුවීම ජනගහනය හා මිලදී ගැනීමේ හැකියාවට අනුලෝමව සමානුපතිකයි

    ඔව් සර්ව සම්පූර්ණ රටකුත් නෑ, සර්ව සම්පූර්ණ විසදුමුත් නෑ, හැම වෙලේම tradeoff එකක් නේ ගන්න පුලුවන්. අපිට කොච්චර පරිභෝජනය කරා නම් ඇතිද කියල හිතන්න පුලුවන් බුද්ධිමත් ජනතාවක් අවශ්‍යයි.

    ආර්තික ක්‍රමය මොකක් උනත් මහා වෙනසක් වෙන් නෑ සෙන්ට්‍රල් ප්ලෑනින් වගේ බහුබූත වැඩ නොකරනවා නම්. රටේ මහා ලොකු ස්වභාවික සම්පත් නෑ, මාකට් එකත් පොඩි නිසා ආණ්ඩුව මොකක් කරත් මහා ලොකු පෙරලියක් වෙන් නෑ. හැබැයි රටේ රාජ්‍ය සේවයේ බර වැඩි ඒකෙන් වෙන්නෙ බදු මුදල් රාජ්‍ය පඩි වෙනුවෙන් වියදම් වෙනවා වැඩි. එක වැර වෙනස් කරන්න බෑ. විදුලි ඒකකය මිල පහල ගේන්න පුලුවන් නම් හොඳයි මිනිස්සුන්ට රාජ්‍ය සේවයෙන් එලියට එන්න හිතන්න හරි පුලුවන්. බදු ක්‍රමයත් අසාධාරණයි ස්වයං රැකියාවක හෝ පුද්ගලික ව්‍යාපාරයක අයිති කෙනෙකුට. මේවා එක ආණ්ඩුවකින් කරන්න බෑ, මොකද ඊලග චන්දෙ පරදිනවා රාජ්‍ය සේවය එක්ක කොකු දාගත්තොත්.
    දැනුම් ආර්ථිකයක් හදන්න ඕන කතාව නම් මම පිලිගන්නේ නෑ, ඒත් එලකිරියේ බොහොම ජනප්‍රිය විසදුමක් නේ. දැනුම් ආර්ථිකයක් නම් ජාන ඉන්ජිනේරු වැඩ වලට යන්න ඕන, ඒත් ඒවාට අපිට අත ගහන්න තාක්ශනයේ අයිතිය තියෙන රටවල් ඉඩ දෙන්නෑ. දේශපාලකයො කියන කතාවලින් ලස්සනම එක තමයි ඕක.🤣

    ජනගහනය අඩු වෙනවා ලෝකෙම ගත්තම , අප්‍රිකාව ඇරුනම අනිත් රටවල් වල අඩු වෙන කලාවට හැරිල තියෙන්නෙ.
    (හැබැයි ජනගහනය අඩු කරන්න ඕන කියන අයට අමතක වෙනවා අඩු ජනගනයකින් ඔවුන් වයසට යන විට පෙන්ශන් ගෙවන්න ඕන බදු මුදල් එකතු කරන්න මිනිස්සු අඩු වෙන බව.)
    ලොකු යුද්ධ නැති නිසා හැම රටකම වගේ මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් හැම රටකම වැඩි වෙනවා නේ.
    ඒත් ඉතින් බලශක්තිය වෙනුවෙන් තරගය නවතින්නේ නෑ , මොකද ඒවා බෙදිලා තියෙන්නෙ අතිශය අසමානව සහ සීමිතයි. ඉස්සරහම දුවන අය බලන්නේ මේවා ඉවර උනාම ඊලගට තියෙන දේ අයිතිය දැන්ම වෙන් කරගන්න.

    ප්‍රශ්නය තියෙන්නෙ ආර්ථික දියුණුව වෙනුවෙන් අපි කැප කරන ජලසම්පතයි , ආහාර නිශ්පාදන හැකියාවයි දවසක රටේ/ලෝකේ මිනිස්සුන්ගේ අවශ්‍යතවය සපුරන්න බැරි දවසකට එයිද කියන එක. ජල ප්‍රශ්නය මුලින් එන්න ඉඩ වැඩි.

    ලංකාවට වැදගත් දේ, රටේ ලමයින්ගේ පෝෂණ මට්ටම සහ සාමාන්‍ය ශරීර නිරෝගීකම ඉහලට ගේන්න ඕන ( ජිම් යන එක විතරක නෙමෙයි ). නිරෝගී මිනිස්සු සතුටින් ඉන්නවා වෙන ජීවත තර්ජන නැතිනම්.
    නිරෝගී ලමයින් දැන් පරම්පරාවට වඩා බුද්ධිමත් වෙයි කියල බලාපොරොත්තු වුනෑකි, ඔවුන් ඉස්සරහට තියෙන ප්‍රශ්න දැන් පරම්පරාවට වඩා හොදින් කලමනාකරය කරයි.
    ප්‍රශ්න විසදගන්න පුලුවන් ජනතාවක් නැති නම් ඉතින් ඉදිරි පරම්පරා වල දක්ශයෝ මොනවා හරි විශයක් ඉගෙන ගෙන පිටරට පදිංචියට යයි.
     
    • Like
    Reactions: Dr Sue

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mama kemathi methek kall palanaya nokarapu jvp ekatath eka parak hari deela, eeta passe weradinang baninda, awurudu 70kma kelpu unta aye denda kisi uwamanawak ne
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ලංකාව දියුණු කරන්න පුලුවන් කියල හිතනවද මේ රටේ ඉන්න මිනිස්සු එක්ක???? මොන මගුල කරත් කවුරුහරි විරුද්ධයි. රටට බරක් වෙච්ච රාජ්‍ය ආයතන පවුද්ගලීකරනය කරොත් රජයේ සේවකයො රෙද්ද උස්සන් එනව පිකටින් කරන්න. නොරච්චෝලේ වගේ රටේ ආර්තිකයට හිතකර ජනන වියදම් අඩු බලාගාර හදද්දී පරිසරවේදියො කියන උන් විරුද්ධයි. හැබැයි ඒ බලාගාර නවත්තල අධික වියදමට ඩීසල් බලාගාර හදද්දී උන් සද්ද නෑ. පරිසර හානිය වෙනසකුත් නෑ. කුණු ප්‍රශ්නෙට කොහේහරි විසදුමක් දෙන්න හදනකොට ඒකටත් විරුද්ධයි. මංතීරු නීතිය වගේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන ක්‍රම මෙහේ කරනව තියා අත්හදා බලනවටත් විරුද්ධයි. ලියනවනම් තව දිගට ලියන්න පුලුවන් හැබැයි තේරුමක් නෑ.
     
    100% true but can’t agree though we must find way

    there is a saying

    nothings come freely specially good things
     
    • Like
    Reactions: wtsamantha

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ජීවිතේ ලස්සනම කාලෙ දියුනුයි කියන රටක අවුරුදු ගානක් හිටිය. මම දැකපු දේවල් ,වින්ද අත්දැකීම් එක්ක දියුනුව කියන්නෙ ඇත්තටම ඒක නම් මම කැමති නෑ ලංකාව දියුණු වෙනවට :(
     
    • Like
    Reactions: wtsamantha

    Sen-lu

    Well-known member
  • දැනුත් මොන ආණ්ඩුව තිබුනත් රට ටික ටික දියුණු වෙන එක තමා වෙන්නෙ අපේ උන්ට තියෙන දේ අගයක් නෑ නෙ, නැති එකමයි හොයන්නෙ.
    Quality of life කියන එක නම් මුළු ලෝකෙම වැඩිවෙලා තියෙන්නෙ. UN එක ළඟදි කරපු research එකකට අනුව 2030 වෙන්කොට අන්ත දරිද්‍රතාවය( abject poverty) ලෝකෙන් තුරන් වෙනව. මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය උසස් උන එක ලංකාව පාලනය කරපු උන්ගෙ හොඳකමකට උන දෙයක් නෙවෙයි.

    හැමදේකින්ම ලංකාව ඉස්සර හිටියට වඩා ගව් ගානක් පස්සට ගිහින් ඉන්නෙ. කොටින්ම පඩි ගෙවන්නත් ණයට ගන්න තත්ත්වෙකට වැටිලා කියන්නෙ තව මොන කතාද. ළඟකදි කරපු එක successful project එකක් නෑ, ඔක්කොම පුස්.

    අපේ උන්ට තියෙනදේ අගයක් නෑ කියන එකටත් මම එකඟනෑ. ඕවා ඉතින් විස්තර කරන්න ගියොත් පත රචනාවක් ලියන්න වෙනව. තියේන එකම දුක මේ රට මෙතන නෙවෙයි තියෙන්න ඕනි. මේක හරිනම් තායිවානෙ වගේ තියෙන්න ඕනි රටක්.
     
    • Like
    Reactions: Dr Sue

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    100% true but can’t agree though we must find way

    there is a saying

    nothings come freely specially good things
    Only 2 options left

    1.Vision එකක් එක්ක දරුණු ඒකාධිපතියෙක් ඇවිත් ගොන් වස්සො ටික බලෙන් දක්කගෙන යන්න ඕනෙ.

    2.රටේ ජනතාව තමුන්ම හිතල හැදෙන්න ඕනෙ. සම්පූර්ණයෙන් ආකල්ප වෙනසක් පක්ශ වලට බැලමෙහෙවර නොකරන, වහල්ලු නොවන, දියුණු මනසකින් යුත් ජනතාවක් බවට ඔවුන්ම හිතල පත් වෙන්න ඕනෙ. (ඒත් දියුණු රටක ගියාම ඒ නීති රීති අකුරටම පිලිපදින සමහරු මෙහෙ ආවම හැසිරෙන්නෙ අන්තිම අශික්කිත විදියට).