උබලා 13 ට එකගද? බලය බෙදන එකට...

උබලගේ මතේ මොකද්ද?

  • 13 හොදයි. සහය දෙනවා.

  • 13 නපුරුයි. අපි විරුද්දයි.

  • මොකද්ද 13 කියන්නේ?

  • අදාල නෑ. ඕන දෙයක් කරගත්තවේ.


Results are only viewable after voting.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..


    ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..


    රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති පරිදි තවත් සති කිහිපයක් ඇතුළත දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ජාතික ජන බලවේගය එකගද නැති ද යන කාරණය අප්‍රමාදීයව රටට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මැදවච්වියේ පැවති රැස්වීමක දී පැවසීය. ජේ ආර් ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා විධායක ජනාධිපතිවරු හත් දෙනෙක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නො නැංවූයේ එයින් අත්වන ප්‍රතිවිපාක ගැන යම් හෝ අවබෝධයක් තිබු නිසා බව ද ජයසුමන මහතා පැවසීය.


    මේ සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ විනිසුරුවරුන් හතර දෙනෙක් 13 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වන බවත් තවත් විනිසුරු හතර දෙනෙක් එය ඒකීය බවට ප්‍රශ්නයක් නොවන බවටත් තවත් එක් විනිසුරුවරයකු වගන්ති කිහිපයකට යටත් වන්නේ නම පමණක් ඒකීය බව රැකෙන බවත් ලෙසටය. අද ව්‍යවස්ථාව මුළුමුනින් ක්‍රියාවට නැංවීමට කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා 13 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ජේ.ආර් ජයවර්ධන සිදු කළ වංචාව ගැන නිහඬව සිටින්නේ මන්ද යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.


    1987 වසරේදී 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ඊට මාරාන්තික ලෙස එරෙහි වෙමින් රට තුළ දැවැන්ත අරගලයක් දියත් කරමින් ජීවිත සහ දේපල හානි රැසක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ බවත් එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කළ ජනතා විමුක්ති පෙරමුණ මූලිකව අද බිහිව ඇති ජාතික ජන බලවේගය 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය රටට හෙලිදරව් කළ යුතු බවත් චනන ජයසුමන පැවසීය. තමන්ට අදාල නොවන කරුණක් සේ දක්වමින් මේ මොහොතේ ඇඟ බේරාගෙන සිටීම බරපතළ වංචාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.


    එමෙන්ම එදා 13 සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පවා අස් වූ වත්මන් කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය ද, 13 වෙනි සංශෝධනයට විරුද්ධව දිගින් දිගටම කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දරන ස්ථාවරය ද රටට හෙලිදරව් කළ යුතු බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    රනිල් පැහැදිලිවම කිව්වා 13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නිතීය බවට පත්වෙලා ඉවරයි, විධායකය විදියට ඒක ක්‍රියාත්මක කරන්න රනිල් බැදිලා ඉන්නවා කියලා.

    කාට හරි මේ සංශෝධනය එපා නං අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් අරං ඒක පාර්ලි‌‌මේන්තුව සම්මත කරගන්න කිව්වා. සමහර විට ජනමත විචාරණයකටත් යන්න වෙයි.

    ඔය ගැටේ ලිහන්න වෙන්නේ එහෙම

    හැබැයි දකුණේ සිංහල මන්ත්‍රීවරයෙක් එහෙම යෝජනාවක් ගෙනාවොත් උතුරේ මිනිස්සු පාරට බස්සයි ඒ පක්ෂ. රනිල්ට රජ මගුල්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිලුයි මහින්ත මාතියයි එකන්ග්යි නේ ඒ මදැයි බං
    කොහොමත් නාමල් පිපින්න නම් අර්බුදයක් තියෙන්නත් එපැයි
    උන්ම තමා අපහු රට එක්සේසත් කරන්න එන්නෙත් 😄
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    ඕක කවදාවත් දෙන්නැ. රනිලා කියද්දි, ඌම සෙට් එකක් හදලා ඉවරයි ඕකට විරුද්දට උසාවි යන්න.
    කොටි නැගිටිනවා v2
    ඕක ගැන වාද කරන කාලයත් අපරාදේ උබලාගේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක කවදාවත් දෙන්නැ. රනිලා කියද්දි, ඌම සෙට් එකක් හදලා ඉවරයි ඕකට විරුද්දට උසාවි යන්න.
    කොටි නැගිටිනවා v2
    ඕක ගැන වාද කරන කාලයත් අපරාදේ උබලාගේ
    එතකොට රනිල් දැන් ඕක අවුස්ස ගත්තෙ මොකටද? 🤔
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    එතකොට රනිල් දැන් ඕක අවුස්ස ගත්තෙ මොකටද? 🤔
    හරි සරලයි නේ බං. උබලා ලංකාවේ නෙවේද?
    1. ඉන්දියාව බැලන්ස් කරගන්න
    2. ප්‍රශ්න අමතක කරන්න තව ප්‍රශ්නයක් දාගන්න
    3. දැනටත් කල් ගිහින් තියන පලාත් සභා ඡන්දය තව සැහෙන්න කාලෙකට කල්දාගන්න.
    4. "තාරුණ්‍යයාට" හෙටක් හදන්න.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    එකගයි...හැබැයි සිරිලංකාවේ දේශපාලුවෝ ඕවගේදෙකට පරිනත නෑ..
    ඕක දුන්න කියන්නේ රිලවට දැලිපිහි දුන්න වගේ තියෙයි...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕක කවදාවත් දෙන්නැ. රනිලා කියද්දි, ඌම සෙට් එකක් හදලා ඉවරයි ඕකට විරුද්දට උසාවි යන්න.
    කොටි නැගිටිනවා v2
    ඕක ගැන වාද කරන කාලයත් අපරාදේ උබලාගේ
    ඔව්
    මෙහෙ ප්‍රශ්න හැම එකක්ක්ම ඔහොම තමයි
     
    • Like
    Reactions: emoji diaries

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,001
    14,371
    113
    වැලිවේරිය
    ලංකාවේ උන් ඒකීය රාජ්‍ය සංධීය රාජ්‍ය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ...මුන් එක්ක මොන බලය බෙදීමද?ගොන් හැත්ත...මුන් බලය බෙදීම කියලා හිතන්නේ රට බෙදීම කියලා...මුලින්ම කරන්න ඕනේ සර්වජන ජන්ද බලය අහෝසි කරන එක
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Agreed සිංහල එවුන්ට කෙලවෙනව ලෙසටම ඒක නිසා කැමති