3. 4. පොඩ්ඩක් පැහැදිලි කරපං
මට සම්පත් බැංකුවෙ Personal Foreign Currency Account (PFCA) එකක් තියෙනවා මචන්.
උබත් ලංකාවට ඩොලර්ස් ගේනවා කියලා පෲව් කරන්න මොකක් හරි ලෙටර් එකක් හරි ඩොකුයුමන්ට් එකක් හරි බෑන්ක් එකට දුන්නා නම් උන් පටස් ගාලා අකවුන්ට් එක හදලා දෙනවා.
https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/personal-foreign-currency-account
මම දුන්නෙ Upwork එකේ Earning Certificate එක.
තව උබට පුලුවන් නම් Sampath FC Prime අකවුන්ට් එක ඕපන් කරපන්. ඒකට 3.99% පොළියක් ලැබෙනවා බෝනස් පොළියත් එක්ක. හැබැයි මට කියපු විදිහට බෝනස් පොළිය ගන්න අකවුන්ට් බැලන්ස් එක $10,000ක්වත් වෙන්න ඕන. ඒ වගේම පස්සෙ කාලෙක උබට ඕන නම් නෝමල් FC අකවුන්ට් එකක් මේකට කන්වර්ට් කර ගන්නත් පුලුවන්.
https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/sampath-fc-prime
අනිත් එක නම් නෝමල් Sampath Doubles S සේවින්ස් අකවුන්ට් එකක්.
ඒකත් ෆන්ඩ් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නෙ. මාසෙකට සැරයක් ඊලග මාසේ වියදම බලලා ඒ අකවුන්ට් එකෙන්, වියදම් වලට පාවිච්චි කරන අනිත් සම්පත් අකවුන්ට් එකට සල්ලි ට්‍රාන්සර් කර ගන්නවා. එතකොට අර අකවුන්ට් එකට හොද බෝනස් පොළියක් ලැබෙනවා.
ඉස්සර නම් ඒ අකවුන්ට් එකට 100% බෝනස් පොළියක් ලැබුනා. ඒත් දැන් රුපියල වැටිලා තියෙන නිසා මම හිතා ගත්තා එකට අලුතෙන් සල්ලි නොදා මාසෙ ගානෙ එකෙන් සල්ලි අදින්න. ඉතින් දැන් 50% බෝනස් පොළියක් තමයි ලැබෙන්නෙ.
Last edited:
