උබ මෙතනින් මොන සතාද ? (ෆේස්බුක් සත්තු)

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ මෙතනින් මොන සතාද ? (ෆේස්බුක් සත්තු)

    මෙන්න මෙක එහෙම්පිටින්ම damith kethaka ගෙ status එක කොපි පෙස්ට් ඇ . විලි ලැජ්ජයි :sorry: , එත් ආතල් නිස ඔන්න දැම්ම .... :P :rofl:





    ෆේස්බුක් සත්තු ....

    ඇතා - බොහෝ වෙලාවට තමන්ගේ වෝල් එකේ මොකක් හෝ දමාගෙන හෝ නොදමාගෙන නිසොල්මන්ව සිටියි... ඉඳ හිට තැනක කමෙන්ට් හෝ ලයික් කරයි... හැබැයි ඒ කරන එක හෝ දෙක ඉතාම අර්ථවත්ය... ලේසියෙන් කෙනෙක් සමග නොපැටලෙයි.. පැටලුණොත් නැතිවෙන්නම ගහයි... කවුරුත් වගේ ගරු කරයි... බොහෝ විට විශාල දැනුමක්, ප්‍රඥාවක් හෝ උගත් කමක් ඇත...

    ගොනා - තමුන් කියන දේ තමුන්ම නොදනී... මොකක් හෝ කල්ලියක බර ඇදීම උදේ ඉඳන් හැන්දෑ වෙන තුරු කරයි... අනුන්ගේ සාකච්ඡා අල කිරීමේ රුසියෙකි.. අහක බලාගෙන යෑමේ පුරුද්දක් නැත... අනුන්ගේ වෝල් වලට කඩා වැදී, ඒ සංවාද අවුල් කරයි... බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වේ... ගුටි කෑම විනෝදාංශයකි... අනුන් තමන්ට කියන්නේ මොනවාදැයි තේරුම් ගැනීමටත් නොහැකි දුර්වල අවබෝධය නිසා විවාද වලදී කොමිටලයක් බවට පත්වේ...

    ඉත්තෑවා - කොයි එකෙක්වත්, කොයි කල්ලියක් වත් සමග බැඳී නැති අතර, කොච්චර ලොකු පොරක් උනත්, කොච්චර ධනවත් පොරක්, කොච්චර මහ උගත් ඔස්තාර් පොරක් උනත් ඌ වැඩිය ගණන් නොගනී... අනිත් අයත් යම්කිසි බියක් ඔහුට හෝ ඇයට දක්වයි... ගැහුවොත් ගහන්නේ රිදෙන්නමය... හරවත් යමක් හැර වෙන දෙයක් ෂෙයා නොකරයි... තමන්ට කියන්න තියෙන දෙය පොල්ලෙන් ගැහුවා වාගේ අත අරියි... මිතුරෙක් සෙට් උනොත්, ඒ මිතුරාව ආරක්ෂා කරයි...

    කුකුළා - "ගුඩ් මෝනින් මගේ යාලුවනේ.. ඔයාලට කොහොමද? " යන්න උදේටත්, "මම නිදා ගන්න යනවා... මගේ යාලුවො හැමෝටම සුබ රාත්‍රියක්" යන්න රෑටත් දැමීම හැර අන් කිසිවක් නොකරයි... ඔය දෙක අතර කාළයේ ඉඳ හිට මොනවා හෝ දැම්මත් ඒ දාන දේවලත් ඒ හැටි තේරුමක් නැත....

    බීවරයා - තමන් උගත් ක්ෂේත්‍රය, රැකියාව කරන ක්ෂේත්‍රය හෝ ආශා කරන ක්ෂේත්‍රයට අදාල දෑ පමණක් උදේ ඉඳන් හවස් වෙන තුරු ෂෙයා කරයි... ස්ටේටස් එකක් දැම්මත් ඒ ගැනය... උදාහරණයක් ලෙස : ඔහු හෝ ඇය සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් නම් ඒ සොෆ්ට්වෙයා ඉංජිනියරින් ගැනම පමණකි... වෙන කිසිවක් නැත... ඒකට අදාළ දේ, නව සොයා ගැනීම්, ෂෙයා කරමින් ඒ ගැනම කථා කරමින් සිටියි...


    උලමා -බිඳුණු පෙම් පළහිලව් ගැන කරන මූසල අඳෝනාවල් හැර වෙන කිසිවක් නැත... සින්දුවක් ෂෙයා කරත් ඒ වගේ එකකි...

    බෝදිලිමා - තමන්ගේ ජීවිතය ලෝකයේ දුක්බරම ජීවිතය ලෙස හුවා දක්වමින් විඳින්නට සිදුවන දුක් ගැහැට ගැන නිතර දෙවේලේ කෙඳිරි ගෑම හැර වෙන කිසිවක් නැත...

    කොහා - අනුන්ගේ පෝස්ට් උස්සා තමන්ගේ ලෙස පළ කර මහත් ප්‍රසිද්ධියක් සහ කීර්තියක් ලබා ගනියි... එහෙත් ඒවායේ ගරුත්වය නිසි අයුරින් හිමිවිය යුතු අයට නොදෙයි...

    කපුටා - අනුන්ගේ ජීවිතවල කුණු කන්දල් අදින්න ඇත්නම් ඊට වඩා සැපතක් තවත් නැත... ඕපා දූප පැතිරවීමෙහි රුසියෙකි... තමන් පතුරුවන දේවල් වලින් 90% ක් ඇත්තද බොරුද කියාවත් නොදනී... පෞද්ගලික ජීවිත වල එල්ලී කුණු ඇදීම හැර වෙන දේවල් වලට සමත් නැත... කවුරුන් හෝ පෞද්ගලික අවස්ථාවන් වල ඡායාරූප ඇතුලත් ඇල්බමයක් දැම්ම ගමන් ඒකේ පොටෝ එකෙන් පොටෝ එකට ලයික් දමමින් බලයි.. එවැනි ඇල්බම් බැලීම ඉමහත් ආස්වාදයකි... බලන ගමන් ප්‍රශ්නද අසයි... අනෙක් අය තම තමන්ගේ පෞද්ගලික ජීවිත ගැන කළින් කියා ඇති දේවල් පවා මතක තබාගෙන සිට, සුදුසු වෙලාවේදී ප්‍රශ්ණ ලෙස ඉදිරිපත් කරයි... "මචං උඹ කිව්වෙ මේක මෙහෙම කරනවය කියලනෙ... ඇයි දැන් මෙහෙම කරන්නෙ...? " යනාදි වශයෙන්...

    පූසා - ක්ෂණිකව සිතිය හැකි, පට්ට ක්‍රියේටිව් වේගවත් අයවලුන්ය.... බුද්ධිමත්ය... අනෙක් අය ඉන්නේ තමන් සමග එකඟ වන්නට පමණක් යැයි සිතන අතර, තමන්ගේ මතයට විරුද්ධ අන් අයගේ මත වලට ඉඩ නොතබයි.... ගේම ඉල්ලගෙන ආවොත් අත අරින්නේ නැත... සාමූහික වැඩවලට කථා කළාට යන්නේ නැත... බොහෝ විට තමන්ට උවමනා දෙය කරමින් සිටීමයි... ෂෙයා පෝස්ට්, ස්ටේටස් දාන දේවල් ඉතාම ක්‍රියේටිව් සහ කරුණු සහිත බැවින් ඒවා බලන්නට බොහෝ දෙනා ආසා කරයි... හිතවතුන්ට ප්‍රිය උපදවන දසුනක් බැවින් බොහෝ අයගේ සුරතලයට සහ ආදරය ලක් වෙතත්, සමහරුන්ගේ වෛරයට පාත්‍ර වේ... මාන්නාධික වේ... බොහෝ විට ආත්මාර්ථකාමී බැවින් තමන්ගේ උගත්කම සහ නිර්මාණශීලීත්වය යොදාගෙන කරන දේවල් කරන්නේ තමන්ගේ වාසියට හෝ ප්‍රසිද්ධියට පමණි...

    නයා - එෆ්.බී එකවුන්ට හදන්නේම කාට හෝ ගේමක් දීමට හෝ පළි ගැනීමටය... බොහෝ විට තමන් හැරගිය පෙම්වතියගේ ජීවිතය විනාශ කිරීම, නැත්නම් තමන්ගේ සතුරෙකුගේ ජීවිතයට මඩ පහරක් එල්ල කිරීම අරමුණු වේ. or/ ජාතික හෝ ආගමික වෛරයකින් පෙළෙන අයෙක් නම්, තම ඉලක්කයන්ට ක්‍රමානුකූලව පහර දීම ආරම්භ කරයි... ඒ සඳහා සූක්ෂම නිර්මාණ රාශියක් ඉදිරිපත් කරයි... ආශ්‍රයට වැඩි දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැතත්, ඔහු හෝ ඇය පූජනීයත්වයෙන් සළකන පිරිස් පසුව බුකිය තුල බිහිවේ.... ( ඉන්දියාවෙන් හින්දූන් නයින්ට වඳින්නාක් මෙන් )

    බූරුවා - නයා කියන දේ අසාගෙන අනුගමනය කරයි... එපමණි.... නයා සර්වඥ වී ඇතැයි සිතා සිටී...

    ගිරවා - නිතර දෙවේලේ ලෝක ප්‍රකට චරිතයක් කියන ලද කියමන් උපුටාගෙන ස්ටේටස් ලෙස දමයි... ඒ ස්ටේටස් යටින් ඒ ඒ ප්‍රකට චරිත වල නම් දැමීම කරන්නේ ඉමහත් උජාරුවෙනි...උදා: ඇල්බට් අයින්ස්ටයින් වැනි නම් දාන්නේ ඉමහත් උජාරුවෙනි... නමුත් ඒවායේ අර්ථයන් කිසිවක් නොදනියි...

    මොණරා - එන්නේ කෙල්ලෙක් අල්ලා ගැනීමටය ... මෙහි අනික් පැත්ත සඳහා එන මොණරියෝද සිටිති... පිරිමියෙක් නම් තමන්ගේ කඩවසම් හෝ කාන්තාවක් නම් සුන්දර ඡායාරූප පළ කරමින්, විරුද්ධ ලිංගිකයන් සමග චැට් එකෙන් මල් කැඩීම එකම කාර්යයි.. ඔය අතරම විරුද්ධ ලිංගිකයන්ගේ අවධානය දිනා ගත හැකි පෝස්ට් ෂෙයා කරයි... උපන්ගෙයි මනමාල ගති ප්‍රදර්ශණය කරයි....

    ලේනා - හරිම අහිංසක ප්‍රොෆයිලයක් රන් කරති... කවුරු හෝ බැන්නොත් බියෙන් වෙව්ලා දින ගණනක් එෆ්.බී නො-එන්නට හෝ ප්‍රොෆයිලය ක්‍රියා විරහිත කර තබන්නට වග බලා ගනියි... ලෝකය ගැන රට ගැන කිසිවක් නොදනී.. තමන්ගේ වෘත්තිය සුදුසු කම් ඇති පැත්ත ගැන පමණක් යමක් දනිතත්, කට ඇර ඒ ගැනවත් කථා කිරීමේ බියක් දක්වයි... බොහෝ ප්‍රශ්ණ වලට ලැබෙන්නේ අවිනිශ්චිත පිළිතුරුය... තමන්ගේ ඡයාරූප සහ පෞද්ගලික තොරතුරු ප්‍රොෆයිලයේ නොදමන අතර, ඉඳහිට හෝ දැම්මත් "සිකියුරිටි" උපරිම ලෙවල් එකට හදයි... තමන්ගේ ඡායාරූපයක් හෝ ඵල කරන්නට පෙර දහස් වතාවක් හිතයි... මිතුරෙකු හෝ මිතුරියක ලෙස ඇඩ් කරගැනීම ලෙහෙසි නැත...

    බස්සා - "අනේ මන්දා බන්... මොනව වෙන්න යනවද කියලා..?... කවුරු දනියිද බන්... මේවට මොනව කරන්නද බන්...? " පමණි... ඉඳහිට රෑ දොළහට විතර අමරදේවගේ සින්දුවක් ෂෙයා කරයි... වැඩිය කමෙන්ට් පෝස්ට් නැත... ලයික් එකක් දාන්නේත් ඉඳහිටය.. ඒත් රෑ දෙකට බැලුවන් ඔන්ලයින්ය...

    ජිරාෆ් - අනාගතයේ බොහෝ දුර පේන අතර, ප්‍රඥාවන්තය.. ඒත් ඒ පෙනෙන කිසිවක් කිසිවෙකුට නොකියයි... තමන්ට පෙනෙන දෙය වෙනත් අයෙකුට පෙනී එය ස්ටේටස් එකක් ලෙස දමා තිබුණොත්, නිහඬවම පැමිණ ලයික් එකක් සමග "Thumbs up" සංකේතය පමණක් දමා නිහඬවම යයි...

    වඳුරා - තව කවුරුන් හෝ තමන්ගේ ප්‍රොෆයිල් වල කරන දේ අනුගමනය කරන්නට ගොස් බොහෝ කරදර වල පැටලෙයි...

    බල්ලා - හැමෝගේම හැම මළ ඉලව්වටම ලයික්ය... නැට්ට වනයි... තමන්ට කවුරු හෝ බැන කමෙන්ට් එකක් හෝ ස්ටේටස් එකක් දැම්මත් ඒකටත් ලයික් දමයි... කාගේ හෝ රැකවරණයක් ඇත්නම් පමණක් එවැනි විටෙක ගේම ඉල්ලයි... නැත්නම් අසරණ කමක් කියා මාරු වී යයි...

    රිලවා - සංවාද ආදිය අල කිරීමේ කප්පිත්තෙකි... අනුන්ට අපහාස කරමින්, පිස්සු හැසිරීම් දක්වමින් බොහෝ දෙනාගේ අප්‍රසාදයට පාත්‍ර වෙති... කාන්තාවන්ගේ ප්‍රොෆයිල වල ඇති ඡායාරූප හොරෙන් උස්සා ලිංගික අසහනයෙන් පෙලෙන කාළකණ්නියන් විසින් සාදන ලද "සෙක්සි ගර්ල් " මාදිලියේ පේජ් වලට ලබා දෙයි...ඒක එහෙම උනත්, සංස්කෘතිය, සභ්‍යත්වය වැනි දේ අල්ලාගෙන තව කෙනෙකුට මඩ ගසන්නට ලැබුනොත් ඒක තරම් විනෝදයක් තවත් නැත... ආගම්වාදය හෝ ජාතිවාදය ඉමහත් ප්‍රිය කරන අතර, තමන් උපන් ආගමේ ප්‍රබල බැතිමතෙක් බවත්, නිතර ඒ පූජ්‍යස්ථාන ආශ්‍රිතව සිටින බවත් හුවා දක්වයි... තමන් හුස්ම ගන්නේත් ආගමේ තියෙන විදිහට බව ලෝකයාට පෙන්නුවත්, ඒ ආගමේ ධර්මයේ කරුණු අන්තර්ගතයන්, ගැඹුරු දේශනා කිසිවක් නොදනී... එහෙම නොදන්නවා උනත් තව කෙනෙකුගේ ආගමට ජාතියට අපහාසයක් කරන්නට ලැබුනොත් එවැනි තැන් වල පෝලිමේ මුලටම සිටියි... අහුවෙන වචන වලින් දමා ගැසීම එකම දක්ෂතාවයයි... යමක් අවබෝධ කර දිය නොහැක...

    එළදෙන - කොල්ලන්ට ආතල් දීම එකම අරමුණයි... එහෙම කරන්නේ සැමියෙකු හෝ පෙම්වතෙකු සොයා ගැනීමටම නොව හුදු ආස්වාදය උදෙසාය... ඒ හැර වෙන කිසිවක් නැත... ෆොටෝ එකක් දැම්මත් ඒකටය... ජනප්‍රියත්වය, කැපී පෙනීම ප්‍රිය කරයි...

    මීයා - එකකට එකක් ගැළපීමක් නැති, තමන්ටත් අනුන්ටත් මහ ලොකු ප්‍රයෝජනයක් නැති දේවල් රාශියක් එකතු කර වෝල් එකේ දමයි.. කොටින්ම කිව්වොත් නිව්ස් ෆීඩ් බලන අතරේ වෙන අය ෂෙයා කර, ලයික් කර ඇති මොකක් හෝ දැම්මොත් ඇදගෙන ඇවිත් ඒක වෝල් එකේ දමයි...

    ඌරා - සමහරු කන්නේ ජීවත් වෙන්න වුවත්, මේ අය ජීවත් වෙන්නේ කන්නය... කෑම ඔවුන්ට වෙනම ආගමකි.. උදේ දිවා රෑ තුන් වේලම ෆොටෝ ගසා ෆේස්බුකියේ දමයි... බඩ යනවාට ක්‍රිමිරාජ කල්කෙ ගුළියක් දිය කළත්, ඒකෙත් ෆොටෝ එකක් ගසා බුකියේ දමයි... කන එක ගැන සහ උයන එක ගැන කථා කිරීම පරම ප්‍රමෝදයයි... ඒ කන කෑම තමන්ගේ සරීර සෞඛ්‍යයට වයසට ගැළපෙනවාදැයි බැලිල්ලක්, හෙවිල්ලක් නැතුව තමනුත් කාගෙන කාගෙන යන අතරේ අනිත් අයටත් බඩගින්න ඇති කරවයි... කෑම කා මහත් වී, කුස පුරවාගෙන අවසානයේ මරණය අත් වුවත් අවුලක් නැත... කෑම හැර වෙන ගත යුත්තක් නැත....

    ඩොල්ෆින් - බුද්ධිමත්, උගත් එමෙන්ම ඉතාම මිත්‍රශීලී අයවේ... බුකියේ දමන දේවලින් බොහෝ අයට ප්‍රයෝජනයක් ලැබෙන අතර, අලුත් දෙයක් ඉගෙනීමටද හැක... හරිම ප්‍රියමනාපය... ආශ්‍රයට බොහෝ දෙනා කැමති නිසා, විශාල වශයෙන් මිතුරන් ඇතිවේ... කවුරුත් නුගුණක් නොකියයි... සතුරන් හිඟය... බොහෝ විට තමනුත් හිතේ සතුටින් හිඳිමින්, අනුන්ටත් සතුට පතුරුවයි... උදව් පදව් කිරීමේ රුසියෝය...

    කැස්බෑවා - අවුරුද්දකට පමණ වතාවක් ලොග් වෙයි... ඒ ලොග් වෙනකොට බොහෝ දේ වෙනස් වී ඇති බව කියා ස්ටේටස් එකක් දමයි... නැවත අතුරුදහන් වෙයි... තවත් වසරකින් පමණ යළි හමුවෙයි... "හායි යාලුවනේ මම ආවා" කියා ස්ටේටස් එක ආරම්භ කරයි...


    :baffled::baffled::baffled::P

    හැබැයි සත්තු කිපදෙනෙක්ගෙ ලක්ශන තියන හයිබ්‍රිඩ් සත්තුත් ඉන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ :rolleyes::rolleyes: .....
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    හැබැයි සත්තු කිපදෙනෙක්ගෙ ලක්ශන තියන හයිබ්‍රිඩ් සත්තුත් ඉන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ :rolleyes::rolleyes: .....

    :yes::yes:
    පට්ට බන්
    +
     
    • Like
    Reactions: marachoon

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලේනා - හරිම අහිංසක ප්‍රොෆයිලයක් රන් කරති... කවුරු හෝ බැන්නොත් බියෙන් වෙව්ලා දින ගණනක් එෆ්.බී නො-එන්නට හෝ ප්‍රොෆයිලය ක්‍රියා විරහිත කර තබන්නට වග බලා ගනියි... ලෝකය ගැන රට ගැන කිසිවක් නොදනී.. තමන්ගේ වෘත්තිය සුදුසු කම් ඇති පැත්ත ගැන පමණක් යමක් දනිතත්, කට ඇර ඒ ගැනවත් කථා කිරීමේ බියක් දක්වයි... බොහෝ ප්‍රශ්ණ වලට ලැබෙන්නේ අවිනිශ්චිත පිළිතුරුය... තමන්ගේ ඡයාරූප සහ පෞද්ගලික තොරතුරු ප්‍රොෆයිලයේ නොදමන අතර, ඉඳහිට හෝ දැම්මත් "සිකියුරිටි" උපරිම ලෙවල් එකට හදයි... තමන්ගේ ඡායාරූපයක් හෝ ඵල කරන්නට පෙර දහස් වතාවක් හිතයි... මිතුරෙකු හෝ මිතුරියක ලෙස ඇඩ් කරගැනීම ලෙහෙසි නැත...


    මගේ ප්‍රොෆයිල් එකට වැඩියෙන්ම ටැලි වෙන්නේ මේක.මම මොකෙකුටවත් රික්වෙස්ට් දාන්නේ නෑ දාන එව්වා ඇක්සෙප්ට් කරන්නෙත් නෑ මියුචුවල් 20 ක් වත් නැත්නම්. අනික සෙකියුරිටි උපරිමයි. පොටෝ නැතිම තරම්.
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    හැබැයි සත්තු කිපදෙනෙක්ගෙ ලක්ශන තියන හයිබ්‍රිඩ් සත්තුත් ඉන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ:yes::yes::yes::yes::yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :yes::yes:
    පට්ට බන්
    +


    hafoiiiii





    11.gif
    11.gif



    ලේනා - හරිම අහිංසක ප්‍රොෆයිලයක් රන් කරති... කවුරු හෝ බැන්නොත් බියෙන් වෙව්ලා දින ගණනක් එෆ්.බී නො-එන්නට හෝ ප්‍රොෆයිලය ක්‍රියා විරහිත කර තබන්නට වග බලා ගනියි... ලෝකය ගැන රට ගැන කිසිවක් නොදනී.. තමන්ගේ වෘත්තිය සුදුසු කම් ඇති පැත්ත ගැන පමණක් යමක් දනිතත්, කට ඇර ඒ ගැනවත් කථා කිරීමේ බියක් දක්වයි... බොහෝ ප්‍රශ්ණ වලට ලැබෙන්නේ අවිනිශ්චිත පිළිතුරුය... තමන්ගේ ඡයාරූප සහ පෞද්ගලික තොරතුරු ප්‍රොෆයිලයේ නොදමන අතර, ඉඳහිට හෝ දැම්මත් "සිකියුරිටි" උපරිම ලෙවල් එකට හදයි... තමන්ගේ ඡායාරූපයක් හෝ ඵල කරන්නට පෙර දහස් වතාවක් හිතයි... මිතුරෙකු හෝ මිතුරියක ලෙස ඇඩ් කරගැනීම ලෙහෙසි නැත...


    මගේ ප්‍රොෆයිල් එකට වැඩියෙන්ම ටැලි වෙන්නේ මේක.මම මොකෙකුටවත් රික්වෙස්ට් දාන්නේ නෑ දාන එව්වා ඇක්සෙප්ට් කරන්නෙත් නෑ මියුචුවල් 20 ක් වත් නැත්නම්. අනික සෙකියුරිටි උපරිමයි. පොටෝ නැතිම තරම්.


    එ කියන්නෙ උබව ඇඩ් කරගන්න හෙන ගෙමක් දෙන්න වෙන්ව :oo::D
    11.gif
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මෙන්න මෙක එහෙම්පිටින්ම damith kethaka ගෙ status එක කොපි පෙස්ට් ඇ . විලි ලැජ්ජයි :sorry: , එත් ආතල් නිස ඔන්න දැම්ම .... :P :rofl:


    :cool::cool:
    කොහා නොවී බේරුනා යන්තන් නේ ...?:P
     
    • Like
    Reactions: marachoon

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කොහා - අනුන්ගේ පෝස්ට් උස්සා තමන්ගේ ලෙස පළ කර මහත් ප්‍රසිද්ධියක් සහ කීර්තියක් ලබා ගනියි... එහෙත් ඒවායේ ගරුත්වය නිසි අයුරින් හිමිවිය යුතු අයට නොදෙයි...


    uba innawa
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :cool::cool:
    කොහා නොවී බේරුනා යන්තන් නේ ...?:P

    uba innawa

    මම කොහා නෙවෙයි බන් , කාගෙන් හරි ගන්න පොස්ට් එකක් නම් එක කාගෙ එකක්ද කියල අනිවාර්යෙන් කියනව , මෙ පොස්ට් එකෙ විතරක් නෙවෙයි කලින් එවත් එහෙමම තමයි චෙක් කරල බලපන් .... :rolleyes::rolleyes: