උම්බලකඩ_සම්බෝල_හදමු

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උම්බලකඩ_සම්බෝල_හදමු

    රසම රස උම්බලකඩ සම්බෝලයක්.. ඔයාලත් හදලා බලන්න....


    25508014_10155454533274825_2434062542778842834_n.jpg


    ලූනු ලොකු ගෙඩි 8 ක් පමන
    උම්බලකඩ 250ග්‍රෑම් (කැමති ප්‍රමානයක්)
    සුදු ලූනු බික් 6ක් පමන
    කෑලි මිරිස් 100ග්‍රෑම් (අවශනම් වැඩි කරගන්න පුලුවන්)
    ලුනු
    විනාකිරි
    කරපිංචා
    තෙල් බෝතල් භාගයක්
    ඉස්සො කුඩු (අවශ්‍ය නම් පමනක් 50ග්‍රෑම්)
    MsG (අවශ්‍ය නම් පමනක් 5ග්‍රෑම්)

    ඉස්සෙලම ලූණු පොඩියට කපාගන්න ඒකට ලුනු සහ මිරිස් කුඩු බොහොම ටිකක් මිශ්‍ර කරලා ගැබුරු තෙලේ අඩු ගින්දරෙ ටිකක් දුබුරු වෙනකම් බැදගන්න (කර කරගන්න එපා) වෙනම තාච්චියක එකතු කරගන්න

    උම්බලකඩ ආස ප්‍රමානයේ කෑලි කඩාගෙන තෙල් මේස හැදි 6ක් විතර හොදට රත්කරලා ලිප වහලා රත්වුනු එකට එකතු කරලා ගින්දර නැති රස්නෙම තත්පර විස්සක් බැදගන්න (ගැබුරු තෙලේ බදින්න එපා)

    සුදු ලූනු පොඩි පෙති කපලා ගැබුරුතෙලෙ බැදගන්න

    අන්තිමට ලොකු තාච්චියක් අරගෙන තෙල් මේස හැදි 4ක් එකතු කරලා රත් උනාම කෑලි මිරිස් එකතු කරලා බැදගන්න තත්පර 5 ක් වගේ.. පස්සෙ ඒකට කලින් හදපු ඔක්කොම එකතු කරගන්න කරපිංචාත් ඇතුලුව.. විනාකිරි මේස හැන්දක් වගේ දාන්න.. ලුනු අවශ්‍ය ප්‍රමානයට දාන්න..

    අඩු ගින්දරේ හොදට මිශ්‍ර වෙනකන් හැදිගාන්න විනාඩි දෙකක් විතර..

    නිවුනම ගෙදර තියෙන ජෑම් බොතලෙකට පුරවලා සති දෙකක් උනත් තියාගෙන කන්න පුලුවන්..

    කැමති අයට මේකට ඉස්සො කරවල බැදලා එකතු කරන්න පුලුවන්.. හාල්මැස්සො උන වතුරේ පොගවලා ටිකක් වෙලා තියලා ගැබුරු තෙලේ බැදලා එකතු කරන්න පුලුවන්..

    රොස්ටඩ් කජු.. පොතු ඇරපු පීනට් එකතු කරන්න පුලුවන්..

    උදේට බටර් එක්ක පාන් කන්න.. ඉදිආප්ප කන්න.. බුරියානි එකට.. දුංතෙල් බත් එකට මිශ්‍ර් කරන්න වගෙම කිරිබත් කන්නත් නියමයි...

    සැයු. අදික තෙල් ප්‍රමානයක් සහ මිරිස් ප්‍රමානයක් අඩංගුයි


    වැයවන කාලය ⭐⭐⭐⭐⭐
    අමුද්‍රව්‍යය මිල ⭐⭐⭐⭐

    25508014_10155454533274825_2434062542778842834_n.jpg


    25498359_10155454533814825_5484144518390116770_n.jpg


    25498467_10155454533049825_8492160396976259612_n.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    පට්ට කෑමක් තමා..ඉස්සො කුඩු දැම්මම ඒ රහයිනේ බන්... :sorry: ඉස්සො කුඩු නැතුව පට්ට වෙයි කියලා හිතෙනවා :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල මචන් මේ page එකක්ද (උබ ගත්තේ )
    වෙන කෑම වර්ග හදන හැටි තියෙනවද
    එහෙමනම් ලින්ක් එක දහන්කෝ
    රේප් ඉවරයි:sorry::sorry:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එල මචන් මේ page එකක්ද (උබ ගත්තේ )
    වෙන කෑම වර්ග හදන හැටි තියෙනවද
    එහෙමනම් ලින්ක් එක දහන්කෝ
    රේප් ඉවරයි:sorry::sorry:

    මේක මම ලියපු එකක්. ෆේස්බුක් සමුහයකත් දාල තියෙනවා.. මම එළකිරි එකේම පොස්ට් කරන්නම් :rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    රියට හදනවා නම් 1000ක් විතර යනවා ඔක්කොටම.. :P:P ඒ වගේද රස :love::love:

    :sorry: KIST චිලි පේස්ට් 375g බෝතල් තුනක් ගන්න පුලාන් ඒ ගානට :yes: ඊළඟට චිලි පේස්ට් රෙසිපියක් දාමු.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සුපියල් 400 ක විතර උම්බලකඩ නෙහ් :sorry:

    උම්බලකඩ ගෙදරදීම හදාගන්න හැටි yutube තියෙනවා

    මේක මම ලියපු එකක්. ෆේස්බුක් සමුහයකත් දාල තියෙනවා.. මම එළකිරි එකේම පොස්ට් කරන්නම් :rofl::rofl:

    එල එල මචන් :cool::cool:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :sorry: KIST චිලි පේස්ට් 375g බෝතල් තුනක් ගන්න පුලාන් ඒ ගානට :yes: ඊළඟට චිලි පේස්ට් රෙසිපියක් දාමු.

    චිලි පේස්ට් වල වර්ග ගොඩක් තියෙනවා හෙමිහිට ලියලා දැන්නම්.. මෙහෙ කඩ වල නම් තියෙන්නේ තනිකර බොරුවක්..

    තායි චිලි ප්‍රෙස්ට්, චයිනිස් චිලි පේස්ට් වගේ ජාති ගොඩයි , කෙටියෙන් ලංකික චයිනිස් චිලි පේස්ට් හදන්නේ මෙහෙම

    මේස හැදී 5ක් මිරිස් කෑලි
    ලුණු
    ඉස්සෝ කුඩු හරි කූනිස්සෝ කුඩු මේස හැදී 5 (පේස්ට් එකක් කරගන්න ඕනි)
    තෙල් 100 මිලි
    සීනි තේ හැදී 2
    ඉගුරු, සුදුලුණු තේ හැදී 2
    ටක්කලි සෝස් මේස හැදී 2
    සොයා සෝස් මේස හැදී 2

    අවශ්‍ය නම්
    කරපිංචා
    අජිනමොටෝ එකතු කරන්න


    මේක වැඩි ගින්නේ ඉක්මනින් හදාගන්න ඕනි

    තෙල් රත් කළා, සුදුලුණු සහ ඉගුරු දැම්ම, ඉස්සෝ පේස්ට් එක දැම්ම, මිරිස් දාපු එකත් එක්කම ලිප නිව්වා, නිවෙද්දී සෝස් දැම්ම

    රසය අනුව රෙසපිය එහෙ මෙහෙ කරගන්න :shocked::shocke
    d:

    නිතර කන්න නම් හොද නෑ ;)