උම්බෑ ජාතකය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    එක්‌ සමයෙක පැරණි නළුවකු මඤ්ඤංලන්ත රජසබයට පත්වැ එන්නේ, සිරුරු මස්‌ පිඬු වැඩුම් කොටැ හෙද මතුවැ පෙනෙන සේ, දනෝ බොඩි පිට යෑයි කියනා සැට්‌ටයකින් උඩුකය නිතොර වසා සිටින්නේ එකී පෙනුම් නිසාමැ සවිබල ගැන්වුම් නම් ඇමැටි ධුරයක්‌ ද ලබනා යෑ. මෙකී නළු තෙමේ පෙර කල්හි සිතුවම් පටයන්හි නේක නේක ලඳ බොලඳ චරිත රඟ දක්‌වමින් සිටැ පසු කලෙක තෙමේ මැ සිතුවම් පට තනා තෙමේ මැ ඒවායෙහි වීර චරිතයන් රඟ දක්‌වනා යෑ. ඒක ප්‍රහාරක නම් සිතුවම් පටක්‌ ද, රජසබ විහිළු නම් සිතුවම් පටක්‌ ද තනා දූෂිත මැර දෙස්‌ පළුවනටැ පහර දෙනා හ. මගේ චූන් මටමැ චූන් ලෙස විසි තිස්‌ පිරිසකට එකවර තුමූ මැ තනිවැ පහර දී බිම හෙලනා හ. එකී දසුන් නරඹනා බොලඳ රසිකයෝ යි නම් ලද්දා වූ ජන වරිගයක්‌ මඤඤංලන්තයෙහි වෙසෙන්නේ, දූෂිත දෙස්‌ පළුවන් කෙරෙහි තුමූ කෝපය ඒක ප්‍රහාරකයා විසින් පිට කරනු, විසිල නම් වූ ශබ්දයක්‌ කෙරෙමින් අත්පුඩි තලමින් නරඹනා හ. මෙකී සිතුවම්පට වනාහී හුදෙක්‌ හුදී ජනයා රවටා කහවණු උපයනු වස්‌ තැනූ බාල බොලඳ අවර ගනයේ ඒවාම බැව් නොදන්නා, එකී රසික ජනයාගේ මනාපයෙන්මැ රජසබයට පත්වැ තුමූ ම එකී දූෂිත දෙස්‌ පළුවෙහිම ගැලෙනා යෑ. ගැලී තුමූට හුරු නළු උණෙන්මැ හැසිරෙනා යෑ. නොහොත් රඟනා යෑ.

    ඒ කෙසේද යත්( රජපස තෙමේ රජවරණයෙන් පැරද පලා ගිය කල්හි, මෙකී නළුවා පිරිස්‌ පිරිවරා පුෂ්ප ශාක මන්දිරයට වැදැ, විදෙස්‌ රාජ තාන්ත්‍රිකයින් සිහිවටන පිණිස දුන් නේක විසිතුරු දෑ පෙන්වමින්, 'බලව්, තෙල රජපසයා තොප ණය බරෙහි හෙලා උහු රජ සැප විඳි නියාව බලව්.' ආදී වශයෙන් බෙණෙමින් රන්මුවා අසිපත් රැගෙන හරඹ පාමින් සිතුවම් පට වලැ සේ නේක විප්‍රකාර කරනා හ. රජපස පුතුන් සතු රත්රන් අශ්වයන් ද, අම්මෝගිනි නම් වූ රථ විසෙසයක්‌ ද, ගුවන් යානා ද සොයා තැනැ තැනැ කඩා වදිනා හ. 'බලව්, තෙල සොරුන් ග්‍රීව ග්‍රහණයෙන් ගෙනැ දිවි ඇති තෙක්‌ දඟ ගෙයි ලන්නෙමි'යි දෙබස්‌ බෙණෙමින් ලිපි ගොනු කිසිල්ලේ රුවා ගෙනැ එතැන මෙතැන දුවනා හ. එසේ නමුදු සිදු වූවා වූ කිසිදු ලබ්භයක්‌ නම් නොමැත්තේ යෑ. එකී විමසුම් කරනා මැදි වේදීන්ට තර්ජන කරනා යෑ. තෙල දසුන් විවාදයනට ගොස්‌ අනෙකුන්ටැ චෞර චෝදනා නඟමින් අපහාස වදන් බෙණෙන්නේ යෑ. ඔප්පු කෙරුමටැ සාක්‌ෂි ඇත්දැයි විමසූ කල්හි, එසේයෑයි කියමින් හිඳ සිටිනා අසුන යට ද සාක්‌ෂි සොයනා යෑ. අන්ද මන්දව, 'මලණ්‌ඩ අර පයිලය ගෙනෙව. මේ පයිලය ගෙනෙව' ආදී වශයෙන් නන් දොඩවනා යෑ. තවද රාජ සභිකයන් හා තුමූ ද වසනා නිවෙස්‌ පෙදෙස්‌හි සිතුවම් පටක්‌ සඳහා ගිනි අවි පුහුණුවක යෙදී නිවැසියන් භීතියට පත් කොට තුමූ මොළ පරිමාවද නැවත නැවත හෙළි කරනා යෑ.

    මෙසේ රඟමින් කල් ගත කරන්නේ, පසල් දනව්වකැ පාංශු ඛාදන විරෝධතාවකට මැදිහත් ව රාජ නිලධාරිනිsයකගේ හොම්බට ඇනීමටැ ගොස්‌ එකී පාංශු ඛාදන වළෙන්මැ ලාස්‌ ගණනින් ස්‌නානය කර ගන්නේ යෑ. එකී හොඹු සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට රට පුරා විරෝධයක්‌ නැඟෙද්දී උහු ඊට ඒක ප්‍රහාරක වර්ගයේ පිළිතුරු සපයනා යෑ. එකල්හි රාජ සභිකයෝ ද සිතන්නේ, 'මුහු නම් මැරවිනැ සිලුවාගේ කහබන් කොපියකැ සේ යෑ. මැරවිනයා වැන්නකු මෙකල්හි අපටැ බෝ ඇවැසි වන්නේ යෑ. හෙට්‌ටිගමයා ද, තෙවරක්‌පෙරන්නා ද එකී ලකුණු පෑ නමුදු උන් පරයා මුහු නැඟී එනැ සෙයක්‌ පෙනෙනා යෑ. මුහුගේ සිරුරු තරමටැ මොලය නොවැඩී ඇති හෙයින් මැරවිනයා නොමැති අඩුව මුහු මනා සේ පුරවනා සේ යෑ. වන්නාට යෑ. ඇවැතක්‌ නොවන්නේ යෑ. මතු කාරණා තකා මූ රැක ගතැ යුත්තේයෑ'යි වහා පැනැ 'උහු කී දෑ සත්තක්‌ම යෑ. උනට ඇමතිය යුත්තේ එසේ යෑ'යි පෙර කල්හි සේ උඩ ගෙඩි සපයනා හ. එහෙයින් හුදී ජනයෝ රජසබ විහිළු අංක දෙක නැරඹීමට සැරසී සිටිය යුතු බැව් දත යුතු ය.

    නිමල්
    copyright :Divaina news paper

    :lol::lol::lol::lol::lol:

    therunanam bump ekak dagena yanna
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රන්ජන් රාමනායක නළුවෙක් ද කුළියට මිනි කපන මනුස්සයෙක්ද කියන එක අදාල නැහැ
    මොකා හරි කමක් නැහැ පරිසරයට හානියක් වෙද්දි ඇස් පියන් ඉන්නෙ නැතුව ඒක නැවත්තුව එක ලොකු දෙයක් :)
     
    • Like
    Reactions: SadSandun

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    රන්ජන් රාමනායක නළුවෙක් ද කුළියට මිනි කපන මනුස්සයෙක්ද කියන එක අදාල නැහැ
    මොකා හරි කමක් නැහැ පරිසරයට හානියක් වෙද්දි ඇස් පියන් ඉන්නෙ නැතුව ඒක නැවත්තුව එක ලොකු දෙයක් :)

    ඔය කිව්වේ උම්බෑ කියල :lol: Formally complain එකක් දාන්නේ නැතුව මිනිස්සු වටකරගෙන රාජ්‍ය නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අපහාස කලේ පරිසරේ රැකගන්න උවමනාවට නෙවේ චන්ද ටිකක් වැඩිකරගන මිනිස්සු ඉස්සරහ පොර වෙලා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔය කිව්වේ උම්බෑ කියල :lol: Formally complain එකක් දාන්නේ නැතුව මිනිස්සු වටකරගෙන රාජ්‍ය නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අපහාස කලේ පරිසරේ රැකගන්න උවමනාවට නෙවේ චන්ද ටිකක් වැඩිකරගන මිනිස්සු ඉස්සරහ පොර වෙලා

    It seems there is a truth in his complain both sites permit has been cancelled due to excess excavation. Think without politics whether his actions has brought in good results to the country or not
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    It seems there is a truth in his complain both sites permit has been cancelled due to excess excavation. Think without politics whether his actions has brought in good results to the country or not

    Well the end result was positive, props to the minister for that.

    That being said he didn't have to threaten and tarnish the image of a government employee in the process imo.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar130929_33.gif
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔය කිව්වේ උම්බෑ කියල :lol: Formally complain එකක් දාන්නේ නැතුව මිනිස්සු වටකරගෙන රාජ්‍ය නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අපහාස කලේ පරිසරේ රැකගන්න උවමනාවට නෙවේ චන්ද ටිකක් වැඩිකරගන මිනිස්සු ඉස්සරහ පොර වෙලා
    පක්ෂ පාට බෙදන් උම්බෑ කියන්න එපා හලෝ
    එක එකාට හෝයියා කියන් නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න :)
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය කිව්වේ උම්බෑ කියල :lol: Formally complain එකක් දාන්නේ නැතුව මිනිස්සු වටකරගෙන රාජ්‍ය නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අපහාස කලේ පරිසරේ රැකගන්න උවමනාවට නෙවේ චන්ද ටිකක් වැඩිකරගන මිනිස්සු ඉස්සරහ පොර වෙලා

    එහෙම හරි කරපු එකහරිනේ ....කලින් කියපන්කො උබ මොකක්ද කලේ ඒ වෙනුවෙන් කියල

    කම්ප්ලේන් කරපු ඒවා විභාග වෙන්නේ නැ කියද්දී එකටත් කම්ප්ලේන් එකක් එවන්න කිව්වා කියලනේ ඔය බනින්නේ
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අන්තිමට නීති විරෝදී පස් කැපීම highlight උනේ නැහැ, කවුරුත් රන්ජාට බනිනවා මිසක්, අර හොර වැඩ කරන එකාල ගැන වචනයක් කියන්නෙ නැහැ. දාන පැමිණිලි සාධාරණව විභාග වෙනවා නම්, අද සැහෙන පරිසර විරෝධී වැඩ අඩු වෙන්න ඕනෙ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    970
    113
    Hamilton, NZ
    රන්ජන් රාමනායක නළුවෙක් ද කුළියට මිනි කපන මනුස්සයෙක්ද කියන එක අදාල නැහැ
    මොකා හරි කමක් නැහැ පරිසරයට හානියක් වෙද්දි ඇස් පියන් ඉන්නෙ නැතුව ඒක නැවත්තුව එක ලොකු දෙයක් :)

    රේද්ද තමා නවත්තලා තියන්නේ :lol: බත් කන හරක් කියන්නේ උඹලා වාගේ උන්ට තමා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    රන්ජන් රාමනායක නළුවෙක් ද කුළියට මිනි කපන මනුස්සයෙක්ද කියන එක අදාල නැහැ
    මොකා හරි කමක් නැහැ පරිසරයට හානියක් වෙද්දි ඇස් පියන් ඉන්නෙ නැතුව ඒක නැවත්තුව එක ලොකු දෙයක් :)

    එතකොට විල්පත්තු කියන්නේ *කද? :angry:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එතකොට විල්පත්තු කියන්නේ *කද? :angry:
    රන්ජන් පුලුවන් මට්ටමෙන් නෙ ඕවා කරන්නෙ
    ඒ මනුස්සයම හැමදේම කරන කල් ඉන්නෙ නැතුව අනිත් ඇමතිලාටත් කරන්න පුලුවන් නෙ :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    රන්ජන් පුලුවන් මට්ටමෙන් නෙ ඕවා කරන්නෙ
    ඒ මනුස්සයම හැමදේම කරන කල් ඉන්නෙ නැතුව අනිත් ඇමතිලාටත් කරන්න පුලුවන් නෙ :baffled:

    රන්ජන් කිතුල් ගහේ :lol:
    පොල් පරාලේ දැකලත් නිකං හිටියට කමක් නෑ පොල් කෙන්ද දැක්කනෙ.
    මං කියන්නෙ පොල් කෙන්ද හරි දැකපු එක නරකයි කියල නෙවෙයි, පොල් ගහට තියෙන ආදරේකට නෙවෙයි මේ පොල් කෙන්දකට බෑගිරි ගාන්නෙ, තමන්ගෙ වාසියට. :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113

    කම්ප්ලේන් කරපු ඒවා විභාග වෙන්නේ නැ කියද්දී එකටත් කම්ප්ලේන් එකක් එවන්න කිව්වා කියලනේ ඔය බනින්නේ

    ඔව් ඒකනේ නියම ප්‍රොසෙස් එක. කම්ප්ලේන්ස් විභාග වෙන්නෙ නැත්නම් ඒ වගකීම භාර නිලධාරියා ගැන පැමිණිලි කරන්න ඕන. :yes:

    නියම ප්‍රොසෙස් එකෙන් පිට පැනල ඇමතිලාට ඕන හැටියට රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න යන හින්ද තමයි අද අධ්‍යාපනේ ඉඳං හැම එකටම රාජ්‍ය නිලධාරීන් හම්බෙන්න එද්දී ඇමතිවරුන්ගෙන් ලියුම් අරගෙන එන්නේ, මේ මගේ හිතෛශියෙක් විශේෂයෙන් සලකන්න කියල. උස නම් සිකුරිටි මිටි නම් කම්කරු විදිහට අමාත්‍යාංශවලට සේවකයො ගන්නෙ. ඇමති කෙනෙකුට වුණත් කෙළින් කතා කරන්න පුළුවන් කොඳු තියෙන්නෙ රාජ්‍ය නිලධාරීන් කීප දෙනාටයි, උන්ටත් මිනිස්සු ලවාම පරිභව කරවනවා ඇමතිවරු (අදාළ නිලධාරියා ගැන පැමිණිලි කරනවා වෙනුවට මිනිස්සු ඉස්සරහ අල්ලස් චෝදනා කළේ ඒක තමයි)