එක් සමයෙක පැරණි නළුවකු මඤ්ඤංලන්ත රජසබයට පත්වැ එන්නේ, සිරුරු මස් පිඬු වැඩුම් කොටැ හෙද මතුවැ පෙනෙන සේ, දනෝ බොඩි පිට යෑයි කියනා සැට්‌ටයකින් උඩුකය නිතොර වසා සිටින්නේ එකී පෙනුම් නිසාමැ සවිබල ගැන්වුම් නම් ඇමැටි ධුරයක් ද ලබනා යෑ. මෙකී නළු තෙමේ පෙර කල්හි සිතුවම් පටයන්හි නේක නේක ලඳ බොලඳ චරිත රඟ දක්‌වමින් සිටැ පසු කලෙක තෙමේ මැ සිතුවම් පට තනා තෙමේ මැ ඒවායෙහි වීර චරිතයන් රඟ දක්‌වනා යෑ. ඒක ප්‍රහාරක නම් සිතුවම් පටක් ද, රජසබ විහිළු නම් සිතුවම් පටක් ද තනා දූෂිත මැර දෙස් පළුවනටැ පහර දෙනා හ. මගේ චූන් මටමැ චූන් ලෙස විසි තිස් පිරිසකට එකවර තුමූ මැ තනිවැ පහර දී බිම හෙලනා හ. එකී දසුන් නරඹනා බොලඳ රසිකයෝ යි නම් ලද්දා වූ ජන වරිගයක් මඤඤංලන්තයෙහි වෙසෙන්නේ, දූෂිත දෙස් පළුවන් කෙරෙහි තුමූ කෝපය ඒක ප්‍රහාරකයා විසින් පිට කරනු, විසිල නම් වූ ශබ්දයක් කෙරෙමින් අත්පුඩි තලමින් නරඹනා හ. මෙකී සිතුවම්පට වනාහී හුදෙක් හුදී ජනයා රවටා කහවණු උපයනු වස් තැනූ බාල බොලඳ අවර ගනයේ ඒවාම බැව් නොදන්නා, එකී රසික ජනයාගේ මනාපයෙන්මැ රජසබයට පත්වැ තුමූ ම එකී දූෂිත දෙස් පළුවෙහිම ගැලෙනා යෑ. ගැලී තුමූට හුරු නළු උණෙන්මැ හැසිරෙනා යෑ. නොහොත් රඟනා යෑ.
ඒ කෙසේද යත්( රජපස තෙමේ රජවරණයෙන් පැරද පලා ගිය කල්හි, මෙකී නළුවා පිරිස් පිරිවරා පුෂ්ප ශාක මන්දිරයට වැදැ, විදෙස් රාජ තාන්ත්‍රිකයින් සිහිවටන පිණිස දුන් නේක විසිතුරු දෑ පෙන්වමින්, 'බලව්, තෙල රජපසයා තොප ණය බරෙහි හෙලා උහු රජ සැප විඳි නියාව බලව්.' ආදී වශයෙන් බෙණෙමින් රන්මුවා අසිපත් රැගෙන හරඹ පාමින් සිතුවම් පට වලැ සේ නේක විප්‍රකාර කරනා හ. රජපස පුතුන් සතු රත්රන් අශ්වයන් ද, අම්මෝගිනි නම් වූ රථ විසෙසයක් ද, ගුවන් යානා ද සොයා තැනැ තැනැ කඩා වදිනා හ. 'බලව්, තෙල සොරුන් ග්‍රීව ග්‍රහණයෙන් ගෙනැ දිවි ඇති තෙක් දඟ ගෙයි ලන්නෙමි'යි දෙබස් බෙණෙමින් ලිපි ගොනු කිසිල්ලේ රුවා ගෙනැ එතැන මෙතැන දුවනා හ. එසේ නමුදු සිදු වූවා වූ කිසිදු ලබ්භයක් නම් නොමැත්තේ යෑ. එකී විමසුම් කරනා මැදි වේදීන්ට තර්ජන කරනා යෑ. තෙල දසුන් විවාදයනට ගොස් අනෙකුන්ටැ චෞර චෝදනා නඟමින් අපහාස වදන් බෙණෙන්නේ යෑ. ඔප්පු කෙරුමටැ සාක්‌ෂි ඇත්දැයි විමසූ කල්හි, එසේයෑයි කියමින් හිඳ සිටිනා අසුන යට ද සාක්‌ෂි සොයනා යෑ. අන්ද මන්දව, 'මලණ්‌ඩ අර පයිලය ගෙනෙව. මේ පයිලය ගෙනෙව' ආදී වශයෙන් නන් දොඩවනා යෑ. තවද රාජ සභිකයන් හා තුමූ ද වසනා නිවෙස් පෙදෙස්‌හි සිතුවම් පටක් සඳහා ගිනි අවි පුහුණුවක යෙදී නිවැසියන් භීතියට පත් කොට තුමූ මොළ පරිමාවද නැවත නැවත හෙළි කරනා යෑ.
මෙසේ රඟමින් කල් ගත කරන්නේ, පසල් දනව්වකැ පාංශු ඛාදන විරෝධතාවකට මැදිහත් ව රාජ නිලධාරිනිsයකගේ හොම්බට ඇනීමටැ ගොස් එකී පාංශු ඛාදන වළෙන්මැ ලාස් ගණනින් ස්‌නානය කර ගන්නේ යෑ. එකී හොඹු සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට රට පුරා විරෝධයක් නැඟෙද්දී උහු ඊට ඒක ප්‍රහාරක වර්ගයේ පිළිතුරු සපයනා යෑ. එකල්හි රාජ සභිකයෝ ද සිතන්නේ, 'මුහු නම් මැරවිනැ සිලුවාගේ කහබන් කොපියකැ සේ යෑ. මැරවිනයා වැන්නකු මෙකල්හි අපටැ බෝ ඇවැසි වන්නේ යෑ. හෙට්‌ටිගමයා ද, තෙවරක්‌පෙරන්නා ද එකී ලකුණු පෑ නමුදු උන් පරයා මුහු නැඟී එනැ සෙයක් පෙනෙනා යෑ. මුහුගේ සිරුරු තරමටැ මොලය නොවැඩී ඇති හෙයින් මැරවිනයා නොමැති අඩුව මුහු මනා සේ පුරවනා සේ යෑ. වන්නාට යෑ. ඇවැතක් නොවන්නේ යෑ. මතු කාරණා තකා මූ රැක ගතැ යුත්තේයෑ'යි වහා පැනැ 'උහු කී දෑ සත්තක්‌ම යෑ. උනට ඇමතිය යුත්තේ එසේ යෑ'යි පෙර කල්හි සේ උඩ ගෙඩි සපයනා හ. එහෙයින් හුදී ජනයෝ රජසබ විහිළු අංක දෙක නැරඹීමට සැරසී සිටිය යුතු බැව් දත යුතු ය.
නිමල්
copyright
ivaina news paper

therunanam bump ekak dagena yanna

Last edited: