~පහන්තුඩා ජාතකය ~

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    ~පහන්තුඩා ජාතකය ~

    යටගිය දවස තම්ඹපන්ණි දීපයෙහි පෙර කල පව් ඇති නන්ද නම් රජ කෙනෙකු රාජ්‍ය විචාරන කල්හි පෙරදිගින් පැමිණි රෝගාබාධයක් පිඹුරෙකු තම ගොදුර වෙලාගන්නා සේ මේ දීපයද තම ග්‍රහණයට නතු කොට ගත්තේ සිය දහස් දනා උන් උන් තැන්වලම මැරී වැටෙමින්යැ. විසාලාවක් සිහි කරවු මෙපුරයෙහි දනාගේ හැසීරිම ගැන කෝපවූ නන්ද රජතෙමේ මානව සංසරණය අහවර කරන්නේ නමුදු මෙපුර මානවයන් හැසිරෙන්නේ රෝගාබාධයක් ගැන අධෝ සංසාරයක් නොතකමිනි.

    මරණය දොරකඩටම පැමිණ ඇති මෙසමයෙහි එක් මානවයෙක් සහ මානවිකාවක් "මරණයත් අපට කජ්ජක්දැ, රමණයනම් අදම කල යුතුයැ" සිතන්නෝ දෙපයට වාරුගෙන නිර්වස්ත්‍රයෙන්ම හිමවතට වැදුනාහ. රමණයේ යෙදිමෙහිලා සුදුසු තැනක් සොයමින් ඇවිදින්නෝ නොබෝ වේලාවකින්ම සාරමස් වැසි ලැබී මහේසාක්‍ය ලීලාවෙන් රිදී කඳක් සේ ගලන්නාවූ ජලධාරාවක් අභිමුව පැම්ණෙන්නේ, අපගේ කටයුත්තට තවත් සුදුසු තැනක් නැතැයි සිතමිනි.

    ඉනික්බිතිව, තෙලබනු සුලභ මෙසමයෙහි මානව මානවිකාවන්ගේ අරුමැසි හා විකාරරූපි හැසිරීම් වනපොත් කිරීම හා නැවත පරීශීලනය කිරීම අමරුමයක් නොවූයෙන්, රමණ කලාවේ කෙල පැමිණ ඇති මෙදෙපලද සිතන්නෙ රමණයෙහි සැප අප පමණක් විදීම නම් පාපයකැ. සියලු දනාගේ සුඛයටම හේතු වනු පිණිස වනපොත් කර බෙදාහැරීම යෙහෙකැයි සිතා, එපරිද්දෙන්ම කටයුතු කරන්නේ මෙ දීපයෙහි පමණක් නොව පිට දීප වලද ප්‍රසිද්ධ වෙමින.

    එසඳ, හිස මුඩු කොටගත් සීලයක් රකින එක් බ්‍රාහ්මණ තේමේ කෙනෙක්ගේ තෙල බනුවටද මේ අනග රැගුම පැමිනෙන්නාහුය. භ්‍රාහ්මණ තෙමේ භ්‍රාන්තියෙන්ද කේන්තියෙන් ද ඇලලී යන්නේ තමාගේ සීලයද ගැන නොතකා මේ රැඟුම එවූ නොසන්ඩාලයාගේ හණුව හත්කඩකට පැලීමට ආවාසයෙන් පිලිපන්හ. එහෙත් මොහොතක් නතරවුනු බ්‍රාහ්මණයානෝ එකෙක්ගේ හනුව හත්කඩට පැලීමනං මට නොතරම්ය, මගේ සීලයට නොතරම්ය, නමුත් මේ රැඟුමෙන් අප දීපයට වන නපුරනම් සුලුපට නැතිය. සීලය පසෙක තැබූ බ්‍රාහ්මණයානෝ රැඟුම හොඳ හැටි නරබා රාජපුරුෂයයින්ට සන්දේශයක් යවන්නේ මේ රැඟුමෙන් සිදුවන නපුර වහා නවත්වනු පිණිසයැ.

    රාජ පුරුෂයින් මාරගයෙන් මේ පයිණ්ඩය දැන ගන්නා අප මහා නන්ද රජු, තමා දිනපතා සියලු වැසියන් සමග රමණයේ යෙදෙමින් සිටිද්දි, රට වැස්සන් මෙසේ රමණයේ යෙදීම ඇස් අදහා ගත නොහී, "රමණයේ යෙදීම නං මා හොඳටම කරන්නාහුය, එනයින් මේ රැගුම නං මට කල අපහාසයක් මැ" සිතා සිය විශිෂ්ඨ වූ රාජපුරුෂ සේවයට මේ නරපනුවන් දෙපල වහාම කුදලාගෙන එන ලෙස දන්වන්නාහුය.

    තම්බපණ්ණි රාජපුරුෂ සේවයනං අරුමයක්ම යැ. උන්, උක් දන්ඩෙන් ලබා ගන්නා වූ කුඩක මිල අහස උසට යන සමයෙක එම කුඩද ගබඩා කරන්නාවූ ගබඩාද අසුරු සැනින් සොයාගන්නාලද මුත් ගබඩා කාගේදැයි නොදනිත්. කලකට පෙර මේ දීපයෙහි එල්ලවූ සතුරු ප්‍රහාරයක සියලු සවිස්තර ඇතත් එහි මූලය සොයා ගත නොහී. එනමුදු, පශ්චාත් භාගයෙන් පමණක් හෝරා කීපයක් ඇතුලත පෙර කී යුවල සොයාගති, අඳෝමැයි!

    ~මතු පරපුරට දැනගනු වස් පහන්තුඩා ජාතකය වනපොත් කරේ, හස්තිශෛලපුර වජ්‍රපුත්‍ර ~
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Pahanthudawa-Waterfall-V.jpg
     

    Similar threads