මේ පහළ පොටෝ එකේ තියෙන්නේ එංගලන්තයේ අපි හිටපු ගෙදරට ඇතුල් වෙන තැන. බ්‍රිතාන්‍ය කොඩිය ගහපු සෙරෙප්පු, පාපිසි විතරක් නෙවෙයි යට ඇඳුම් ඉඳලා තව ගොඩක් නිශ්පාදන එහේ ගන්න තිබුනා.
මේ කොඩිය ගේ ඉස්සරහට දාගෙන ඒක පාගගෙන එහෙට මෙහෙට යන කොට මට හිතුනේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ වගේ. ඒත් අල්ලපු ගෙදර හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයට ඒක සාමාන්‍ය දෙයක් උනා. ඔහු හොඳ මිතුරෙක්.
අරගලය වෙලාවේ මගේ අතේ අනිවාර්යයෙන් සිංහ කොඩිය තිබුනා. ඒක මං පාවිච්චි කළේ සංඛේතාත්මකව. මිනිස්සු පොදුවේ ගරු කරන ජාතික සංඛේතය අතේ තියා ගෙන අපි ඉස්සරහට ගියේ.
ජුලි 9 ජනාධිපති නිල නිවසට යන වෙලාවේ අරගලය පුරාවට කොඩිය ගෙනිච්ච කෝටුව කැඩුණා. සෙනඟ අස්සේ ආයේ හොයන්නත් බෑ. මන්දිරයට කිට්ටු වෙනකොට වෙඩි තියන්න ගත්තා. වෙඩි තියලා තියෙන්නේ බිත්තියකට බව අපිට පෙනුනේ නෑ. කෝකටත් කියලා කොඩිය ගැටගහ ගත්තා ඔළුවේ. වෙඩි තියෙන වෙලාවක් ආවොත් කොඩිය හින්දා හරි ඔළුව බේරයි කියලා හිතුනා.
මන්දිරයේ ඇතුලේ ගහපු පොටෝ එක පස්සේ බුකියට දැම්මම සමහරු ඒකට විවේචනයක් ගෙනාවා. කොඩියට අගෞරවයක් කළා කියලා. ඔළුවේ බැන්දත් ඒක එහෙම බෑළු.
අපේ රටේ මිනිස්සුන්ගේ මේ සංඛේත එක්ක තියෙන බැඳීම වෙනස්. ජාතික ගීය, ජාතික කොඩිය වගේ දේවල් තියෙන්න ඕනේ විදියක් ගැන පොදු මතයක් තියෙනවා. ඒ රාමුවෙන් පනින්න ඉඩදෙන්නේ නෑ. බැනුම් අහන්න, ගුටි කන්න, නඩු වැටෙන්න වගේම හිරේ යන්න උනත් පුළුවන්. ඔය බුදු දහමට අපහාස කරපු කතාවත් ඒ වගේ තමයි. අපේ රාමුව පොඩියි. තදයි. එතනින් පිටට යන කොට එක එක බලවේග ක්‍රියාත්මක වෙනවා.
ඉතිං සමහර රටවල මේ වගේ සංඛේත හෝ පොදු සම්මතයන්ට හැදුන තද රාමු නෑ. ඒ නිසා ඒවායේ සීමාවන් පුළුල්. වෙනස් කර ගන්න, තමන්ගේ කර ගන්න, විහිළු තහළු කරන්න ඉඩ තියෙනවා. ඒවා ඉවසන සමාජයක් තියෙනවා. ඒ වගේ දේවල් වලින් රට විනාශ වෙන්නේ නෑ කියලා ඒ මිනිස්සු දන්නවා. අවබෝධයක් තියෙනවා.
හැබැයි අපේ එහෙම බෑ. නැවක සුක්කානමක පොටෝ එකක් ඇඳුමක තිබුනා කියලා ඒක ධර්ම චක්‍රය කියලා කාන්තාවකට අවුරුදු 3ක් නඩු කියන්න උනා. පසුගිය දවස් වල නතාෂට උනෙත් ඒකම තමයි. සිදුහත් කුමාරයාට සුද්ධෝදන රජතුමාගේ පුතා කිව්වා කියලා මාස ගාණක් හිරේ ඉන්න උනා. ඉවසීම අඩුයි.
ජාතික ගීයත් විවිධ ක්‍රමේට අහන්න තරම් අපි තාම විවෘත නෑ. සංස්කෘතික චින්තන රාමුව පටුයි. ඒ නිසා වෙනස් කම් කරන අය පරිස්සමෙන්. අපහසුතාවට පත් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
දේසේ හැටියට වාසේ කියනවා නේ.
දේශය වෙනස් වෙයි කාලෙත් එක්ක, ආර්ථිකයත් එක්ක.
පැතුම් කර්නර්
#හරිත