වැරදි අඩුපාඩු විවේචන ගල් මුල් මල් කුණු බිත්තර කුණු තක්කාලි සියල්ල අපේක්ෂා කරමි.
අන්ධකාරය, සුරාව, අඩවන් ඇස්, අඩ නිරුවත්, සඳ එළිය, හැඟුම්, ආලේ මන, මනෝ කරත්තේ, මේකප් කියන වචන අස්සෙන් නැතිනම් මේ වචන රාගය ශෘංගාරය ආලය එක්ක කියවෙන වචන පේළියක්. මේ හැ වචනේම එක විශේෂත්වයක් අන්තර්ගතයි. පොඩි වහල ගැහිල්ලක් එහෙමත් නැතිනම් පොඩි හැංගීමක් මේ හැම එකේම තියනවා.
අන්ධකාරය ගත්තොත් කරුවලට හරියට පේන්නේ නෑ. සුරාව නිසා මත් වෙච්ච කෙනෙක්ට හරියට පේන්නේ නෑ. ඇහෙන්නේ නෑ. ආයතන පිස්සු කෙලිනවා. බාගෙට වහපු ඇස් වලින් පේන්නේ බාගෙට (ඕනේ නම් ෆුල් ඇරගෙන බලන්න පුලුවන්නේ) ඒත් එක්කම ඒකෙන් මූනේ හැඩය වෙනස් වෙලා, පේන්නේ වෙන විකාරයක්. අඩ නිරුවත් කියද්දී ටිකක් පේනව ටිකක් පේන්නේ නෑ.
මේ හැම එකෙන්ම හරියට පේන්නේ නැති නිසා පොඩි සංඥාවක් අරඹයා තමන් දන්න දේ එකතු කරලා මේක මෙහෙම වෙන්න ඇති කියලා සම්පූර්ණ කරගත්තු රූපයක් හදාගන්න ස්වභාවයක් තමයි ප්රකට වෙන්නේ. ඒ කියන්නේ හරියට දක්කොත් රාගයක්, ශෘංගාරයක් හදන්න බෑ උන්මත්තකයෙකුට (කොච්චර දැක්කත් අනුන් මත යැපෙන, පරණ දැනුම මතම යැපෙන) (යතබුතය නොදන්නා) හැර කියන ඒකනේ.
අපි තියනවා ඉන්නවා කියලා අල්ලගත්ත ඔක්කොම කැමැත්තක් අස්සෙන් අල්ලගත්ත නිසා ඒ ඔක්කොම නොදන්නා කමක් අස්සෙන්, හරියට නොදැකපු දෙයක් අස්සෙන් අල්ලගත්ත (හිතාගත්ත) දේවල් මිසක් තිබ්බා හෝ තියෙන දේවල් නොවෙන්නේ ඒකයි. ඇත්ත (යථාබූතය) දැක්ක දවසට අවිද්යාව සහමුලින්ම නැති වෙලා ආයේ බොරුවලට නොයන තත්වෙට එන්නේ ඒකයි.