උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං

(මේක රංගගේ මගේ ලෝකය බ්ලොග් එකේ මම කියවපු කතාවක් සියලු අයිතිය ඔහු සතුය)

03-trafficmp4reel_scruberthumbnail_1.jpg


බුවෙක් ගියාලු ඉන්ටවිව් එකකට රූපවාහිනී නිවේදක තනතුරක් වෙනුවෙන් තියෙන. ඉන්ටවිව් එකේ බුවා හොඳට උත්තර දුන්නට බුවා සැරින් සැරේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි තමාලු තිබුන අවුල.

ඉතින් ඉන්ටවිව් එක මෙහෙයවපු කෙනා කිවුවලු "උඹගෙ සුදුසුකම් හොඳයි, ප්‍රශ්නවලට උත්තර දුන්න විදියත් හොඳයි, ඒත් උඹ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නිසා උඹට මේ ජොබ් එක දෙන්න බෑ" කියල.

එතකොට අර බුවා කියනවලු "අය්යෝ ඒක ලොකුවට ගනන් ගන්න එපා. ඒක මට තියෙන අසනීපයක්. පැනඩෝල් දෙකක් බීපු ගමන් පැයකට මගේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නැතිවෙනවා".

"හරි එහෙනම් පැනඩෝල් දෙකක් බීල ආයෙ ඉන්ටවිව් එක කරමු" කියල ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු.

දැන් බුවා සාක්කුවට අතදාල පැනඩෝල් හොයනවලු. හොයාගන්න බැරි තැන මිනිහ සාක්කුවෙ තියෙන දේවල් එකින් එක මේසෙ උඩින් තියෙනවලු. සාක්කුවේ තිබුනෙම එක එක ජාතියෙ, එක එක ෆ්ලේවර්ස්වල කොන්ඩම් ජාතිමලු. ඔහොම කොන්ඩම් ගොඩාක් එලියෙන් තිබ්බට පස්සෙ අන්තිමටම බුවාට හම්බවෙලා පැනඩෝල් කාඩ් එක.

බුවා ඒකෙන් දෙකක් බීල ආයෙත් ඉන්ටවිව් එකට ෆේස් කරලු. කිවුව විදියටම මේ සැරේ ඇස් ගැහිලිත් නෑ ලැජ්ජාවෙන් වෙවුලන්නෙත් නැහැලු.

ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු "මට නම් මේක අදහගන්නත් බෑ, එච්චර හොඳට ඔයා මේක කරා, ඒත් ඔයාට මේ ජොබ් එක දෙන්න බෑ. රට වටේම බඩු ගහ ගහ යන බඩුකාරයෙක්ව අපි අපේ චැනල් එකට ගන්න කැමති නෑ. ඒක අපේ නමට හොඳ නෑ"

බුවා : උඹට පිස්සුද? මම කසාද බැඳල පාඩුවේ ඉන්න කෙනෙක් මිසක් බඩුකාරයෙක් නෙමේ
ඉන්ටවිව් කරන කෙනා : එතකොට මෙච්චර කොන්ඩම්ම් ගොඩක් සාක්කුවේ දාගෙන ඉන්නෙ ඇයි?
බුවා : ඇස් ගහ ගහ, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ෆාමසියකට ගිහින් උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං

:P
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆාමසියට ගිහින් සාම්බ්‍රාණි ඉල්ල බලපන්
    ඇස් ගහ ගහ ඇඹරි ඇඹරි යන්න ඕනෙ වෙන්නෙ නෑ
    ලංකාව ඇතුළත විතරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ෆාමසියට ගිහින් සාම්බ්‍රාණි ඉල්ල බලපන්
    ඇස් ගහ ගහ ඇඹරි ඇඹරි යන්න ඕනෙ වෙන්නෙ නෑ
    ලංකාව ඇතුළත විතරයි.

    a mokak da ban a kathawa :rolleyes::confused:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෆාමසියට ගිහින් සාම්බ්‍රාණි ඉල්ල බලපන්
    ඇස් ගහ ගහ ඇඹරි ඇඹරි යන්න ඕනෙ වෙන්නෙ නෑ
    ලංකාව ඇතුළත විතරයි.
    ඒ මොකක්ද ඒ සීන් එක. :confused::oo::D:D
    අම්මටසිරි මේ එක නම් හොඳයි. නැත්තන් හැම වෙලාවෙම දන්න එවුන් වැඩකරන ෆාමසි වල පස්සා දොරෙන් ගිහිල්ලා රහසින් ඉල්ලන්න වෙනවා :P:P:P
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ෆාමසියට ගිහින් සාම්බ්‍රාණි ඉල්ල බලපන්
    ඇස් ගහ ගහ ඇඹරි ඇඹරි යන්න ඕනෙ වෙන්නෙ නෑ
    ලංකාව ඇතුළත විතරයි.

    appatasiri :confused: ekath niyama krame habai !:D