මම කතෝලික
ඒත් මට හිතෙනව බුද්ධාගම හරි කියල
හැබැයි මට ගොඩක් දුකයි අපේ ජීවිතවල තේරුම එච්චරද කියල
නිවන් දකිනව ඇරෙන්න අපිට වෙන ඔප්ෂන් එකක් නැද්ද?
අපේ ආගමේ කියනව වගේ ස්වර්ගයක් ඇත්තෙම නැද්ද, වෙන විශ්වයක හරි..
ස්වර්ග ගොඩක් තිබෙනවා බුදුදහමෙ. බොහොමයක් එව්වට සිල්වත්ව, ත්‍යාගවන්තව ජීවත්වීම තුලින් යන්න පුළුවන්, ඉහලින්ම තියන එව්වට සමාධිය ප්‍රගුණ කරලා යන්න පුලුවන්. නිවනට යන්න ප්‍රඥ්ඥාව ප්‍රගුණ කරන්න ඕනෙ.
මේ ස්වර්ගවල (නිවන හැර) ඔයාලගෙ ආගමේ කියනවා වගේ සදාකාලික බවක් නැහැ සහ සර්වබලධාරී දෙවිකෙනෙක් නැහැ. ඒ වගේම දිව්‍යලෝක වල ප්‍රශ්න නැත්තෙ නැහැ. පොලිටිකල් ඉශූස්, වෙල්ත් ඉශූස්, යුධමය ප්‍රශ්න පවා තියෙනවා. කියන තරං ආතල් එකක් නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ ඉතිං. මනුශ්‍ය භවයට වඩා ප්‍රශ්න අඩුයි කියලා තමයි කියන්නෙ.
ඉහලම තියන ස්වර්ග, ඒ කියන්නෙ බ්‍රහ්මලෝක වල ප්‍රශ්න ඇත්තෙම නැහැ වගේ තමා. එහෙ තියන එකම ප්‍රශ්නෙ ආයුශ ඉවර උනාම ආයෙ වෙනත් තැනක උපදින එක. ඒක මනුශ්‍ය, දිව්‍ය, අසුර,ප්‍රේත, තිරිසන්, නිරය වගේ තැන්වෙල වෙන්න පුළුවන්. සමාධිය ආශ්රයෙන් ලබාගත්ත සැප විඳ විඳ එකයි බින්දු ගනනාවක් යෙදෙන කාලයක් ඉන්න තියෙන්නෙ.
විශ්වයේ කොහේ හරි ස්ථිරසාර, නිත්‍ය සුඛ ආත්ම විදිහට ගන්න පුලුවන් අංශු මාත්‍රයක දෙයක් දුටුවානම් මේ ධර්මය මෙහෙම දේශනා කරන්නෑ කියලා බුදුන් ප්‍රකාශ කරනවා. එතකොට ඉතින් අන්තිම ප්‍රශ්ණෙට දෙන්න තියන උත්තරේ, "නැහැ බුදුදහමට අනුව එහෙම දෙයක් හෝ තැනක් නැහැ".