උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලට වියදන් වෙනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලටම වියදන් වෙනවද? ඒ කියන්නේ

    1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට...
    2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....
    3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම
    4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය
    5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්
    6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....
    7) ප්‍රොෆෙෂනල් ට්‍රේනින් තමන් කරගන්න ඕන නං ඒවාට වියදම්...

    සාමාන්යෙන් මේවගේ ඒවාට කොච්චර වියදන් වෙනවද මාසෙකට? පඩියට සාපේක්ෂව මේ වියදම කොහොමද? හිතපන්කෝ 50,000 හම්බෙන ජොබ් එකක ට්‍රාන්ස්පෝර්ට්, බෝඩින් කුලිය, ඔෆිස් ඇඳුම්, කඩෙන් කන එකටම 30,000 විතර අමතරව වියදන් උනා කියලා. අන්තිමට 20,000 ට නේ නැහිලා තියෙන්නේ. :sorry: :sorry:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැනට Internet වලට අවුරුද්දකට 30000 තමා..

    Coursera plus, smashing magazine, frontend masters තුනෙ yearly membership ගන්න අදහසක් තියෙනවා..එකට නම් අවුරුද්දකට $900 ක්‌ විතර යයි..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඔෆිස් එකෙන් දීලා තියෙන බස් එකේ දවස් පහම වැඩට යනවා..
    උදේට ගෙදරින් කාලා යන්නෙ.. දවල්ට කන්නෙ නැහැ.. රෑට කන්නෙ ආයේ ගෙදරින්.. කිසි වියදමක් නැහැ..

    හැබයි ඉතින් සතියකට පාරක් ඔෆ්ස් එකේ උන් එක්ක අඩියක් ගහන්න වෙනවා..
    මාසෙට 12ක් වගේ..
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    ඔය පඩි වලට නං වියදම ශේප් බන්. මම අඳුරන උන් ඉන්නවා සිරාවට 50,000-60,000-70,000 පඩියට වැඩ කරන උන්. උන් බෝඩින් වල ඉන්නේ කොළඹ. ඒවාට වෙනම වියදමක්. බෝඩිමේ ඉඳන් බස් එකක නැත්තන් ත්‍රී වීල් එකක ජොබට යන්නේ. ඒවා පට්ට වියදන්. වීකෙන්ඩ් එකේ ගෙවල් වලට යනවා. ඒවාට සෑහෙන වියදන්. ඉතින් මාසෙකට 30,000 විතර නිකන්ම පූජා කරන්න ඕන කෑම වල වියදම ඇත ඇරියත් . හිතපන්කෝ, පඩියෙන් බාගයක් වගේ.

    almost 30%

    Kiyapanko wiyadan tika.
    ------ Post added on Jul 29, 2022 at 8:37 PM
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    ඔය පඩි වලට නං වියදම ශේප් බන්. මම අඳුරන උන් ඉන්නවා සිරාවට 50,000-60,000-70,000 පඩියට වැඩ කරන උන්. උන් බෝඩින් වල ඉන්නේ කොළඹ. ඒවාට වෙනම වියදමක්. බෝඩිමේ ඉඳන් බස් එකක නැත්තන් ත්‍රී වීල් එකක ජොබට යන්නේ. ඒවා පට්ට වියදන්. වීකෙන්ඩ් එකේ ගෙවල් වලට යනවා. ඒවාට සෑහෙන වියදන්. ඉතින් මාසෙකට 30,000 විතර නිකන්ම පූජා කරන්න ඕන කෑම වල වියදම ඇත ඇරියත් . හිතපන්කෝ, පඩියෙන් බාගයක් වගේ.

    Ow bn. Math colombo inne gewal colombo walin pita 250km witra, hama Weekend ekema bus wala yanna patta gaanak yanawa dan. Company 1n Accomodation dila tiyena nisa shape (Pain yana dura). Kema chummary type. ekatat 7-10 atara ynwa bn..
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ලයිට් බිල විතරයි. Rs. 1500 විතර. Internet වලට Rs. 2000 ගෙවනවා ඔෆිස් එකෙන්.

    ගෙදර ඉඳන් වැඩ කරන්නේ 2020 ඉඳන්.