උඹලට මතකද කාලෙකට කලින් මන්දිරයක ඡන්දය කාලේ දීපු දන්සල්, ඒ කාලේ නොඑක් පිරිස් ගේනවල කතා පවත්වල දන්සලෙන් කන්න දෙනවා. කොල්ලන්ට බල්ලන්ට රක්ෂා බෙදනවා. ඡන්ද දවසට කලින් පවා එවැනි දේ සිදු වුනා. ඒ කාලේ රජයේ චැනල වල දිගු වෙලාවක් රජයේ පුරසාරම් සහ මහා උන් ගැන ප්‍රශස්ති විකාශය වුනා. අර හිට්ලර් ගැන හදපු චිත්‍රපටිය විකාශය වුනා. ඡන්දය දවසෙත් ඇතැම් විරුද්ධවාදී නායකයෝන්ගේ කතා කොටස් කඩා වැරදි තේරුම් උපුටා දක්වා පහර දුන්න. ඡන්ද කාර්යාල ගිනිබත් කරනවා, ඇතැම් විරුද්ධවාදීන් ඝාතනය වෙනවා. ඒ ඔක්කොම අද වෙනස් වෙලා. මැතිවරණ කොමිසම මහා බලවත් ආයතනයක් වෙලා. ජනාධිපති සහභාගීවෙන උත්සවයක්වුවත් තහනම් කරන්න මැතිවරණ නිලධාරීන්ට පුළුවන්. අපේක්ෂකයන් දන්සැල් දෙමින් ප්‍රචාරක කටයුතු කිරීම් වළක්වනවා. හැමෝටම ප්‍රචාරක වැඩ සඳහා අවස්තාව ලැබෙනවා, පෝස්ටර් කටවුට් අඩුයි. ඡන්ද හරි සාමකාමීයි ඒ වගේම හරි බෝරින්. මොකක්ද මේ වෙනසට හේතුව?