උඹලා කෙල්ලොන්ට ඇස් ගහනවද
ගැහැණු ළමයින්ට ඇහැක් ගහද්දි ප්රවේසම් වන්න
Srilankamirror – පිරිමියකු, ගැහැනු ළමයෙකුට ඇහැක් ගැසූ බව ඔප්පුවුවහොත් බරපතළ වැඩ සහිතව අවු. 07ක් හිරේට යැවිය හැකි බව පානදුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. පී.එස්. සුභාෂිණී මහත්මිය පවසයි.
ඒ මහත්මිය එසේ ප්රකාශ කළේ මිල්ලනිය ළමා ආරක්ෂක කමිටුවේ මෙහෙයවීමෙන් පැවැති දැනුවත් කිරීමේ දේශනයකට සහභාගි වෙමිනි.
එහිදී ඇය මෙසේද පැවසිය.
” ඔය මහත්වරුන් ඉස්කෝලේ යන කාලේ කවදා හරි දවසක ගැහැනු ළමයෙකුට ඇහැක් ගහල ඇති. නැතිනම් පාසල් බස් එකේදී තට්ටුවක් දාල ඇති. කකුලක් පාගල ඇති. නැත්නම් කෙස් රොදකින් ඇදල ඇති.
එහෙම වෙලාවට ගැහැනු ළමයා ඒකට කැමැති නම් කට කොනකින් හිනාවක් දාල කැමැත්ත පළ කරන්න ඇති. අකමැති වුණානම් වැඩිම වුණොත් රවා බලන්න ඇති. ඒත් අද එහෙම නැහැ. අද කාලේ එහෙම දෙයක් වෙලා බැරි වෙලාවත් ඒ ගැහැනු ළමයා පොලීසියට ඇවිත් පිරිමි ළමයට විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් ‘මට මෙහෙම දෙයක් බස් එකේදි වුණා. ඒකෙන් මම විශාල ලැජ්ජාවකට පත්වුණා. මට මහ පිළිකුලක් ඇති වුණා. ඒ නිසා මට සාධාරණය ඉටුකර දෙන්න’ කියලා. පොලීසිය විමර්ශනය කරල පිරිමියාට විරුද්ධව නඩුවක් ගොනු කරල බරපතළ වැඩ සහිතව අවු. 07ක් හිරේට යවන්න පුළුවන්.
ඒ නිසා අද කාලේ ගැහැනු ළමයෙකුට ඇහැක් ගැහුවත් දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා.”