මචන් අපි ගොඩක් වෙලාවට trip කියලා ගෙදර අය එක්ක යන්නේ හැමදාම කතරගම, අනුරාදපුර, නුවරඑලිය වගේ ගොඩක් මිනිස්සු ගැවසෙන නිදහසක් නැති තැන්වලට..උබලා ගියපු ගිහින් නැවතුන හොද තැන් ගැන අනිත් අය එක්ක බෙදා ගත්තොත් ඊලග පාර ට්‍රිප් එකක් යන්න පුලුවන්. ඒවගේම මතක ඇතුව ඒ තැන් තවකෙනෙක්ට විදින්න පුලුවන් වෙන්න ඉතුරු කරලා එන්නත් වගබලා ගන්න ඕනා..
1. නන්පේරියල්
මම ගියපු ලස්සනම ගමනක් තමයි බලන්ගොඩට එහා තියෙන නන්පේරියල් ගමන..ගොඩක් අය දන්නවත් ඇති , එදාම ගිහින් ආවා උදේ 8 ගානට බලන්ගොඩින් බස් එකක් යනවා ඒක ආයේ එතනින් 3ගානට වගේ එනවා එතකන් බේක්ස් බෙන්ඩ් එක බලලා හිමින් සැරේ එන්න වෙලාව තියෙනවා..හරිම ලස්සන පරිසරයක්..උඩ නවතින්න බන්ගලාවක් තියෙනවා හැබැයි ගනන් කට්ටියක් එක්ක එකතු වෙලා යන්න නම් පුලුවන් වෙයි. අමාරු අයට ඕනනම් නන්පේරියල් පාරට හැරෙන තැනින් කැබ් එකක් ගතහැකි, ගානනම් මතක නෑ..
2. හැටන් ඉදන් බලන්ගොඩ ආවා දවසක් බොගොවත්නලාව හරහා පාරකින් බස් එකේ.. මම ගියපු තවත් ලස්සන පාරක් ඒක.
3. තව බලන්ගොඩ ඉදන් බුදුගල ගියා ඒ පාරත් හරිම ලස්සනයි..
4. ලගදි ගියා ඇල්ල , කතරගම ගියපු ගමන් බුත්තල හරහා හරිම අවදානම් පාරක් උනාට පාරනම් ලස්සනයි. අර අලි හිගන්නා කියන dial එක පාරේ ඉන්නවා ඒනිසා යනව නම් සැලකිල්ලෙන් යන්න.
5. හිරිකැටිය බීච්, වෙනස්ම තැනක් ගොඩක් ම හිටියේ foreigners ලා ලන්කාවේ අය නම් හිටියේම නැති තරම්.. බීච් එකත් පිරිසිදුවට තිබ්බා අපේ උන් අඩුවෙන් යන නිසා වෙන්න ඇති.
6. බොම්බුරු ඇල්ල, දැන් නම් කොහොමද දන්නේ නෑ...
මතකට ආපු ටිකක් දැම්මේ තව තැන් මතක් උනාම දාන්නම්..

දැන් ගියොත් වාහන කීයක් තියේද, අපි යද්දි අපි විතරයි.