උඹලා ලඟකදී හඳේ හාවා ව දැක්කද?? 🤔

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Thanks for your time and effort, mchn. You really saved my day! I was starting to think I’d ended up in a multiverse or that my reality paradigm had shifted. You solved it with practical, realistic reasoning..


    appata siri, හඳ නගින සීන්..
    ------ Post added on Jan 7, 2025 at 9:28 AM


    මොකාද බස් ඒකේ ගියෙ, හාවාද,,
    ------ Post added on Jan 7, 2025 at 9:28 AM
    owe bn nelun kuluna balanda yanawa kiwwe 😝
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,502
    5,852
    113
    හෝම් ස්වීට් හෝම්
    හඳේ හාවා වැඩිපුරම හොඳට පේන්නෙ මැයි, ජූනි පෝයවල් දෙකේ මචන්. හැමදාම පේන්නෙ එකම පැත්ත කියලා හිතුවාට එහෙමමත් නෑ.

    ලංකාවෙ උඹ ඉන්න තැන අනුව සමකයෙ ඉඳලා degrees 6 සිට 9-10 දක්වා උඩින්නෙ තියෙන්නෙ. ඉතින් අවුරුද්ද පුරා පේන කොටස පොඩ්ඩක් slant වෙනවා. අනික ඉර එළිය වුණත් වැටෙන පැත්ත පොඩ්ඩක් වෙනස්නෙ. පෘථිවියත් අංශක 23.5° ක් අ‍ැල වෙලා තියෙන්නෙ කියල අමතක කරන්න එපා. අපි ඉර වටේ යන පථයෙ තලය එක්ක ගත්තාම එ‍්ක අවුරුද්ද පුරා දෙපැත්තට දෝලනයක් වෙනවා.

    එකම පැත්ත පේනවා කියල හිතුවට හඳේ හාවෙක් හැදෙන ප්‍රධාන හේතුව හඳට ඉර එළිය වැටෙන පැත්ත සහ පරාවර්තනය වෙන ඉර එළිය අපිට එන විදිහයි, හඳේ අ‍ාවාටවල බිත්තිවලින් වැටෙන හෙවනැළිවලයි එකතුවක්. විශේෂ දෙයක් විදිහට හඳේ තියෙන "වැලි" පෘථිවියෙ වගේ weathered වීමක් වෙන් නෑ වායුගෝලය තුනී නිසා. එ‍් හින්දා එ‍්වායෙන් මහ අමුතු විදිහට අ‍ාලෝකය පරාවර්තනය වෙන්නෙ. ඔය සේරගෙම එකතුවක් තමයි හඳේ හාවා (ලංකාවට සහ ඉන්දියාවට විතරක් පේන)

    මැයි මාසෙ වෙසක් පෝය දවසට හඳ බලපන්, හාවා හොඳටම පේන්නෙ එදාට. 😍

    මතක එහෙම වෙන එකත් අමුතු නැහැ බං. ළඟ දේවල් ඉතින් අපිට fresh නිසා මතකයි. එ‍්ක මැජික් නෑනෙ. ගොඩක් පරණ, තමන් පොඩි කාලෙ දේවල් වැඩිපුර මතක හිටින්න වැදගත් හේතු කීපයක් තියෙනවා.

    1. පොඩි කාලෙ අපේ ඔලුවල තිබ්බ මතක ප්‍රමාණය අඩුයි. ඉතින් අලුත් මතකයකින් පිරෙන ප්‍රමාණය හිතුවොත් සාපේක්ෂව වැඩියි. ඉතින් එ‍්වා මතකයේ වැඩි තැනක් ගන්නවා.

    2. අ‍ැත්තටම අපිට පොඩි කාලෙ වෙච්ච ගොඩක් දේවල් පට්ට exciting සහ එ‍් වගේ දේවල් සිදු වීමේ ඉඩකඩත් වැඩියි. කාලෙත් එක්ක අපිව ලොකුවට excite වෙන දේවල් සිදු වීම දුර්ලබ වෙනවා. ඉතින් එ‍්වට මතකයෙ ලැබෙන තැන අඩුයි.

    3. පොඩි කාලෙ මතක අපි නිතරම අ‍ායෙ අ‍ායෙ මතක් කරලා සතුටු වෙන නිසා refresh වීමක්, reinforce වීමක් වෙනවා. අපේ මොළේ හැදිලා තියෙන්නෙම නිතර මතක් කරන, පාවිච්චියට ගන්න දේවල් වැඩිපුර මතක හිටින විදිහට.

    4. වැඩිහිටියෙක් වෙන්න කලින් කාලෙ ගොඩක් මතක අපි evolutionarily ම අපේ survival එකට ප්‍රයෝජනයට ගන්න දේවල් නිසා වඩා හොඳින් මතකයට ගන්නවා. වැඩිහිටි වයසට අ‍ාවාට පස්සෙ එදිනෙදා වෙන දේවල් එ‍් තරම්ම වැදගත් තැනකට ගන් නැහැ.

    5. පොඩි කාලෙ ගොඩක් අය හොඳට නිදා ගන්නවා. නින්දෙදි තමයි අපේ මොළය මතක වැඩි හරියක් rearrange කරලා පිළිවෙලට ගොනු කරගන්නෙ. හරියටම මේක පරණ PC එකක hard එක defrag කරනවා වගේමයි. කොටින්ම හීන පේන්නෙත් ඔය ක්‍රියාවලියෙ කොටසක් විදිහට. වැඩි වයසට අ‍ාවට පස්සෙ ගොඩක් අයට නින්ද මදි වෙන නිසා, නිදා ගත්තත් stress එක නිසා ඕක ටිකක් අවුල් යනවා. ගොඩක් අයට නිදා ගත්තාම හීනෙන් පවා පේන්නෙ තමන් නිතර අ‍ාව ගිය ඉස්කෝලෙ, එ‍් දවස්වල හිටපු ගෙදර, නිතර ගිය වෙන ගෙදරක් තිබුණා නම් එතන වගේ වෙන්නත් හේතුව එ‍්කයි.

    6. පොඩි confirmation bias එකකුත් එනවා. අපිට පොඩි කාලෙ තිබ්බ මතක ගොඩක් වෙලාවට ලස්සනයි. මතක් වුණාම එ‍්වා දිගට මතක් කරල රස විඳින්න ඉතින් අ‍ාස හිතෙනවා. මැද කාලෙ දෙයක් මතක් වුණත් එ‍් තරම් interest එකක් තියෙන දේවල් අඩු වෙන්න පුළුවන්. ඉතින් එ‍්වා මතක් වුණත් අපි ලොකුවට රස විඳින් නෑ. ඉතින් අපි විසින්මත් ඉස්සර කාලෙ ලස්සන මතක වැඩිපුර උඩට අරන් මැද කාලෙ වෙච්ච ලොකු ගතියක් නැති දේවල් අයින් කරල දාන සීන් එක තියෙනවා.

    ඔය ටික තමයි ඉතින්.
    ගොබ්බ වේසිගේ පුතා තේරුමක් ඇති දෙයක් කිව්වමද කොහෙද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,964
    113
    Mother Earth
    images

    මෙය නාසා LRO satellite මගින් 20010 දි ලබා ගත් දුර්ලභ ඡායාරූපයක්. විශේෂත්වය වන්නේ මෙහි පැහැදිලිවම හාවෙක් පේන්න තිබෙනවා.

    -කීර්ති වර්ණකුලසූරිය
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    images

    මෙය නාසා LRO satellite මගින් 20010 දි ලබා ගත් දුර්ලභ ඡායාරූපයක්. විශේෂත්වය වන්නේ මෙහි පැහැදිලිවම හාවෙක් පේන්න තිබෙනවා.

    -කීර්ති වර්ණකුලසූරිය
    Do you have a photo with the Carrot patch too. :ROFLMAO:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි හඳ දිහා බලාගෙන හූ තියන්නද?
    ඉස්සර වයිෆුයි මමයි හඳ දිහා බලාගෙන කතාකරනවා. දෙන්නා රටවල් දෙකක හිටියට එකම වෙලාවේ එකම හඳ පේනවා කියන්නේ අමුතුම දෙයක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    ඉස්සර වයිෆුයි මමයි හඳ දිහා බලාගෙන කතාකරනවා. දෙන්නා රටවල් දෙකක හිටියට එකම වෙලාවේ එකම හඳ පේනවා කියන්නේ අමුතුම දෙයක්.
    රටවල් දෙකටම රෑ වෙන්නත් එපැයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    ඉස්සර වයිෆුයි මමයි හඳ දිහා බලාගෙන කතාකරනවා. දෙන්නා රටවල් දෙකක හිටියට එකම වෙලාවේ එකම හඳ පේනවා කියන්නේ අමුතුම දෙයක්.
    The Moon is away from us at an average distance of 384,400kms. At this distance, many locations on Earth would have an unobstructed view of it.