බනින ලොක්කෙකුට ගාව වැඩ කරපන්. උන් ඒ වෙලාවට බැන්නා පස්සේ හිතේ තියන් කෙලින්නේ නැහෑ .
මම ලංකාවේ තිබුන විදේශ සමාගමක කාලයක් වැඩ කළා. ඒකේ අපේ ඩිරෙක්ටර් බෙල්ජියම් කාරයෙක්. ඌට වැඩ අත ගගා ඉන්න ඒවා, වෙලාවට වැඩ කරන්නේ / වැඩට එන්නේ නැතිකම, නොකළයුතු වැරදීම් වගේ දේවල් දැක්කාම මල පනිනවා. උගෙන් බැනුමක් ඇහුවේ නැත්නම් එදාට නිකං අඩුපාඩුවක් වගේ දැනෙනවා.
නමුත්, ඒ බැනීම/දොස් කීම ඒ මොහොතේ විතරයි. ඊළඟ විනාඩියේදී සම්පූර්ණ වෙනස් ස්වරයකින් කරුණාවෙන් වෙනත් දෙයක් ගැන අහනවා. සුද්දන් ගැන අත්දැකීම් නොතිබුණු ඒ කාලයේ මේ වෙස් මාරුව ගැන තේරුම් ගන්න බොහොම අපහසු උනා. මේ බැනීම පුද්ගලික තරහක් නොවෙයි, රාජකාරියට අදාළ දෙයක් පමණයි කියන එක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා. ඒ මොකද, අපිට කවුරු හරි දොස් කිව්වාම, අපි මුළු ජීවිත කාලයම ඒක මතක තියාගෙන ඒකට රිටර්න් එකක් දෙන්න උත්සාහ කරනවා මිසක් බැන්න හේතුව නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ නැහැනේ!