උඹලා වැඩකරන තැන කොච්චර බැනුම් අහල තියනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    උඹලා වැඩකරන තැන බොසා, මැනේජ්මන්ට් එකේ උන් උඹලට වැරැද්දකට විතරද බනින්නේ නැත්තං හේතුවක් නැතුවත් බනිනවද?

    අනික් උන් උඹලව bully කරලා තියනවද?

    වැඩකරන තැනදි උඹලට වෙච්ච අසාදාරණකම් මොනවද?
     

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    බාසුන්නැහැ නම් මට නිතරම බනිනවා. වැලි 7ක් යකෝ දාන්න කිවුවේ කියලා. බ්ලොක් ගල් වලට වතුර දාන්න අමතක උනාමත් බනිනවා. පහුවදාට කොන්ක්‍රීට් එකට වතුර දැම්මේ නැත්නම් කුණුහරපෙන් බනින්නේ. තව බ්ලොක් ගල කම්බිය තියලා හරියට කාල බාගේ කඩන්නත් ඕනේ. කුලී වැඩ කරද්දී නම් බැනුම් අහන එක සාමාන්‍ය දෙයක්.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    උඹලා වැඩකරන තැන බොසා, මැනේජ්මන්ට් එකේ උන් උඹලට වැරැද්දකට විතරද බනින්නේ නැත්තං හේතුවක් නැතුවත් බනිනවද?

    අනික් උන් උඹලව bully කරලා තියනවද?

    වැඩකරන තැනදි උඹලට වෙච්ච අසාදාරණකම් මොනවද?
    1665255664199.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    professional තැනක් නම් බනින hint ගහන තැනක් වෙන්න බෑ..
    IT side එකේනං හරි හමන් කම්පැනිවල එහෙම බනින තැන් ඇත්තෙම නැති තරං මන් දන්න විදිහට. මෙලෝ දෙයක් කරන්නැතුව අයිස් ගගහා පිස්සු කෙලින එකෙක්ට නං ටිකක් තදින් කියයි හැබැයි ඒත් හදන්න බැයිනං බැන බැන ඉන්නෑ performance evaluation වලදි යන තැනටම වැඩ කරයි. ඒක හොදයි බං මන් නං කියන්නෙ එකේකාගෙන් බැනුම් අහං පීචං වෙනවට වඩා. ලැජ්ජා නැද්ද ජොබ් කරන්න ගිහිල්ලත් එකේකාගෙන් බැනුම් අහන්න ඉස්කෝල වල පොඩිඋන් වගේ 🤮 මටනං ලොවෙත් සංසාරෙ එපාවෙයි එහෙම එක්ක වැඩකරන්න උනොත්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    බනින ලොක්කෙකුට ගාව වැඩ කරපන්. උන් ඒ වෙලාවට බැන්නා පස්සේ හිතේ තියන් කෙලින්නේ නැහෑ .
    මම ලංකාවේ තිබුන විදේශ සමාගමක කාලයක් වැඩ කළා. ඒකේ අපේ ඩිරෙක්ටර් බෙල්ජියම් කාරයෙක්. ඌට වැඩ අත ගගා ඉන්න ඒවා, වෙලාවට වැඩ කරන්නේ / වැඩට එන්නේ නැතිකම, නොකළයුතු වැරදීම් වගේ දේවල් දැක්කාම මල පනිනවා. උගෙන් බැනුමක් ඇහුවේ නැත්නම් එදාට නිකං අඩුපාඩුවක් වගේ දැනෙනවා.

    නමුත්, ඒ බැනීම/දොස් කීම ඒ මොහොතේ විතරයි. ඊළඟ විනාඩියේදී සම්පූර්ණ වෙනස් ස්වරයකින් කරුණාවෙන් වෙනත් දෙයක් ගැන අහනවා. සුද්දන් ගැන අත්දැකීම් නොතිබුණු ඒ කාලයේ මේ වෙස් මාරුව ගැන තේරුම් ගන්න බොහොම අපහසු උනා. මේ බැනීම පුද්ගලික තරහක් නොවෙයි, රාජකාරියට අදාළ දෙයක් පමණයි කියන එක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා. ඒ මොකද, අපිට කවුරු හරි දොස් කිව්වාම, අපි මුළු ජීවිත කාලයම ඒක මතක තියාගෙන ඒකට රිටර්න් එකක් දෙන්න උත්සාහ කරනවා මිසක් බැන්න හේතුව නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ නැහැනේ!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    මට බැන්නම මමත් බනිනවා . තොපේ අත පල්ලෙන් වැටිලා නෑ කියලා . බොස් ගහන්න ආව දවසක් , ගැහුවා ඇත්තටම . පස්සේ විකෙන්ඩ් එක්ක ගෙවල් ගාව රැකලා ඉදලා කොල්ලො දාල හොදටම තඩි බෑව . ඌ පොලිසි ගියා ඒත් සාක්කි මදි ඔප්පු කරන්න . ඕකයි සීන් එක.
     
    • Haha
    Reactions: Achilles_Troy