උඹල දන්නවද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    උඹල දන්නවද භින්නෝන්මාද කාරයින්ගෙ හැටි
    උං අඬන්ඩ ඕන වෙලාවල් වලට හිනා වෙනව
    හිනා වෙන්ඩ පුලුවන් වෙලාවට අඬනව
    schizophrenia කියන්නෙ මේකට තමා
    තව එයාලගෙ කනට එක එක දේවල් අහෙනවලු. :baffled:
    මෙහෙම කට්ටියට බොන්ඩ දෙන බෙහෙත් මේව

    olanzapine
    risperidone
    clozapine


    මෙයාලගෙ ලක්ෂණ

    තමන්ට විශේෂ බලයන් ඇති බව විශ්වාස කිරීම - දේව වරම්, අත්භූත බලවේග මගින් කාලගුණය වෙනස් කිරීම හෝ ලෝකය වෙනස් කිරීමට හැකි බව

    කවුරුන් හෝ තමාට හානි කරාවි යන සැකය - තම නිවැසියන්, ඥාතීන් හෝ අසල්වාසීන් තමාට හානි කරන්නට හෝ ජීවිතයට හානි කිරීමට උත්සාහ කරනවා යන සැකය. (කෑමට වස දමාවි යන සැකය, තමා ඝාතනයට එකතු වී කුමන්ත්‍රන කරනවා යන සැකය )

    අසාමාන්‍යය ඉරිසියාව - මෙය බොහෝ විට සිය බිරිඳ හෝ සැමියා වෙනත් අය සමඟ අයුතු සබඳතා පවත්වනවා යන සැකය.

    භ්‍රාන්තිය නැත හොත් ව්‍යාජ දර්ශන (Hallucinations)
    *විවිධ ශබ්ද - යම් කටහඬක් තමාට අණ කරනවා ඇසීම, කටහඬවල් කීපයක් තමා ගැන කතා කරනවා ඇසීම, යම් කටහඬක් තමා කරන කරන දෙය හඬ නගා කියනවා ඇසීම.
    *විවිධ දර්ශන - අන් අයට නොපෙනෙන පුද්ගලයන් පෙනීම, මකරුන් වැනි සතුන් පෙනීම.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    4. කතාවේ සිදුවන එනස්කම්

    සමාන්‍ය අයට තෙරුම් ගත නොහැකි නව වචන යොදා ගනීම. (neologisms)
    හදිසියේම කතාව නවත්වමින් අස්වාභාවික ලෙස කතා කිරීම.(breaks)
    කතාව එක් මතෘකාවකින් තවත් මාතෘකාවකට ක්ශනිකව මාරු කිරීම. (මම කොලයක ලියනවා, මම ලියන පෑන හදල තියෙන්නෙ පෙරී සහ සමාගමෙහි නිපදවූවක්, ඒ සමාගම තියෙන්නෙ ලංඩන් නගරයේ. ලංඩන් තිබෙන්නේ එංගලන්තයේ. මම ඉස්කෝලෙ යන කාලෙ කැමතිම චිත්‍ර වලට....)
    තෙරුම් ගත නොහැකි කිසිදු ගැලපීමක් නැති දේවල් කියවීම


    5. අස්වාභාවික හැසිරීම්

    දින හෝ සති ගණනාවක් නිශ්ශබ්දව සිටීම. (mutism)
    එකම ඉරියව්වෙන් බොහෝ වෙලාවක් සිටීම (පැය ගණනාවක් ) (posturing)
    සමාන්‍යයෙන් සිටීමට අපහසු ඉරියව් වලින් සිටීම.
    තමා ඉටි වලින් තැනූවෙක් සේ හිඳීම එනම් වෙනත් අයෙක් අත යම් ඉරියව්වක තැබුවොත් ඒ අයුරින්ම සිටීම.(waxy flexibility)


    6. එදිනෙදා හැසිරීමේ සිදුවන වෙනස්කම්

    සමාජයෙන් ඈත් වී සමාජයට බිය වූවෙක් මෙන් ජීවත් වීම. (social withdrawal)
    කිසිම හැඟීම් ප්‍රකාශයක් නොමැති වීම.(blunting)
    තැනට නොගැලපෙන හැසිරීම් ඇති වීම.
    අසාමාන්‍ය නිශ්ශබ්දතාවය.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මීට අමතරව පහත ලක්ෂණද මෙම රෝගීන්ගේ දැකිය හැකි වනවා.

    පිරිසිදුව සිටීම අඩු වීම.
    සමාජ සම්මතයන් නොතකා අසභ්‍ය ලෙස හැසිරීම.
    කලබලකාරී බව, කෑකෝ ගැසීම
    තනිව සිනාසීම, කතා කිරීම
    තෙරුම් ගත නොහැකි වචන එකතුවක් පමණක් කියවීම
    එකවරම සිනාසීම හෝ හැඬීම, තැනට නොගැලපෙන හැඟීම් ප්‍රකාශය
    අවධානය එක් තැනක රඳවා සිටීමේ අපහසුව.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    සිරාවටම මචංල මට මේ ලෙඩේ අවුරුදු 22 ක් වගේ වෙනකං තිබුණ.. දැන් නම් හොඳටම හොඳයි..
    හැබැයි බෙහෙත් වලින් නෙමේ.. මේක අවබෝධ කරගෙනම.. සමහර විට මට මේක සුලුවන් වෙන්ඩ ඇති තියෙන්ඩ ඇත්තෙ. වයසෙන් මෝරනකොට මේ විදිය හරි බොලඳයි කියල තමන්ටම තේරෙනව..

    හැබැයි මට දැං වෙන ලෙඩ වගයක් තියෙනව
    OCD සහ Anxiety :(

     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මෙතන වැල් බයිලා ගහන් නැතුව රස්සාවකට පලයන් මිනිහෝ. කියක් හරි හම්බ කරන් කසාදයක් බැදලා ළමයෙක් හදපන් නියම පිරිමියෙක් වගේ.
     

    blue_in_rio

    Well-known member
  • දැන් එතකොට, Legion එකේ David වගේ, කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ ? ඌට ඇත්තටම ඒ හැකියාවන් තිබිලත්, ඌ, ඌට තියෙන්නේ මෙහෙම මානසික රෝගයක් කියලා හිතලා, උගේ හැකියාවන් වලින් ප්‍රොයෝජනයක් නොගෙනම, මැරිලා යනවා.සරලව කිව්වොත්, ඇත්තටම අධිමානසික කෙනෙක් , ඒ හැකියාව තේරුම් නොගෙන තමන්ට තියෙන්නේ භින්නෝන්මාදයයි කියලා හිතන එක ගැන උබ කියන්නේ මොකක්ද ? එහෙම දේවල් වෙන්නම බැරිද ? :oo::oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    දැන් එතකොට, Legion එකේ David වගේ, කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ ? ඌට ඇත්තටම ඒ හැකියාවන් තිබිලත්, ඌ, ඌට තියෙන්නේ මෙහෙම මානසික රෝගයක් කියලා හිතලා, උගේ හැකියාවන් වලින් ප්‍රොයෝජනයක් නොගෙනම, මැරිලා යනවා.සරලව කිව්වොත්, ඇත්තටම අධිමානසික කෙනෙක් , ඒ හැකියාව තේරුම් නොගෙන තමන්ට තියෙන්නේ භින්නෝන්මාදයයි කියලා හිතන එක ගැන උබ කියන්නේ මොකක්ද ? එහෙම දේවල් වෙන්නම බැරිද ? :oo::oo:

    ඇත්තටම එහෙම අධිමානසික බලයක් තියෙනවනං ඒකට භින්නෝන්මාදය කියන්ඩ බෑ..
    ඇත්තටම අධමානසික බල තියෙන අය ඉන්නවද ?
    මම නං දැකල නෑ..
     

    blue_in_rio

    Well-known member
  • ඇත්තටම එහෙම අධිමානසික බලයක් තියෙනවනං ඒකට භින්නෝන්මාදය කියන්ඩ බෑ..
    ඇත්තටම අධමානසික බල තියෙන අය ඉන්නවද ?
    මම නං දැකල නෑ..

    දැන් භින්නෝන්මාද අය හිතන්නේ එහෙමයි කියලනේ උබ කියන්නේ.මම අහන්නේ, ඒ අයගෙන්, ඇත්තටම ඒ අය හිතන විදියේ එක්කෙනෙක් හරි හිටියොත් මොකද වෙන්නේ කියලා. :nerd::nerd:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මෙතන වැල් බයිලා ගහන් නැතුව රස්සාවකට පලයන් මිනිහෝ. කියක් හරි හම්බ කරන් කසාදයක් බැදලා ළමයෙක් හදපන් නියම පිරිමියෙක් වගේ.

    ita passe marila palayan kylath kypn
    okada bn minihek wunama karanna ona :baffled::baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    දැන් භින්නෝන්මාද අය හිතන්නේ එහෙමයි කියලනේ උබ කියන්නේ.මම අහන්නේ, ඒ අයගෙන්, ඇත්තටම ඒ අය හිතන විදියේ එක්කෙනෙක් හරි හිටියොත් මොකද වෙන්නේ කියලා. :nerd::nerd:

    අනේ බුදු අයියෙ එතකොටනං මම දන්නෙ නෑ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    butterfly effect එකේ evan ටත් ඕක තියෙනව කියල හිතුවෙ ඒ වුනාට ඌ ඇත්තටම කාලෙ හරහා ගියානෙ :oo: :oo:
    තනියෙන් කතා කරන එක හිනා වෙන එක මටත් තියෙනවනෙ බං ඒ වුනාට අනික්ව නං නෑ වෙන මොකක් හරි වෙන්ඩ ඇති නේ ? :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    butterfly effect එකේ evan ටත් ඕක තියෙනව කියල හිතුවෙ ඒ වුනාට ඌ ඇත්තටම කාලෙ හරහා ගියානෙ :oo: :oo:
    තනියෙන් කතා කරන එක හිනා වෙන එක මටත් තියෙනවනෙ බං ඒ වුනාට අනික්ව නං නෑ වෙන මොකක් හරි වෙන්ඩ ඇති නේ ? :baffled: :baffled:

    උඹ මොනාද තනියෙන් කතා කරන්නෙ ?
    මොකක් හරි ඇත්ත සිදුවීමක් හරි විහිලු කතාවක් හරි මතක් වෙලාද හිනා යන්නෙ ? නැත්තං වෙන හේතුවක්ද..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මොනාද තනියෙන් කතා කරන්නෙ ?
    මොකක් හරි ඇත්ත සිදුවීමක් හරි විහිලු කතාවක් හරි මතක් වෙලාද හිනා යන්නෙ ? නැත්තං වෙන හේතුවක්ද..

    පෙලක් වෙලාවට එහෙම මතක් වෙලා හිනා යනව සමහර වෙලාවට නිකංම එක පාරට හිනාවෙන්න හිතෙනව ඉතිං හිනායනව :oo: :oo:
    ගෙදර අනික් අයට ඇහෙයි කියල මතක් වෙන්නෙ ඒ වෙලාවට එහෙම වුනාම බොරුවට කහිනව කැස්සක් ආව වගේ :sorry: :sorry:
    මොනා හරි කල්පනා කරද්දි වගේ එක පාරට කතා කෙරෙනව ඒ වෙලාවටත් කරන්නෙ බොරුවට කහින එක :sorry: :sorry: