උඹල පැස්ටා හදන්නෙ කොහොමද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම වැඩිය පැස්ටා කාපු එකෙක් නෙමෙයි. පහුගිය දවසකට රෙසිපි එකක් බලලා හැදුවා.. නියමෙට ආව.

    හදපු හැටි

    1) වතුර එකක් ලිපේ තියලා නටනකල් තිබ්බා. වතුර නටනකොට ලුණු ටිකක් දැම්මා. ඊට පස්සෙ තෙල් බිංදු දෙකක් විතර දැම්මා. පැස්ටා දැම්මා. වහල තිබ්බා මද ගින්දරේ..

    2) විනාඩි පහක් විතර ගියාට පස්සෙ බැලුවා. හරියටම විනාඩි 7ක් විතර යද්දි 98% විතර කුක් වෙලා. වතුර ඩ්‍රේන් වෙන්න ඇරලා තිබ්බා. (2% පැස්ටා වල තියන රස්නෙන් කුක් වෙනවා)

    3) චිකන් ටිකක් මෙරිනේට් කරලා කෙසෙල් කොලයකින් ඔතලා ස්ටීම් කලා. (විනාඩි 20යි) තීරු වලට ඉරුවා. තෙල් ටිකක් දාල ෆ්රයි කලා. (මේක ඔප්ෂනල්)

    4) තෙල් චුට්ටක් දාල සුදුළූණු සහ ලූණු තෙම්පරාදු කලා. කැරට් ලීක්ස් ටිකකුත් දැම්මා. ඊට පස්සෙ ෆ්රෙෂ් මිල්ක් දැම්මා . දාන ප්‍රමාණය හදන පැස්ටා ප්‍රමාණය දිහා බලලා තීරණය කරන්න ඕන

    5) ෆ්රෙෂ්මිල්ක් දැම්මට පස්සෙ නවත්තන්නෙ නැතිව හැඳිගාන්න ඕන. නැත්තං කිරි කැටි ගැහෙනවා. කැටි ගැහුනොත් දියරහ එනවා. ලුණු ටිකක් මිරිස් කුඩු හැන්දක් විතර දැම්මා...

    6) කිරි නටාගන එනකොට මොසරෙල්ලා චීස් ටිකක් කෑලි වලට කඩලා දැම්මා. දාන ප්‍රමාණෙ ඉතිං තමන් කැමති ප්‍රමාණෙකට. ඕන්නං චෙඩර් චීස් ග්‍රේට් කරලා දාන්නත් පුලුවන්. ගමේ කඩේ මොසරෙල්ලා විතරයි තිබ්බෙ.

    7) චීස් ටික දියවෙනකොට ටික ටික තික් වේගන එනවා තේරෙනවා හැඳගාද්දි. එතකොට ගම්මිරිස් කුඩු දැම්මා..තක්කාලි දැම්මා.. ඊට පස්සෙ ෆ්රයි කරපු චිකන් තීරු දාල ටිකකින් පැස්ටා ටික දැම්මා. කලවම් කිරිල්ලක් තමා ඊට පස්සෙ. හොඳට තික් වේගන එනකොට සෝස් ටිකක්, මයෝනීස් ටිකක් දැම්මා.. තමන්ට අවශ්‍ය ගාණට තික් උනාට පස්සෙ ලිප නිමුවා. රස්නෙන්ම කෑවා...

    රසට ආපු නිසා අපි තීරණය කලා පැස්ටා ටිකක් වැඩිපුර කෑමට එකතු කරගන්න. උඹල හදන රෙසිපි මොනවද ? රෙකමෙන්ඩේෂන්ස් මොනාද ? (උඹල ෆලෝ කරලා සිරාවට ආපු Youtube රෙසිපි ලින්ක්ස් එහෙම තියනවා නම් දාමු...)

    ජය වේවා!!!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Budgetඑක?

    පැස්ටා එක ලෝකල් බ්‍රෑන්ඩ් එකක්. රු 165යි
    ෆ්රෙෂ් මිල්ක් එක හයිලන්ඩ්. ගාන මතක නෑ හරියට.

    පැස්ටා පැකට් එකයි ෆ්රෙෂ් මිල්ක් එකයි තුන් දෙනෙකුට වේල් දෙකකට හැදුවා.

    අනිත් ඒවා ගෙදර තිබ්බ ඒවා බං (එලවලු, චිකන්, සෝස්, මයෝනීස්) . චීස් එකනං 420යි. හැබැයි චෙඩර් තිබ්බනං ඔයිට අඩුයි. චීස් එකෙන් බාගයක් ඉවරයි මීල්ස් දෙකට.
     

    Aperahata

    Well-known member
  • Dec 31, 2020
    245
    479
    63
    රෙස්ටුරන්ට් එකේ විදිහටම හදපු වයිට් සෝස් චිකන් පැස්ටා
    Restaurant Style White Sauce Chicken Pasta
     
    • Like
    Reactions: NRTG and maxtalker

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Ara hoda pasta brand ekak thiyenne bn. mata nama mathaka na. ratin ena ekak. Mahatha unclela dennek inne logo eke. Eka neda gatte. mama me tike hewwa bn hambune nane
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,331
    7,226
    113
    Pasta has many forms....which one are u talking about?
     

    Attachments

    • F15FE8A0-4A45-4DA1-B974-B1796DB3E0F8.jpeg
      F15FE8A0-4A45-4DA1-B974-B1796DB3E0F8.jpeg
      46.5 KB · Views: 94
    • Love
    Reactions: maxtalker

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    Ara hoda pasta brand ekak thiyenne bn. mata nama mathaka na. ratin ena ekak. Mahatha unclela dennek inne logo eke. Eka neda gatte. mama me tike hewwa bn hambune nane
    barilla italian

    Cabonara, kiyanne ban becon egg kahamade dala hadana 1k
    bolognaise , kiyanne mas abarala tomato souse dala hadana 1k
    fruiti de maré, kiyanne malu warga dala hadana 1k
    Marinara, kiyanne olive oil garlic dala hadana 1k
    pesto,kiyanne basilico pest 1k dala hadana 1k\
    arabiata, kiyanne olive oil garlic tomato source dala hadana 1k
    sri lankan,
    Chilly + garlic, white sauce , alfungi, fungi kiyanne hathu
    Eka eka vidiyata hadanawa ban

    pasta hadanan godak methd tiyenawa ban,
    pasta al forno
    pasta freddo
    ammooo tawa godak jathi,,
    ubama kiyala methd 1k create karagnea namak da ganin
    ela
    jaya wewa


    lankawe pasta streed food kadayak dammeoth business tiyeida ban
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    අඩෝ තෑන්ක්ස්

    Ara hoda pasta brand ekak thiyenne bn. mata nama mathaka na. ratin ena ekak. Mahatha unclela dennek inne logo eke. Eka neda gatte. mama me tike hewwa bn hambune nane

    මම ගත්තෙ ලෝකල් බ්‍රෑන්ඩ් එකක් මචං.

    ඔච්චර වැඩ දැම්මේ නෑ, :ROFLMAO:

    රෙසිපි එකට බඩගිනි හැදුන, අවුස්සලා බලන්න ඕන නූඩ්ල්ස් එකක්වත් තියේද කියල

    බලපං බලපං :D

    Pasta has many forms....which one are u talking about?

    Fusilli මචං

    Cabonara, bolognaise , fruiti de maré,
    Marinara, pesto,arabiata, sri lankan,
    Chilly + garlic, white sauce , alfungi,
    Eka eka vidiyata hadanawa ban

    Holiy shit oy... හොයලා බලන්න ඕන

    barilla italian

    pasta hadanan godak methd tiyenawa ban,
    pasta al forno
    pasta freddo
    ammooo tawa godak jathi,,
    ubama kiyala methd 1k create karagnea namak da ganin
    ela
    jaya wewa


    lankawe pasta streed food kadayak dammeoth business tiyeida ban

    මේ ඉන්නෙ යකෝ පාස්ටා එක්ස්පර්ට්ස්ලා... මට පැස්ටා එපාම වෙලා ගියේ මචං නාවල සෙන්සාල් එකේ පැස්ටා එක කාල.. පට්ට චාටර්...
    රහට තියනව නං බං ලංකාවෙ උන් පොල් ලෙල්ලක් උනත් කනවා :D :D
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    lankawe pasta streed food kadayak dammeoth business tiyeida ban
    අඩෝ තෑන්ක්ස්



    මම ගත්තෙ ලෝකල් බ්‍රෑන්ඩ් එකක් මචං.



    බලපං බලපං :D



    Fusilli මචං



    Holiy shit oy... හොයලා බලන්න ඕන



    මේ ඉන්නෙ යකෝ පාස්ටා එක්ස්පර්ට්ස්ලා... මට පැස්ටා එපාම වෙලා ගියේ මචං නාවල සෙන්සාල් එකේ පැස්ටා එක කාල.. පට්ට චාටර්...
    රහට තියනව නං බං ලංකාවෙ උන් පොල් ලෙල්ලක් උනත් කනවා :D :D
    man machan italy wala resturant 1ka weda ban,,
    man primi dish 1 hadanne,,
    pasta risotto
    help 1k onenam kiyapan
     
    • Love
    Reactions: maxtalker

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    italian pasta is world no 01 pasta machan,,
    Sure they are the most famous... But the best Pasta brands are not the popular ones you get in the supermarket. Once I tasted homemade pasta from a place in a remote town in Italy and it was superb.
    Even though we attribute Italy with Pasta, it's believed that it was really from China - being a variation of noodles - brought into Italy by Marco Polo.
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    machan ubalage adahasak kiyanna,
    lankawe kurunegal town 1 kittuwa, street food truck/van 1k kalaoth kohomada
    business tiyei da
    hadana pasta 1 pirisiduwata rasata heduwoth minissu gani neda
    kurunegala class and office target kaloth,,,

    oyalage adahas monawada,,,?
    ehema karanna kagenda ban awasara ganna one?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    machan ubalage adahasak kiyanna,
    lankawe kurunegal town 1 kittuwa, street food truck/van 1k kalaoth kohomada
    business tiyei da
    hadana pasta 1 pirisiduwata rasata heduwoth minissu gani neda
    kurunegala class and office target kaloth,,,

    oyalage adahas monawada,,,?
    ehema karanna kagenda ban awasara ganna one?

    තිත්තවැල්ල වැවගාව ස්ට්‍රීට් වෙන්ඩර්ස්ලා ඉන්නවා. හැබැයි උඹ ක්ලාසස් ,ඔෆිසස් ටාාට් කරනවනම් උඹට ටවුන් සෙන්ටර් එකට එන්න වෙනවා. වැව රවුමෙත් ස්ට්‍රීට් වෙන්ඩර්ස්ලා ඉන්නවා.

    මම උඹට ඕන්නං සජෂන් එකක් දෙන්නම්.
    උඹ ඉන්න තැන තමාාකෑම හදන්නෙ. මෙනු අයිටම්ස් කීපයක් තියනවා. උඹ ඒවාාෆේස්බුක් පේජ් එකක් හරහා මාකට් කරන්නෙ. ලන්ච් ඕඩර්ස් බාර ගන්නව 10:30 වෙනකල්. ඒ ඕඩර්ස් ටික ඩිලිවර් කරනවා කොනක ඉඳං. ඩිලිවරි චාර්ජස් වෙනම ගන්නව. ටවුන් සීමාව විතරයිි. තිත්තවැල්ල, මල්කඩුවාව, තෙලියගොන්න, ගැට්ටුවාන, කොලඹපාරෙ මල්ලිකා ෂෙඩ්ස් තියන හරිය, වැවරවුම.. ඔන්න ලිමිට් එක. ඩිනර් ඕඩර්ස් බාරගන්නවාා 5:00 වෙනකල්. ඊට පස්සෙ 7 ඉඳන් ඩිලිවර් කරනවා.

    ඔය මෙතඩ් එකට කරන් යන උන් ඉන්නවා කොලඹ. උඹ කෑම ටික සුපිරියට දෙනවනම් උඹට ලෝයල් , රෙගියුලර් කස්ටමර් බේස් එකක් හැදෙනවා.

    ජය...
     
    • Like
    Reactions: pc kush