උසස් පෙළට තවත් විෂයක්

Sep 24, 2011
324
113
0
උසස් පෙළට තවත් විෂයක්

DSC_0083web.gif



Srilankamirror - ඉදිරියේ දී උසස් පෙළ සඳහා තවත් විෂය ධාරාවක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව උසස් පෙළට විෂය නිර්දේශ 05ක් ඉදිරිපත් වනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එහිදී ගණිත, විද්‍යා, වාණිජ්‍ය සහ කලා යන විෂය නිර්දේශයන්ට අමතරව තාක‍්ෂණ විෂය ද එයට එක් කෙරෙනු ඇත.

එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ පොදු විෂයන් වන මව්බස, දෙවන බස, ආගම, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන්ට අමතරව තෝරා ගැනීමට ඇති විෂයන්වල 2013 වසරේ සිට වෙනසක් ඇති කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියි.

ඒ අනුව පාසල් දරුවන් උසස් පෙළ දී තෝරා ගැනීමට බලාපොරොත්තු වන විෂය නිර්දේශයට අදාළ වන විෂය 03 ක් සාමාන්‍ය පෙළ දී තෝරා ගැනීමට අවස්ථාව ලබා දීම සිදු වේ.
එමඟින් පාසල් දරුවන්ට උසස් පෙළ දී අලුත් ම විෂයන්ට මුහුණ දීමේ දී ඇති වන ගැටළුව මඟ හැරී උසස් පෙළ විෂය පිළිබඳව සාමාන්‍ය පෙළ දී යම් අවබෝධයක් ඇතිව පිවිසීමට හැකියාව ලැඛෙන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.​

 

Similar threads