උසස් පෙළ වෙනස් වේ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
උසස් පෙළ වෙනස් වේ

සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත උසස් පෙළට හඳුන්වා දී ඇති අලුත් විෂයයන්. මේ වන විට නම් කර ඇතුළත් කර තිබෙනවා.

එළඹෙන ඔක්තෝබරයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්, 2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදිත් මෙය ක්‍රියාත්මක වෙනු ඇති.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනවා.

මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වනු ලබන අතර, එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි.

ඒ පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව වශයෙනුයි. පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 09ක් ආවරණය කෙරෙනවා.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය ක්ෂේත්‍රයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි.

සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ.

1. පළමු බස (සිංහල හෝ දෙමළ)
2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය
3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා
4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා
5. පුරවැසිභාවයට අදාළ කුසලතා
6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා
7. ව්‍යවසායකත්ව කුසලතා
8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්
9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞර්ෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි.

ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්‍ට අවකාශ හිමි වනවා.

ව්‍යවහාර විෂයයන් (26)

1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care)
2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)
3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports)
4. ප්‍රාසාංගික කලාව (Performing Arts)
5. කාර්යසිද්ධි කළමණාකරණය (Event Management)
6. ශිල්ප කලා (Arts and Crafts)
7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
9. ග්‍රැ‍ෆික් නිර්මාණකරණය (Graphic Designing)
10. කලාව හා පිරිසැලසුම්කරණය (Art and Designing)
11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)
13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)
14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Food Processing Studies)
15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය (Aquatic Resource Studies)
16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)
17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)
18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය (Automobile Studies)
19. විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)
20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies)
21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)
22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)
23. මෘදුකාංග සංවර්ධනය (Software Development)
24. වෙබ් නිර්මාණකරණය (Web Development)
25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)
26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies)
 
Tanto

Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    Theerum gann bari thanak thiyenawa ne dan ethakota ARTS maths commerce bio vidiyata kadenne nadda ???
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Theerum gann bari thanak thiyenawa ne dan ethakota ARTS maths commerce bio vidiyata kadenne nadda ???

    ඊට අමතරව තමයි මේ වෘත්තීය විෂය ධාරාව එන්නේ :):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    owa karanna kalin gam wala iskola walata hariyata guruwaru tikak dunna nam hondayi

    කොටා උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා ඒ වුනාට අපි වෘත්තීය විෂය මාලා පටන්ගන්න තිබුනේ සැහෙන කාලයකට කලින් ඔක්කොම අඩුපාඩු හදාගෙන මේවා පටන් ගන්න බැහැ කොතනින් හරි ආරම්භ කරන්න ඕනා දැනටත් අපි ප්‍රමාදයි සෑහෙන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටා උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා ඒ වුනාට අපි වෘත්තීය විෂය මාලා පටන්ගන්න තිබුනේ සැහෙන කාලයකට කලින් ඔක්කොම අඩුපාඩු හදාගෙන මේවා පටන් ගන්න බැහැ කොතනින් හරි ආරම්භ කරන්න ඕනා දැනටත් අපි ප්‍රමාදයි සෑහෙන

    e katawa awasya wenne nea methanata.

    wurtheeya sudusukamak awasya wennema ada adypana kramayen labena pratipala sahatiken wurhimaya hakiyawa hariyata evaluate nowana nisa.

    meka hariyata kriyathmaka wela niyama piliganeema hadala dunnanam EKA THAMA NUTHANA REVOLUTION eka lankawe.

    akandawa wade yanna one. guruwarunge oluwala tyena paudgalika matayan atarala me wage dewal accept kaloth wadath sartakayi
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේවා කරලා යන්න පුළුවන් යුනිවර්සිටි / ෆැකල්ටි මොනවද දන්නේ නැහැ.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    කොටා උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා ඒ වුනාට අපි වෘත්තීය විෂය මාලා පටන්ගන්න තිබුනේ සැහෙන කාලයකට කලින් ඔක්කොම අඩුපාඩු හදාගෙන මේවා පටන් ගන්න බැහැ කොතනින් හරි ආරම්භ කරන්න ඕනා දැනටත් අපි ප්‍රමාදයි සෑහෙන

    patan ganna eka hondayi eth namata vithrak neme,mama podi kale indala iskola 8 kata vithra gihin tiyenawa tatthage job eka nisa serin sere maru kala.a/l kale galla distthirikkaya iskoleka.awruddak yanakam a/l walata accounts guruwarayek hitiye naha,anek vishayan walatath ehemayi enawa yanawa.tahmath ehe ehemayi .eth ekama vibageta lankawema lamayi liyanne.pakkunge boru bayila vithrayi.aduma gane igena ganna ona karana mulika phasukam wath neha
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    රැකියා මූලික අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි සාධනිය ක්‍රියාවක් අගයකල යුතුයි.
    නමුදු නව විෂයන් හදුන්ව දිමේදි නිසිපරිදි විෂය නිර්දේශ, පුහුනු ගුරුවරුන් හා තෘතිය අධ්‍යාපන පාඨමාල සහිතව ආරම්බ කල යුතුයි.
    තාක්ෂණවේදයේදි වු අත්වැරදි නොවිය යුතුයි.
    නැතිනම් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වැඩේ අයිත් වෙනව.

    අඩ බෙර ගහන්න කලින් බෙරේ වරපට පරික්ෂා කර, යන මග දැන කෝට්ටට අත තැබිය යුතුයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    රැකියා මූලික අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි සාධනිය ක්‍රියාවක් අගයකල යුතුයි.
    නමුදු නව විෂයන් හදුන්ව දිමේදි නිසිපරිදි විෂය නිර්දේශ, පුහුනු ගුරුවරුන් හා තෘතිය අධ්‍යාපන පාඨමාල සහිතව ආරම්බ කල යුතුයි.
    තාක්ෂණවේදයේදි වු අත්වැරදි නොවිය යුතුයි.
    නැතිනම් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වැඩේ අයිත් වෙනව.

    අඩ බෙර ගහන්න කලින් බෙරේ වරපට පරික්ෂා කර, යන මග දැන කෝට්ටට අත තැබිය යුතුයි.

    :yes::yes:
     
    hari kathawa.

    oya siyalu wishayan hama thanama nam karanne netiwei.
    lankawe danatamath wurthiya adyapanaya labapu laban system ekak tyenawa. NVQ system eka tyenawa. ewayi sudusukam labu aya innawa. System eka RUN una awurudu kipayak.

    prashna kochchara thibbath patangannami one.
    Rellata bahinne netuwa paruwe ada kuda hoyana samaje winasha kala yuthui. adu padu hadanna udaw denna one.

    ETCA EPA kiyala nikan uda balan indala hariyaida. mewa kriyathmaka nokara.
    2012 wadagath wyapruthi yojana reject kala henchmen la ekatu wela.
    Ada fields okkoma suffer karanawa:dull: