උස් මහත් වී.. නුඹ ඈත් වී..
මං ගතකලේ කාර්යබහුල ජීවිතයක්.
ඔයා එක්ක සෙල්ලම් කරන්න මට කාලයක් තිබුනෙ නෑ.
ඔයා ලඟට ඇවිත් සෙල්ලම් කරමු කියද්දී
ඔයා වෙනුවෙන් මට කාලයක් තිබුනේ නෑ.
මං ඔයාට කෑම හැදුව, ඔයාගෙ රෙදි හේදුවා,
ඒත් ඔයා පින්තූර පොතක් අරගෙන මං ලඟට එනකොට
දවසෙම වැඩ කරල මං හෙම්බත් වෙලා...
"අනේ පුතේ තව චුට්ටකින්" මම කියනවා...
රෑට මං ඔයාව තුරුළු කරගෙන නිදාගන්නවා.
ඔයාට ගාථා කියල ඔයාව සනසවල
මං ලයිට් එක නිවනවා...
ඔයා සැනසීමෙන් සුවෙන් නිදි කියල දැනුනම
මම කාමරෙන් යනවා...
ඒත් තව මිනිත්තුවක් ඉන්න ආසයි...
එත් මට කරන්න වැඩ එමටයි...
ජීවිතේ හරිම කෙටියි... කාලය ගෙවෙන්නෙ අපිට නොදැනීමයි...
මගේ පුංචි පුතා ඉක්මනින් ලොකුවෙලා
ඔයා තවත් මගේ ළඟ දැවටෙන්න එන්නෙ නෑ...
සෙල්ලම් කරමු කියන්නෙ නෑ...
ඔයාට දැන් ඔයාගෙම කියල ලෝකයක් තියෙනවා.
දැන් පින්තූර පොත් බලන වයසක් නෙමෙයි...
සෙල්ලම් කරන කාලයක් නෙමෙයි...
රෑට මාව ඉඹලා නිදාගන්නෙ නෑ ඔයා...
ඔයාට නින්ද යනකම් මං ගාථා කියන්නෙත් නෑ...
ඒ හැමදේම අතීතෙට එකතුවෙලා..
දැන් මගේ කාර්යබහුල ජීවිතේට විරාමයක් හම්බවෙලා...
දවස ඉස්සරට වඩා හුඟක් දිගයි...
කරන්න හරියට දෙයක් නැතුව මං බලාගෙන ඉන්නවා..
ආයෙත් අතීතෙට ගිහින් පුතත් එක්ක එකතු වෙලා
පින්තූර පොත් බලන්න තියෙනවා නං...
ඒත් දැන් ඔයා කාර්යබහුලයි...
- "එලීනා නිව්බර්ත්"
උස් මහත් වී.. නුඹ ඈත් වී..
කාලෙකින් කිරියේ පැත්තේ ආවේ...දාන්ඩ දේකුත් නෑ, මේක හොඳයි කියලා හිතුනා


මං ගතකලේ කාර්යබහුල ජීවිතයක්.
ඔයා එක්ක සෙල්ලම් කරන්න මට කාලයක් තිබුනෙ නෑ.
ඔයා ලඟට ඇවිත් සෙල්ලම් කරමු කියද්දී
ඔයා වෙනුවෙන් මට කාලයක් තිබුනේ නෑ.
මං ඔයාට කෑම හැදුව, ඔයාගෙ රෙදි හේදුවා,
ඒත් ඔයා පින්තූර පොතක් අරගෙන මං ලඟට එනකොට
දවසෙම වැඩ කරල මං හෙම්බත් වෙලා...
"අනේ පුතේ තව චුට්ටකින්" මම කියනවා...
රෑට මං ඔයාව තුරුළු කරගෙන නිදාගන්නවා.
ඔයාට ගාථා කියල ඔයාව සනසවල
මං ලයිට් එක නිවනවා...
ඔයා සැනසීමෙන් සුවෙන් නිදි කියල දැනුනම
මම කාමරෙන් යනවා...
ඒත් තව මිනිත්තුවක් ඉන්න ආසයි...
එත් මට කරන්න වැඩ එමටයි...
ජීවිතේ හරිම කෙටියි... කාලය ගෙවෙන්නෙ අපිට නොදැනීමයි...
මගේ පුංචි පුතා ඉක්මනින් ලොකුවෙලා
ඔයා තවත් මගේ ළඟ දැවටෙන්න එන්නෙ නෑ...
සෙල්ලම් කරමු කියන්නෙ නෑ...
ඔයාට දැන් ඔයාගෙම කියල ලෝකයක් තියෙනවා.
දැන් පින්තූර පොත් බලන වයසක් නෙමෙයි...
සෙල්ලම් කරන කාලයක් නෙමෙයි...
රෑට මාව ඉඹලා නිදාගන්නෙ නෑ ඔයා...
ඔයාට නින්ද යනකම් මං ගාථා කියන්නෙත් නෑ...
ඒ හැමදේම අතීතෙට එකතුවෙලා..
දැන් මගේ කාර්යබහුල ජීවිතේට විරාමයක් හම්බවෙලා...
දවස ඉස්සරට වඩා හුඟක් දිගයි...
කරන්න හරියට දෙයක් නැතුව මං බලාගෙන ඉන්නවා..
ආයෙත් අතීතෙට ගිහින් පුතත් එක්ක එකතු වෙලා
පින්තූර පොත් බලන්න තියෙනවා නං...
ඒත් දැන් ඔයා කාර්යබහුලයි...
- "එලීනා නිව්බර්ත්"

+++ 