උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

thanujaka

Well-known member
  • උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

    මේකත් අළුත්කඩේ උසාවියේදීම මේ වනවිට දිගහැරෙන එක් සත්‍ය සිදුවීමකට අදාළ නඩුවක පසුබිම් කතාවක්.
    කලින් අනීතික විවාහ ගැටළුවක් සහ මිනීමැරුම් නඩුවක් ගැන නූලක් දාපු හින්ද ඔන්න මේ පාර වෙනසකටත් එක්ක කුඩු නඩුවක් ගැනයි මම උබලට කියන්න යන්නේ.
    මේ කතාවේ නම් ගම් සියල්ලම 100%ක්ම මන:කල්පිතයි කියන එකත් මුලින්ම කියල ඉන්නං.
    කතාව සැකෙවින් මෙහෙමයි.
    කතාවේ කතා නායකයා එහෙමත් නැත්තං මගේ සේවාදායකය තමයි චතුර. වයසනං ඇත්තටම අවුරුදු 22ක පොඩි තරුණයෙක්.
    චතුර කියන්නේ කොලබින් ඉතා දුරබැහැර අම්පාර ප්‍රදේශයේ ජීවත් වෙන තරුණයෙක්.
    මෙයා A/L කරන කාලේ කොහුවල තියෙන ඉතා සුප්‍රසිද්ධ අමතර පන්තියකට සහභාගී වෙලා තියෙනවා.
    උදේ පන්තියට එන්න මෙයා හැමදාම සෙනසුරාද උදේ 1ට විතර තමයි බස් එකට නගින්නේ.
    මාස හය හතක් මෙහෙම එනකොට මෙයා පන්තියෙදීම අදුරගත්ත කොලබට තදාසන්න කැලණියේ ජීවත් වෙන යාලුවෙක් වන උදාර මෙයාට ආරාධනා කරනවා කලින් දවසේ ඇවිල්ල ඒගොල්ලන්ගේ ගෙදර නැවතිලා පහුවෙනිදා උදේම මෙයත් එක්කම උපකාරක පන්තියට සහභාගී වෙන්න යමුයි කියල.
    මෙයාටත් මේක පහසු හින්ද මෙයා උදාරගේ ආරාධනාව භාරගෙන සිකුරාදා රෑ එහෙ නැවතිලා සෙනසුරාදා උදේම යාලුවත් එක්කම යනවා අර කොහුවල පිහිටි උපකාරක පන්තියට.
    කලක් යනකොට උදාරගේ දෙමව්පියන් එක්කත් චතුර හොදින් හිතවත් උන හින්ද මෙයා හැම සිකුරාදාම 3 4 වගේ වෙද්දී උදාරගේ ගෙදෙට්ට එන්න පුරුදු වෙලා හිටිය.
    ඊට පස්සේ දෙන්නත් එක්ක ගෙවල් අහල පහල ඉන්න යාළුවොත් එක්ක එහෙමෙහෙ ඇවිදලා රෑ වෙලා ගෙදර ඇවිල්ල නිදාගෙන උදේ පන්ති යන්න පුරුදු වුනා.
    මේ අතර වාරයේදී උදාරගේ ගෙවල් යලට පොඩ්ඩක් දුරින් ඉන්න මෙයාලට වඩා අවුරුදු 6ක් වැඩිමල් බර්ගර් ජාතික තරුණයෙක් වෙන රයන් එක්කත් චතුර හොදින් සමීප උනා.
    විවාහක තරුණයෙක් වෙන රයන් ගේ ගෙදර හිටියේ එයත් එයාගේ බිරිදත් විතරයි.
    රයන් කියන්නේ ඉතා යහමින් අතේ මුදල් ගැවසිච්ච තරුණයෙක් නිසා ඔහුත් ඔහුගේ මිතුරනුත් සමග සිකුරාදා රෑට පොඩ්ඩක් හොදින් මත්පැනින් සප්පායම් වෙන්නත්, ඇතැම් දවස්වලට ඔවුන් සමග සමාජශාලා වලට යන්නත් මේ දෙන්න පුරුදු උනා.
    කොහොමින් කොහොමින් හරි A/L ලුත් ඉවර උන නිසා චතුර උදාරගේ නිවසේ නතරවෙන එක සහමුලින්ම නැති වුනා.
    A/L අවසන් උනායින් පස්සේ චතුර කොලබින්ම රැකියාවකුත් හොයාගෙන, බෝඩින් කාමරයකුත් කුලියට අරගෙන කොලබට තදාසන්න ප්‍රදේශයකම නතර උනා.
    නමුත් පුරුදු පරිදිම මොවුන් අතර තිබ්බ මිතුරු හවුල පැවතගෙන ගියා.
    ඔය අතර වාරයේදී රයන්ගෙනුත් චතුරට යම් ආරාධනාවක් ලැබෙනවා.
    ඒ තමයි එයා අවුරුදු 2කට රට යන බවත් ඒ කාලයේදී තමන්ගේ ගේ බලාකියාගෙන තමන්ගේ ගෙදර නතර වෙලා රැකියාවට යන්න කියන එක. ඒ සදහා ගෙවීමකුත් කරන්න කැමති බවත් රයන් චතුරට කියනවා. මේකට චතුර එක පයින්ම කැමති වෙනවා. මොකද දැන් බෝඩින් ගාස්තු යන්නෙත් නෑ, ඒ මදිවට ගේ බලා කියාගන්නවට වෙනම ගෙවීමකුත් කරනවනේ. අනිත් අතින් මේක හොද සැපපහසු සුපෝඛභෝගී ගෙයක්. මේක ඉතිං හැම අතින්ම ලාභදායක දෙයක් නිසා චතුර හා කියල මේ ඉල්ලීම භාරගන්නවා.

    කොහොමින් හරි පෙර කියූ ලෙසටම රයන් විදේශගත වෙනවා.
    දැන් රයන් ගේ ගෙදර නතර වෙලා එහෙ ඉදන්ම චතුර වැඩට යනවා.
    මෙහෙම ඉන්නකොට රයන් කෝල් කරලා චතුරට කියනවා මං ඔයාගේ නමට ඔහෙට තැපෑලෙන් ලියුං වගයක් එවනවා ඔයා ඒවා භාරගන්න, ඒවා අරන් යන්න මගේ යාලුවෙක් එයි ඔයා ආපහු ඒවා ඒ යාළුවට භාරදෙන්න කියල.
    කොහොමින් හරි කියූ ලෙසටම අදාළ ලියුං චතුරට ලැබෙන අතරේ ඒ ලියුං භාරගන්න තවත් බර්ගර් ජාතික තරුණයෝ දෙන්නෙක් මේ නිවසට ආව. චතුර කරේ එයාගේ නමට එවපු මේ ලියුං භාරගෙන ඊට පස්සේ ඒවා අර බර්ගර් ජාතික තරුණයන් දෙන්නට අපහු භාරදුන්න එක. මේක සැලකියයුතු කාලයක් මාසෙකට දෙසැරයක් වගේ නිතිපතා සිද්ධවෙන්න ගත්ත.

    මීට මාස 8කට විතර ඉහත එක්තරා දවසක සන්ධ්‍ය භාගයේදී එක පාරට චතුර නතර වෙලා හිටපු රයන්ගේ ගෙදෙට්ට පොලිසියෙන් පැනලා චතුරව අත්අඩංගුවට ගන්නවා.
    චතුරට හිතාගන්න බෑ මොකද්ද මේ සිද්ධ වුනේ කියල.

    වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්, රයන් කියන්නේ කුඩු ජාලයට සම්බන්ධ ගනුදෙනු වල නියුතු ප්‍රබල චරිතයක්.
    යම්කසි කෙනෙක් ඔහුට කුඩු ඉල්ලලා ඇනවුමක් බාර දුන්නම රයන් ඒ අදාළ ඉල්ලුම් කරුට ඉලක්කම් 8කින් සමන්විත අංකයක් දෙනවා.
    ඊට පස්සේ ඒ අංකය මුද්‍රණය කරලා චෙක් පතක ප්‍රමාණයේ කාඩ් එකක් ගහල එකට එම්බොස් සීල් එකක් ගහල චතුරගේ නමින් ලංකාවට එවනවා. අර බර්ගර් ජාතික අනික් තරුණයන් දෙන්නත් මේතන මොකක් හරි හොර වැඩක් සිද්ධ වෙන බව දැනන් ඉදල තිබුනනත් එක කුඩු ගනුදෙනුවක් කියන එක දැනන් ඉදල නෑ.
    එයාල කරන්නේ ඒ දෙන්නට දුරකතනයෙන් අමතල ඒ ගොල්ලන්ට කියපු තැනකට ගිහින් අදාළ ලියුම භාරදෙන එක විතරයි. මේ ගොල්ලෝ මේ ලියුම් භාරදෙන්නේ පොදු ස්ථානයකදී.
    උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. රයන් එයාලට දුරකතනයෙන් කතාකරලා කියෙනවා නුගේගොඩ බෝ ගහ ලගට උදේ 7.30 වෙද්දී රතු පාට ෂර්ට් එකක් ඇදගත්තු එක්කෙනෙක් එයි, ඔයාල ගිහිං මේ ලියුම එයාට භාරදෙන්න කියල. එතනින් එයාලගේ රාජකාරිය ඉවරයි.

    ඊට පස්සේ මේ කාඩ්පත් ලාභියා මේ කාඩ් එක ගිනිහින් රයන් කියන පුද්ගලයෙකුට කියන තැනකදී දුන්නම, එයා ඒ කාඩ් එක බලල අංකයට අදාළ කුඩු ඇනවුම දෙනවා.
    ඒ කියන්නේ 82354738 කියන අංකෙට දෙන්න ඕනේ කුඩු කිලෝ දෙකයි නං කාඩ් එක ගන්න එක්කෙනා ඒ කාඩ් එක ගත්ත ගමන්ම අංකෙ බලල අදාළ කුඩු ප්‍රමාණය දෙනවා.
    මේ දෙන්න අතරේ කිසිම කතාබහක් වෙන්නේ නෑ.. කාඩ් එක ගත්ත, නම්බරේ බැලුව, නම්බරේට අදාළ ඇනවුම භාරදුන්න, සල්ලි ගත්ත, ගියා. එච්චර තමයි. එතනින් ගනුදෙනුව අවසන්.

    මේක CID එකෙන් කාලයක් තිස්සේ තොරතුරු හොයමින් ඇහැගහගෙන ඉදල අල්ල ගත්ත කේස් එකක්.
    මේ වෙනකොට අර බර්ගර් ජාතික තරුණයෝ දෙන්න ඉන්නෙත් රිමාන්ඩ් එකේ, මගේ සේවාදායකය වෙන චතුරත් දැන් පොලිසියෙන් අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා.

    හොදම වැඩේ රයන්ගේ ගෙදරත් රයන්ගේ නෙමෙයි, එක අවුරුදු 5කට බදු ගත්ත ගෙයක්, බදු අරන් තියෙන්නෙත් ව්‍යාජ නමකින් ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කරලා.රයන් දැන් ආගිය අතක්වත් නෑ.
    මගේ සේවාදයකයත් එලියට ගන්න මට තව අවම අවුරුදු 1 හමාරක්වත් යන එක යනවා.

    මේක තමයි උබල අපි හැමෝම ජීවත්වෙන සමාජේ හැටි.
    නොමිනිස්සු හැමදේම සුක්ෂමව සැලසුම් කරලා අහිංසක මිනිහෙක්ව අවසානයට අල්ලලා තියල කාටත් නොපෙනීම යන්න යනවා.
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    මොකද ජීවිතේ වැරදුනු තැන් ආයේ කවදාවත්ම හදන්න බෑ.
    මට වැරදුනා නේද කියල හිතල උබ ආපහු පිටිපස්ස හැරිලා බලනකොට උබට උබෙම හෙවනැල්ලවත් ආයේ කවම කවදාකවත් දකින්න ලැබෙන්නේ නෑ. එක සහතිකයි.
    මොකද හිර ගෙදර ගෙවන ජීවිතේ ඒ තරම්ම කළුවරයි මචං.

    එහෙනං මේ ලිපියත් සමගින්ම සත්‍ය සිදුවීම් ඇසුරෙන් මං දැන් ආපු ලිපි පෙළත් අවසන් කරනවා.
    බුදුසරණයි ඔක්කොටම.:)
     
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.

    :yes::yes::yes:

    TFS Rep+
     
    • Like
    Reactions: thanujaka

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මගේ සේවාදයකයත් එලියට ගන්න මට තව අවම අවුරුදු 1 හමාරක්වත් යන එක යනවා.


    ඇයි ඒ එච්චර කාලයක් යන්නේ? ඇප ගන්න අමාරුද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේ.. උසාවියකින් සත්‍ය කතාවක් දෙවැන්න කොයි..
    මං මුල් එක කියෙව්වා.. තුන්වැන්නත් කියෙව්වා..
    :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං අරූ නොදැන කරපු දේට අවුරුද්දකට හිරේ දැම්මෙ.. කැරි වැඩක්නේ ඒක..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ketha siddiya,uba oya case eka api ekka share kara gattata thanks machan,mewa kiyawalawath ape un hedenawanam Loku deyak
     

    thanujaka

    Well-known member
  • me wage seen ekakadi ube sewa dayakayata wirrudawa mokkak da chodanawa wenne ?

    මත්ද්‍රව්‍ය ජාවාරමම තමයි මචං.

    ඇයි ඒ එච්චර කාලයක් යන්නේ? ඇප ගන්න අමාරුද?

    කුඩු නඩු වල ඇප දෙන්නෙම නෑ බං.
    පට්ට අමාරුයි ඇප ගන්න ගියාම.


    ඇයි බං අරූ නොදැන කරපු දේට අවුරුද්දකට හිරේ දැම්මෙ.. කැරි වැඩක්නේ ඒක..
    මං වැරද්දක් කරේ නෑ කිව්වට පොලිසියෙන් පිළිගන්නේ නෑනේ බං..:dull:
    උන් හිතන්නේ මුත් දැනුවත්වම එක කළා කියලයි.
    පොලිසියෙන් ගහල තිබ්බ කොල්ලට ඇඩ්‍රස් නැති වෙන්නම..:frown: