උසාවියේ රස කථා 3ක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උසාවියේ රස කථා 3ක්

    ස්වාමීනි මට සස්පෙන්ඩරයක් දෙන්න ………උසාවියෙන් ඇසෙන රසකතා ..


    හැත්තෑව දශකයේ කළුතර මහාධිකරණයේ සිදුවූ රසවත් සිදුවීමකි මෙය.අපරාධ වරදකට වරදකරු වූ චුදිතයෙකුට අධිකරණයට දිය හැකි ලිහිල් දඬුවමක් වන්නේ එලියට අච්චුකිරිම එසේත් නොමැතිනම් ඇඟ බැඳීමයි.නීතියේ භාවිතා වන වචනය අත්හිටවූ සිර දඬුවමයි.අත්හිටවූ සිර දඬුවම යන වචනයේ ස්වරුපයෙන්ම කියවෙන්නේ සිර දඬුවම නතර කිරීමයි.එනම් සිර දඬුවම ගරු අධිකරණය සම්බන්දයෙන් නියෝගයක් කළද එය වර්ෂ කිහිපයකට ක්‍රියාත්මක කිරීම නතර කරයි.එකි අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්මක වන්නේ එකී වරදම හෝ ඒ හා සමාන වෙනත් වරදක් කොට අධිකරණය මගින් වරද කරු වුවහොත් පසු වරදේ දඬුවම සමග පෙර අත්හිටවූ සිර දඬුවමද ක්‍රියාත්මක වේ.මෙම අත්හිටවූ සිර දඬුවම යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් සස්පෙන්ඩඩ් සෙන්ටෙන්ස් (Suspended sentence) වශයෙන් භාවිතා කරයි. ජීවිතයේ පළමු වතාවට සුළු අපරාධ වරදකට වරදකරු වන අයෙකුට අධිකරණය මගින් සිර දඬුවම් නියම කරන්නේ නැත. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වගන්තිය යටතේ මෙම අත්හිටවූ සිර දඬුවමක් ලබා දීමට අපරාධ අධිකරණයන් වන මහේස්ත්‍රාත් සහ මහාධිකරණ වලට නීතිමය බලය ලබා දී ඇත.

    ඉහත කී කළුතර මහාධිකරණයේ චුදිත වෙත තිබු චෝදනාව මිනි මැරීමයි.නඩුව අවසානයේ අධිකරණ ශාලාව වසා සියලු විදුලි පහන් නිවාචු දමා මහාධිකරණ ව්නිසුරුවරයා සිය ආසනයෙන් නැගිට චුදිත වැරදිකරු කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.ලංකාවේ අධිකරණ සියල්ලේම චුදිතයෙකු ඉදිරියේ අධිකරණ ව්නිසුරුවරයෙකු නැගිට සිය නියෝගය ප්‍රකාශයට පත් කරන එකම අවස්ථාව මරණිය දඬුවම ලබා දෙන මොහොතයි .එකී අවස්ථාවේ අධිකරණයේ සිටින සියලුම අය නැගිට සිටිය යුතුය.මරණිය දඬුවම ලබා දීමට පෙර ව්නිසුරුවරයා චුදිතගෙන් මරණිය දඬුවමින් දඬුවම් කිරීමට පෙර කීමට යමක් ඇද්ද යන්න විමසීම නීතිමය අවශ්‍යතාවයකි.එම අවස්ථාවේ චුදිත කෙතරම් කාලයක් ගෙන තමන්ට ඕනෑම දෙයක් කීමට අයතිය ඇති අතර විනිසුරුවරයා එය අසා සටහන් කර ගත යුතුවේ.

    මෙම නඩුවේ චුදිත ගෙන් විනිසුරුවරයා චුදිත අමතා මරණිය දඬුවමින් දඬුවම් කිරීමට පෙර චුදිතට යමක් කීමට ඇත්දැයි විමසිය.වහා ක්‍රියාත්මක වූදීත ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගතයුතු බවට තීරණය කොට බුලත් කසට සහිත දත් දෙපල පෙන්නා මදක් සිනාසී කියා සිටියේ “ස්වාමිනි මට සස්පෙන්ඩරයක් දෙන්න” වශයෙනි.කරුණු වටහාගත් විනිසුරුවරයාහට නැගී ආ සිනහව වලක්වා ගනිමින් චුදිත අමතා කියා සිටියේ “තමාට ගැලපෙන සස්පෙන්ඩරයක් බන්ධනාගාරයේදී ලැබේවි” කියාය. (සස්පෙන්ඩර් යනු පිරිමි යට ඇඳුම වේ)

    මා අසා ඇති පරිදි එදා කළුතර මහාධිකරණයේ එවකට සේවය කල රජයේ නීතිඥ වරයා අද නීතිපති දෙපාර්තමේන්තුවේ

    ඉතා ඉහල තනතුරක තවම සේවයකරයි.





    ප්‍රොඩක්ෂන් ගෙනල්ලාද..?උසාවියෙන් ඇසෙන රස කතා


    අපරාධ නඩුවක වැදගත් සාක්ෂියක් වන්නේ නඩුවේ නඩු භාණ්ඩ හෙවත් ප්‍රොඩක්ෂන්ය.කිසියම් අපරාධයක් කිරීමට උපයෝගී කරගත් භාණ්ඩ එම නඩුවේ ප්‍රොඩක්ෂන්ය.උදාහරණයක්‌ වශයෙන් තුවාල කිරීමට උපයෝගී කරගත් පිහිය හෝ පහර දීමට යොදාගත් පොල්ල එකී නඩුවේ ප්‍රොඩක්ෂන්ය.ඇසිඩ් වලින් පහර දී තුවාල කිරීමේ නඩුවක එකී ඇසිඩ් ගැසීමට යොදාගත් කෝප්පය හෝ භාජනය එකී නඩුවේ ප්‍රොඩක්ෂන් හෙවත් නඩු භාණ්ඩ වේ.

    කිසියම් අපරාධයක් සිදු වූ අවස්ථාවක එකී නඩු භාණ්ඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණයේ භාරයේ තබයි.එකී නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ එකී නඩු භාණ්ඩ අධිකරණයට නිසි පරිදි නඩු භාරකරු විසින් අධිකරණයට ඉදිරිපත් කල යුතු අතර ඇතැම් අවස්ථාවල එම නඩු භාණ්ඩ, නඩු භාණ්ඩ අදාල අයිතිකරුවන් වෙතම අධිකරණය විසින් මුදා හරිනු ලබන අතර එකී නඩු භාණ්ඩද අදාල පුද්ගලයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කල යුතු වේ.

    නඩු විභාග දිනට එම නඩු භාණ්ඩ අවශ්‍ය වනුයේ අදාල සාක්ෂි කරුට පෙන්වා එකී භාණ්ඩ හඳුනාගැනීමෙන් නඩුව ඔප්පු කිරීමයි. නමුත් ඇතැම් අවස්ථාවල යම් යම් හේතු මත එකී නඩු භාණ්ඩ නිදි පරිදි නඩු විභාග දිනට ඉදිරිපත් නොකිරීම හේතුකොට ගෙන නඩුව විභාගයට ගැනීමට නොහැකි වන අතර එවැනි අවස්ථාවක නඩුව කල් තබනු ලබයි.

    දැනට වසර විස්සකට පමණ ඉහත දී කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු භාණ්ඩ පිලිබඳ සිදුවූ රසවත් සිදුවීමකි.එම අධිකරණයේ විනිසුරුවරයා උදේම විභාග නඩු ගන්නා අවස්ථාවේදී නඩු භාණ්ඩ ගෙනාවද යන්න ඉතා හයියෙන් ශබ්ද නගා අසයි.එසේ නඩු භාණ්ඩ කිසියම් හෙයකින් සුදානම් නැතිනම් එකී විනිසුරුවරයාට කේන්ති ගන්නා ස්වභාවයක් තිබුණි.

    කාන්තාවකට පුරුෂයෙකු සිය ඇඳි වත උස්සා පුරුෂ ලිංගය පෙන්වීමෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කොට ඇති නඩුවක් එදින විභාගයට නියමිතව තිබිණි.එම නඩුවේ චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයාට එකී විනිසුරුවරයා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබු අතර එකී නඩුවේ ප්‍රොඩක්ෂන් නොමැති නිසා කලබල නොමැතිව නඩුව ගන්නා තුරු අධිකරණයේ රැඳී සිටින ලදී.

    තෝල්ක මුදලි තැන එකී නඩුව හඬ ගසන ලදී. විනිසුරු වරයා ශබ්ද නගා මෙම නඩුවේ ප්‍රොඩක්ෂන් ගෙනාවේද ? වශයෙන් අසන ලදී.නීතිඥ තැන නිශ්ශබ්දව සිටියේය.එයින් කලබලයට පත් චුදිත “ඔව්” වශයෙන් පිළිතුරු ලබා දුනි. ඉන් පසු විනිසුරුවරයා නඩු භාණ්ඩ මොනවාද ? යන්න චුදිතගෙන් විමසිය. තත්ත්වය තේරුම්ගත් විත්තියේ නීතිඥ වරයා හෙමින් අධිකරණයේ විනිසුරුවරයා අමතා නඩුවේ චෝදනාවේ ස්වාභාවය පැහැදිලි කළ අතර තවදුරටත් කියා සිටයේ තමාගේ සේවාදයකද අධිකරණයට සත්‍ය ප්‍රකාශ කර ඇති බවත් අවශ්‍යනම් මෙම නඩුවේ නම් භාණ්ඩ ඔහු සතුව තිබෙන බවත්ය. විනිසුරුවරයාට හිනා ගියේය.ඉන් පසු කාලීනව එකී විනිසුරුවරයා නඩු භාණ්ඩ තිබෙනවද ? කියා නොඅසා සිටීමට පරෙස්සම් විය.


    අනේ ස්වාමීණි මට වැලිකඩට මාරුවක් දෙන්න ………………….


    පසුගිය දිනයක ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා මහාධිකරණයක මහධිකරන විනිසුරුවරියක හමුවට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු බන්ධනාගාරය මගින් ඉදිරිපත්කරන ලදී.එකී සැකකරුට එරෙහිව වූ චෝදනාව වුයේ මිණිමැරීමේ වරදයි.චුදිත වෙනුවෙන් නීතීඥ පෙනී සිටීමක් තිබුණේ නැත.ඒ වනවිටත් චුදිත වසර පහකටත් අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසු වේ.ගරු අධිකරණය මගින් චුදිත වෙත ඇප ලබාදී තිබුණද, ඇප තැබීමට පවුලේ කිසිවකු ඉදිරිපත් නොවීම නිසා චුදිත රක්ෂිත බන්ධනාගාරයේ පසු වේ. වයස අවුරුදු හතළිස්පහක පමණ මැදිවියේ පිරිමි අයෙකු වූ චුදිත සිනහමුසු මුහුණින් විත්තිකුඩුවට නැගුනු අතර චුදිත ඇමතු මහාධිකරණ විනිසුරුවරිය තමන්ට නීතිඥ වරයෙක් පෙනී සිටින්නේදැයි ප්‍රශ්න කළේය.සිනහ මුසු මුහුණින් චුදිත “නැත ” යනුවෙන් පිළිතුරු ලබා දුනි.නැවත චුදිත ඇමතු විනිසුරුවරිය තමන් වෙනුවෙන් නීතිඥ වරයෙකු රජයේ වියදමින් පත්කිරීමට තමන් කැමතිදැයි විමසුවාය.අවශ්‍ය නැතැයි චුදිත ප්‍රකාශකළේ කිසිදු පැකිලීමකින් තොරවය. ඉන් පසුව චුදිත ඇමතු ගරු මහාධිකරණ විනිසුරු වරිය ප්‍රකාශකළේ

    මිනීමැරීමේ චෝදනාවට චුදිත වැරදි කරු වුවහොත් මරණීය දණ්ඩනය පැනවීමට සිදුවන බවත් දැනට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන හෙයින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවන බවයි. චුදිත සිනහමුසු මුහුනින් මහාධිකරණ විනිසුරුවරිය දෙස බලා කියා සිටියේ එහෙනම් වැලිකඩ බන්ධනාගාරයට මාරුවක් ලබාදෙන්නේනම් වඩා හොඳ බවයි. මහාධිකරණයේ නීතීඥ මණ්ඩලය පුදුමයෙන් බලාසිටියේ ඇප ලබාගැනීමට සැකකරුවන් කොයිතරම් තමන්ට කරදර කරන්නේද යන්නයි. නමුත් මෙම චුදිත බන්ධනාගාරයේ සිටීමට කොතරම් කැමැත්තක් දක්වන්නේද කියාය. ඉන්පසු මෙම චුදිත සමග කතාබස්කළ නීතිඥ මහතෙකුට එකී චුදිත ප්‍රකාශ කළේ තමන්ට යාමට නිවසක් හෝ බැලීමට ඥාතියෙකු නොමැතිබවත්,තමන්ට බන්ධනාගාරයෙන් හොඳ හැටි කෑම ලැබෙන බවත්,බන්ධනාගාරය තුලදී දිනකට ආහාර වේල දෙකකට බත් සමග මස් කෑමට ලැබෙන බවයි. නීතිඥ මහතා තමන්ගේ සහෝදර නීතිඥ මහතෙකුට ප්‍රකාශකළේ “අයි මචං අපිවත් එක දවසකට දෙපාරක් මස්කන්නේ නැනේ ” කියාය .
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මං උබෙන් සිරාවට අහන්නේ ඇත්තටම උබ මොකෙද්ද බං? උබේ පෝස්ට් මම කියවලා තියනවා උබ කිරියට එන්නේ සිගරට් බීඩී ගැන නහයෙන් අඩාගෙන පස්සේ උබ විහිළු කථා දනවා පිට පිට ඊලගට උබ වෛදය උපදෙස් දෙනවා දැන් නීති කථා දානවා ඇත්තට උබ කරන ජොබ් එක මොකද්ද? උබත් රෙඩ් ෆේම් වගේ අත්භූත චරිතයක්දා නැත්නම් රෙඩාගේ ෆේක් එකක්ද?:confused:

    රෙප් දුන්නා++:D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං මං උබෙන් සිරාවට අහන්නේ ඇත්තටම උබ මොකෙද්ද බං? උබේ පෝස්ට් මම කියවලා තියනවා උබ කිරියට එන්නේ සිගරට් බීඩී ගැන නහයෙන් අඩාගෙන පස්සේ උබ විහිළු කථා දනවා පිට පිට ඊලගට උබ වෛදය උපදෙස් දෙනවා දැන් නීති කථා දානවා ඇත්තට උබ කරන ජොබ් එක මොකද්ද? උබත් රෙඩ් ෆේම් වගේ අත්භූත චරිතයක්දා නැත්නම් රෙඩාගේ ෆේක් එකක්ද?:confused:

    රෙප් දුන්නා++:D

    :shocked: කියන් නෑ
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචං මං උබෙන් සිරාවට අහන්නේ ඇත්තටම උබ මොකෙද්ද බං? උබේ පෝස්ට් මම කියවලා තියනවා උබ කිරියට එන්නේ සිගරට් බීඩී ගැන නහයෙන් අඩාගෙන පස්සේ උබ විහිළු කථා දනවා පිට පිට ඊලගට උබ වෛදය උපදෙස් දෙනවා දැන් නීති කථා දානවා ඇත්තට උබ කරන ජොබ් එක මොකද්ද? උබත් රෙඩ් ෆේම් වගේ අත්භූත චරිතයක්දා නැත්නම් රෙඩාගේ ෆේක් එකක්ද?:confused:

    රෙප් දුන්නා++:D

    mewwata kohomada bng wihilu katha kiyanne?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bump and more experience told by a Lawyer. ------NADATTHU NADUWAKA VITTHIKARU UYE AHINSAKA NUGATH GAMIYEKI. NADU KARA THUMA VITTHIKARU AMATHA MESE KIVEYA. GARU ADIKARANAYA THIRANAYA KARA THIYENAVA, NADATTHU VASAYEN MASIKAVA 1000 Rs THAMANGE BARYAVATA MASIKAVA LABA DIYA YUTHU BAVATA. --------VITTHIKARU HAPPY MOOD EKEN. -----ANE HODAI, LOKU DEYAK.GODAK PIN------MAMATH PULUWAN HATIYATA KIYAK HARI DENNAMKO.--------VITTHIKARU HITHUVE 1000 RS MASIKAVA, GARU ADIKARANAYA VISIN BARYAVATA GEVANAVA KIYALAYA.