උසාවියේ රස කථා!
දකුණු පළාතේ එක්තරා මහේස්ත්රාත් අධිකරණයක සිදුවූ රසවත් සිදුවීමකි මෙය. මෙම සිදුවීම වුයේ කාන්තාවක් සිය ස්වාමි පුරුෂයාට එරෙහිව එකී කාන්තාවට සහ දරුවන් දෙදෙනාට නඩත්තු මුදල් ඉල්ලා මෙම නඩුව පවරා තිබුණි.මෙම නඩුව පළමු වරට කැඳවූ අවස්ථාවේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා දන්වා සිටියේ ස්වාමි පුරුෂයා තමාට පහර දෙන නිසා පවුල් කෑමට නොහැකි බවත්ය. එනිසා තමාට සහ දරුවන් දෙදෙනාට ජීවත් වීමට නඩත්තු මුදල් ලබා දෙන ලෙසත්ය.ස්වාමි පුරුෂයා වෙනුවෙන් කියා සිටියේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව ආරවුල් කරන නිසා සාමයෙන් පවුල් කෑමට නොහැකි බවයි. එසේ බිරිඳ ආරවුල් කිරීමට හේතුව ලෙස කියා තිබුණේ අල්ලපු ගෙදර ස්වාමියා මියගොස් ඇති කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් සිය ස්වාමියා පවත්වන බවයි. එදිනම මෙම ආරවුල පවුල් උපදේශක වරයා වෙත යොමුකළ මහේස්ත්රාත්වරයා නඩුව පසුව කැඳවන බවට දෙපාර්ශවයට දැනුම දුන්නේය.
පවුල් උපදේශක වරයා ගැටලුව සමථයකට පත්කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලදි. ඒ අනුව නැවත නඩුව කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා පාර්ශවයන් වෙත දන්වා සිටියේ සමයෙන් සිටින ලෙසත් නැවත දෙදෙනා යහපත් ආකාරයට විවාහ ජීවිතය ගත කරන ලෙසයි. පාර්ශවයන් සමාදානයෙන් සිටින්නේ දැයි නැවත ප්රගතිය සමාලෝචනය කිරීම සඳහා නැවත මෙම නඩුව මස තුනකට පසු කැඳවන බවත් එදිනට දෙපාර්ශවයට අධිකරණයට පැමිණීමට නියෝග කරන ලදී.
ඒ අනුව මාස තුනකින් පසු නැවත නඩුව කැඳවූ අවස්ථාවේ ස්වාමි පුරුෂයා සිනහ මුසු මුහුනින් යුතුව විත්තිකුදුවට නගින ලදී. නමුත් බිරිඳ පැමිණ සිටියේ නැත .එකවරම විනිසුරුවරයා ඔහුගේ සිනහ මුසු මුහුණ දැක පහහත සඳහන් ආකාරයට ප්රශ්න කරන ලදී.
විනිසුරුවරයා :- තමාල දැන් සාමයෙන් සිටිනවාද ?
ස්වාමි පුරුෂයා :- (සිනහා මුසු මුහුනින් යුතුව ) එහෙමයි ස්වාමිනි.
විනිසුරුවරයා :- කෝ තමන්ගේ බිරිඳ ?
ස්වාමි පුරුෂයා :- එයා රට ගියා ……
සිදුවී ඇති තත්වය තේරුම්ගත් විනිසුරුවරයා සිනහ මුසු මුහුනින්ම නඩුව අවසන් කලේ නීතිඥ මණ්ඩලය වෙත නෙත් යොමුකරවමිනි.

Last edited: