උසාවිය නිහඬයි චිත්‍රපටය අද උසාවිය මගින් &#3501

SRI305

Member
Mar 17, 2013
866
62
0
උසාවිය නිහඬයි චිත්‍රපටය අද උසාවිය මගින් &#3501

2016-10-06_143549.jpg

රන්ජන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මහජන ප්‍රදර්ශනය ආරම්භක කල උසාවිය නිහඬයි චිත්‍රපටය අද උසාවිය මගින් තහනම් කර තිබෙනවා, මෙම චිත්‍රපටය විනිසුරුවරුවෙකු සැකකරුවන්ගේ බිරියන් දුෂණය කල සත්‍ය කතාවක් ඇසුරින් සකස්කළ එකක්. අධිකරණ ශේත්රයේ දුෂණ හෙළි කල එකක්


me movie eka hoyaganna nadda?
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    හෙට (06) සිට මහජන ප්‍රදර්ශනය සඳහා කටයුතු යොදා ඇති, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතාන‍ගේ විසින් අධ්‍යක්ෂණය කළ "උසාවිය නිහඬයි" චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. තමන් ස්ත්‍රී දූෂණයක් කළ බවට පළ වූ පුවතක් පාදක කරගනිමින් මෙම වාර්ථාමය චිත්‍රපටය නිර්මාණය කර ඇති බව පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අදාළ අතුරු තහනම් නියෝගය ඉල්ලමින් ගොනු කළ පෙත්සමේ සඳහන් කර තිබී ඇත.
    හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අදාළ ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම ඉදිරියේ වැරදිකරු බවට පත් වී වැඩ තහනමටද ලක්ව සිටින්නෙකි.
     

    waligamaya

    Well-known member
  • 14479671_979886285473034_1077794989155088197_n.jpg



    - සියල්ල අවසන අධිකරණයේ දූෂිත බව පුපුරවා හරිමින් එම වින්දිතයාගේ අසූචි පැකට්ටුවකින් අධිකරණය නැහැවෙයි. -

    තම දියණියගේ මාස් ශුද්ධියට තමන් විසින්ම අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙන එන,තම බිරිඳගේ උපන්දිනය මඟ නොහැර මල් පොකුරක් සහ කේක් ගෙඩියක් ගෙන එන සරත් ද ආබෲ විනිසුරු තම නිවසට එන මෙහෙකාරියන් සියල්ලටම ලිංගික අඩත්තේට්ටම් කිරීමත්, අලූත්කඬේ උසාවියේ තම විවේක කාමරයට ආරක්ෂක නිල මැදිරියේ සටහන් නොතබා කාන්තාවන් ගෙන්වා ගැනීමත් බොහෝ දෙනෙක් දන්නා රහසකි.එලෙස ගෙන්වා ගැනීම ද,ඔහුගේ නිල බලයෙන් තම කටයුතු කරවා ගැනීමට එලෙස පැමිණෙන උදවියත් මේ ක්‍රමයේ ජරාජීර්ණ බවට බොහෝ දෙස් දෙනු ඇත. වික්ටර් අයිවන් නම් මාධ්‍ය ලෝකයේ මහා චරිතයට ඈඳුණු රාවය පුවත්පතෙන් එකල කිය වූ ආකාරයට මහව උසාවියේ විනිසුරුවරයාව සිටි ලෙනින් රත්නායක එක්තරා කාන්තාවකගේ ස්වාමියා නිදහස් කර දෙන බවට පවසා ඇගේ ස්වාමියාව රිමාන්ඞ් භාරයේ රදවාගෙන මාස් ශුද්ධිය දිනයේ ඇයව දූෂණය කිරීමත්, සරත් ද ආබෲ ගේ හැසිරීම් සමුදායත් අතර වෙනසක් ඇත් ද?

    එදා ලෙනින් රත්නායක මහේස්ත්‍රාත් චරිතය නීති ක්ෂේත්‍රයේයේ මහ බලවතා වූ සරත් නන්ද සිල්වාගේ සරණින් සිය දුඟද හමන ජීවිතය වසන් කරගෙන නිරුපද්‍රිතව නැවතත් විනිසුරුවරයෙකු ලෙස බද්දේගම උසාවියට ස්ථානමාරුවක් ලබයි. නීතියේ බලපරාක්‍රමයේ අනුහසින් නැවතත් ඔහු විසින් එම උසාවිභූමිය තුළදීම කාන්තාවකට අතවර කරයි.සුපුරුදු පරිදි ඔහු එය යටපත් කරන්නේ විනිසුරු බලයෙනි. ඇගේ සැමියා විනිසුරුවරයා මරා දැමීමේ අපේක්ෂාවෙන් කටයුතු කළද එය මඟ හැරෙයි. සියල්ල අවසන අධිකරණයේ දූෂිත බව පුපුරවා හරිමින් එම වින්දිතයාගේ අසූචි පැකට්ටුවකින් අධිකරණය නැහැවෙයි. ඒ අතරින් නිරුපද්‍රිතව එලියට එන ලෙනින් රත්නායක, සරත් ද ආබෲ සේම අර්ධ පැටුප් මත සුව විශ්‍රාම දිවියකින් සුලූ දඬුවමක් පමණක් ලබයි. එදා ලෙනින් රත්නායක,දියවන්නාවේ මෝටර් රථ තුළ අනඟ රැඟුම් පෑ අග්‍රවිනිශ්චයාකර සරත් නන්ද සිල්වලා සහ අරලිය ගහ මන්දිරයේ සිට නඩු ඇසූ මොහාන් පීරිස්ලා සියල්ල ද ඔවුන්ව හිතවත්කමට එම ධූරවලට පත් කෙරූවන් ද අදටත් යහතින් සිටී.

    28.08.2016
    ඉරුදින

    හේතු පාඨය -

    ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි.

    එම චිත්‍රපටය බ්‍රහස්පතින්දා (6) සිට දිවයිනේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි.

    උපුටනය Kasun Pussewela සහෝදරයා ගේ බිත්තියෙනි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නිතිය ජනතවගේ අතට දෙනු : එකද ගොන්ජා කියන්නේ