උෟරු මස් සමඟ දෙල්..❤️❤️

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    Winnie The Pooh Reaction GIF
     
    • Like
    Reactions: dimuthmike

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Maru bn. Anith kahakadayoth daaneta bedaddi thawa daanna thawa daanna kiyala bedaaganne. Ewa camera wala record wenne nathi ekai awla.
     
    • Like
    Reactions: dimuthmike

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Chef සිරිධම්ම ගේ සමහර dishes අවුල්...
    දෙල් දැම්මාම pork එකේ කොලිටියත් යනවනෙ බං....
    උමණ්ඩාවේ වගා හානි කරන්න ආපු වල් ඌරෙක් පරලො ව ඇරලා වෙන්න ඕනේ පාටිය දාන්නේ..😆😆😆
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Chef සිරිධම්ම ගේ සමහර dishes අවුල්...
    දෙල් දැම්මාම pork එකේ කොලිටියත් යනවනෙ බං....
    උමණ්ඩාවේ වගා හානි කරන්න ආපු වල් ඌරෙක් පරලො ව ඇරලා වෙන්න ඕනේ පාටිය දාන්නේ..😆😆😆
    අනාගත භය සූත්‍රය

    මහණෙනි, මෙකල්හි නො හට ගත්තා වූ අනාගත භය පසක් (මේ සස්නෙහි) මතු කාලයේ දී ඇති වන්නේ ය. ඒවා තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන ඒවා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. ඒ භය පස කවරේ ද?

    👉 මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ සීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන් උපසම්පදා කරන්නාහු ය. ඔවුහු (තමන්ගේ ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධි ප්‍ර‍ඥාවෙහි පිහිටවන්නට නො සමත් වන්නාහ. (එ බැවින්) ඒ ගෝලයෝ ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥාභාවනා නැත්තෝ වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන් උපසම්පදා කරන්නා හ. ඔවුහු ද (ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍ර‍ඥාවෙහි පිහිටවීමට නො සමත් වන්නා හ. (එ බැවින්) ඔවුහු ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥා භාවනා නැත්තෝ වන්නා හ. මහණෙනි! මෙසේ (ශමථ විදර්ශනා සංඛ්‍යාත) ධර්මය නැසීමෙන් විනයයාගේ නැස්ම වේ. විනය නැසීමෙන් ධර්‍මයේ නැස්ම වේ. මහණෙනි, මෙය දැනට නො හට ගත්තා වූ මතු කාලයෙහි ඇති වන්නා වූ පළමුවන අනාගත භය ය. එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය පිණිස උත්සාහ කළ යුතු ය.

    👉නැවත අනිකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන්ට නිස දෙන්නාහ. ඔවුහු (ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධි ප්‍ර‍ඥාවෙහි පිහිට වන්නට නො සමත් වන්නාහ. ඔවුහු ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥාභාවනා නැත්තෝ වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන්ට නිස දෙන්නාහ. ඔවුහු (ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍ර‍ඥාවෙහි පිහිට වන්නට නො සමත් වන්නාහ. ඔවුහු ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥාභාවනා නැත්තෝ වන්නාහ. මහණෙනි, මෙසේ (ශමථ විදර්ශනා සංඛ්‍යාත) ධර්මය නැසීමෙන් විනය නස්නේ ය. විනය නැසීමෙන් ධර්මය නස්නේ ය. මහණෙනි, මේ දැනට නො පහළ වූ මතු කාලයෙහි පහළ වන්නා වූ දෙවන අනාගත භය ය, එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය.

    👉නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඒ භික්ෂූහු අභිධර්මකථා වේදල්ලකථා කියන කල්හි (අනුන්ගේ ගුණවල සිදුරු දැක්වීම්, අනුන්ට නිග්‍ර‍හ කිරීම් ආදි වශයෙන්) පාපයට බැස සිටීමෙන් ධර්මය තේරුම නො ගනිති. මහණෙනි, මෙසේ ශමථවිදර්ශනා සංඛ්‍යාත ධර්මය නැසීමෙන් විනය නැසීම ද විනය නැසීමෙන් ධර්මය නැසීම ද වේ. මහණෙනි, දැනට නො පහළ වූ මේ තුන්වන අනාගත භය මතු පහළ වන්නේ ය. මහණෙනි, එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය කිරීමට උත්සාහ කළ යුතු ය.

    👉නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඒ භික්ෂූහු තථාගත භාෂිත වූ ගැඹුරු වූ අරුත් ඇත්තා වූ ලෝකෝත්තර ධර්මයන් දක්වන්නා වූ ස්කන්ධාදිධර්ම පිළිබඳ වූ යම් ඒ ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් කියන කල්හි නො අසන්නාහ. ඒවාට කන් නො දෙන්නාහ. ඒවා තේරුම් ගැනීමට නො සිතන්නාහ. ඒ ධර්මයන් උගත යුතු භාවිතා කළ යුතු දේ වශයෙන් නො සලකන්නාහ. පද්‍යබන්ධනාදි වශයෙන් කවීන් විසින් සම්පාදනය කරන ලද්දා වූ චිත්‍රාක්ෂර චිත්‍ර‍බ්‍යඤ්ජන ඇත්තා වූ ශාසනයෙන් බැහැර වූ බාහිර ශ්‍රාවකයන් විසින් කරන ලද්දා වූ යම් ඒ සූත්‍රයෝ වෙත් ද ඒවා කියන කල්හි මැනවින් අසන්නාහ. ඒවාට කන් දෙන්නා හ. ඒවා දැන ගැනීමට සිතන්නාහ. ඒවා උගත යුතු භාවිත කළ යුතු දේ සැටියට සලකන්නාහ. මහණෙනි, මෙසේ ධර්මය නැසීමෙන් විනය නස්නේ ය. විනය නැසීමෙන් ධර්මය නස්නේ ය. මහණෙනි, දැනට නැත්තා වූ මේ සතර වන භය අනාගතයෙහි ඇති වන්නේ ය. එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය පිණිස උත්සාහ කළ යුතු ය.

    👉නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ සීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ සීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඒ ස්ථවිර භික්ෂූහු චීවරාදි ප්‍ර‍ත්‍යයයන් වැඩි කර ගැනීම පිණිස පිළිපදින්නෝ වන්නාහ. ශාසනය ලිහිල් කොට ගන්නෝ වන්නාහ. නීවරණ වැඩීමෙහි පෙරටුව ගමන් කරන්නෝ වන්නාහ. විවේකය ගැන හළ බලාපොරොත්තු ඇත්තෝ වන්නාහ. නො පැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීමට නො ලැබූ ධ්‍යානාදිය ලැබීමට ප්‍ර‍ත්‍යක්ෂ නො කළ දෑ ප්‍ර‍ත්‍යක්ෂ කිරීමට වීර්‍ය්‍ය නො කරන්නාහ. මහණෙනි, මෙසේ ධර්මය නැසීමෙන් විනයේ නැසීම වේ. විනය නැසීමෙන් ධර්මයේ නැසීම වේ. මහණෙනි, දැනට නො පහළ වූ මේ පස්වන අනාගත භය මතු කාලයේ දී පහළ වන්නේ ය. මහණෙනි, එය තොප විසින් දැන ගත යුතු ය. දැනගෙන එය ප්‍ර‍හාණය කිරීමට උත්සාහ කළ යුතු ය.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් සෙට් වුණා ඔහොම හාමුදුරු කෙනෙක්
    ටිකක් ප්‍රසිද්ධයි, නම නොකියා ඉන්නම්

    දානේ අරන් පන්සලේ කුස්සියට යද්දි කුකුල් කකුලක් කකා හිටියා
    මං දැක්කම තෙරුවන් සරණයි කීව්වා😝