දිය හැකි අවවාදය.
ඕලෙවල් ගොඩ දාගන්න එක පාරින්ම. අමාරු දෙයක් නෙවෙයි. ඒලෙවල් එක පාරින් ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය වැනි විෂයයකින් C 3ක් හෝ ගන්න උපරිම උත්සහ කරන්න. නැතිනම් "අවමය" S පාස් 3ක් හෝ ගන්න. ඉන් පසු,
සල්ලි තියේ නම්....,
දෙවනි පාර උ.පෙල නොකර සුදුසු ප්‍රයිවට් ඩිග්‍රී කරන්න. ඉන් පසු විදෙස්ගතවී වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. වයස 25 - 27 පමණ වන විට හොඳ ස්ථාවරයකට ආ හැක.
සල්ලි නැති නම්....,
දෙවනි වරට උ.පෙල ඉතා ඉහලින් සමත් වීමට සියළු උත්සාහයන් යොදන්න. ඒ සඳහාම පමණක් දිවා රෑ කැපවන්න. ඉන් පසු විශ්ව විද්‍යාලයකින් 1ස්ට් ක්ලාස් හෝ සෙකන්ඩ් අපර් ක්ලාස් එකක් සහිතව ගෞරව උපාධියක් ලබාගන්න.
ඔබට සල්ලි තිබී හෝ නොතිබී තෙවන වර උ.පෙල කිරීම පසු කලෙක කාලය නාස්ති කිරීමක් සේ සිතෙනු ඇත.