ඌටියා හිරගෙදරදී සිල් ගනී.
සාමණේර හිමිවරුන්ට පහරදුන් ඌටියා හිරගෙදරදී සිල් ගනී.
හොරොව්පොතාන මැදගම ශ‍්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙනේ සාමණේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු චමින්ද ගලගොඩ හෙවත් ඌටියා ඉකුත් බිනර පුන් පොහෝදා අනුරාධපුර බන්ධනාගාරයේදී අට සිල් සමාදන් වී තිබේ. 04 පිටුවට
සෑම මසකම අනුරාධපුර බන්ධනාගාරයේ පැවැත්වන ශීල පිංකම හා එක්වෙමින් ඌටියා මෙසේ සිල් සමාදන් වූ බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
හොරොව්පොතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉකුත් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ ඌටියා ලබන 24 වැනිදා දක්වා බන්ධනාගාර ගත කළ අතර හෙතෙම අනුරාධපුර බන්ධනාගාරයට රැුගෙනවිත් ඇත්තේ එදින රාත‍්‍රි 7.00 ට පමණය.
ඔහු රැුගෙන ඒමත් සමග හිටි හැටියේ අනුරාධපුර බන්ධනාගාරයේ විදුලිය විසන්ධි වී තිබේ. පැයකට පමණ පසු බන්ධනාගාරයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්ව ඇති අතර එහිදී බන්ධනාගාර ප‍්‍රධානීන් වෙත පැමිණි ඌටියා සර් මම ආයෙත් කිසි දවසක සතෙකුටවත් පහර දෙන්නේ නැහැ යි කියමින් බන්ධනාගාර නිලධාරීන්ට පොරොන්දු වී ඇත.
පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ ම`ගපෙන්වීම මත ඌටියා බිනර පොහෝ දිනයේ සිල් සමාදන් වූ බවද ඉහත බන්ධනාගාර නිලධාරියා පැවසීය.
මූට ලයිට් ගිය පැයේදී සත්‍ය අවබෝධ වෙන්න ඇති