ඌරු මස් කන්නේ නෑ!!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌරු මස් කන්නේ නෑ!!

    මට මොකටද?

    වසන්තා සමඟ මුහුදු වෙරළේ තනිවූ මනෝ ඇගේ දෑත් තම දෑතින් පටලවා ගනිමින් මුහුණට මුහුණ ළං කොට ඇයට මෙසේ කීවේය.

    ”මගෙ හදවත මම ඔයාට පූජා කරනවා.”
    ”අපොයි එපා මනෝ. මම ඌරු මස් කන්නෙ නැහැනෙ.” වසන්තා කීවේ, ආරා ගිය තම පෙම්වතාගේ විසල් සිරුර දෙස බලමිනි.

    :growl:

    බයකට නෙමෙයි

    තමා දෙස හොරැහින් බලමින්, බඩු මල්ලක් ද කරේ තබා ගෙන, ඉක්මන් ගමනින් යන්නට උත්සාහ කරන බීමත් මිනිසකු දැක පොලිස් රාලහාමි නැවතුනි.

    ”මොනවද තමුසෙ ඔය මල්ලෙ ගෙනියන්නෙ?” රාලහාමි සැරෙන් ඇසීය.
    ”අවුරුද්දට ඕන කරන මඩුමුට්ටු රාලහාමි.” ජේමිස් කීවේ බීමත්කම නිසා කට ඇද කරමිනි.
    ”එහෙනං මාව දැකලා දුවන්ඩ හැදුවේ මොකද මිනිහෝ?” රාලහාමි විමසුවේ තර්ජනාත්මකවය.
    ”ඇයි රාලහාමි, නැකැත් වෙලාව හොඳටම ළං වෙලානෙ, ඒකයි.” ජේමිස් කීවේය.

    :P

    හේතුව එකම ද?

    ”වැහි දවසක් වෙලත් මොකද බං මේ හැටි දාඩිය දාන්නෙ?” ප්‍රේමදාස, පද්මසිරි ගෙන් ඇසුවේ ටෙලි නාට්‍යයේ සති අන්ත සාදයේ දීය.

    ”උඹට විතරක් නෙමෙයි, මේ බලපං මටත් හොඳට ම දාඩිය දාලා.” පද්මසිරි කීවේ කමිසයේ බොත්තම් කීපයක් ඇර පපුවට කටින් පිඹිමිනි.
    ”ඒ මොකද උඹලෑ නැන්දම්මත් නවතින්ඩම බලාගෙන උඹලගෙ ගෙදර එනවයි කියල ලියුමක් එවල ද?” ප්‍රේමදාස ඇසීය.

    :rofl:

    ගැළපෙනම කෙනා

    ”මේ සැරේ නාට්‍ය අනුමණ්ඩලේ සභාපති විදියට අර අපේ දත් දොස්තර මහත්තයාවත් දාමුද?” විෂයය භාර ඇමැතිතුමා තම ස්ථිර ලේකම්වරයා ගෙන් ඇසුවේ කාර්යාලයේ තම කාමරයේ ලිපිගොනු අස්සන් කරමින් සිටියදීය.

    ”ඇයි සර්, දත් දොස්තර මහත්තයා නාට්‍ය ගැන හොඳට දන්න කියන කෙනෙක් ද?” ලේකම්වරයා තරමක් පුදුමයට පත්ව ඇසීය.
    ”නෑ අයිසෙ, එහෙම සුදුසුකමකට නෙමෙයි. දතක් සවුත්තු වෙලා ගලවන්ඩ ගියාම ඒ යකා ගලවන්නෙම වැරදි දතක් නෙ, ඒකයි.” ඇමැතිවරයා කීවේය.

    :dull:

    මට ඇල්ලුවේ නැහැ

    ”ඇයි තමුසෙ කලින් රස්සාවෙන් අස්වුණේ?”

    දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක කුටියට සෙකියුරිටි සමාගමෙන් එවූ අලුත් සගයා දෙස බලා විජේරත්න ඇසීය.
    ”එතන ලොක්කා කිව්ව කතාවක් මට ඇල්ලුවේ නෑ, ඒකයි.” සිරිසේන කීවේය.
    ”එයා මොනවද කිව්වේ?” විජේරත්න කුතුහලයෙන් ඇසීය.
    ” ‘මං තමුසෙව රස්සාවෙන් අස් කළා.’ කියලා එයා කිව්වා.” සිරිසේන පිළිතුරු දුන්නේය.

    :oo:

    පුහුණුව කොහෙන් ද?

    පොලිස් සේවය සඳහා අලුතෙන් බඳවා ගන්නා ලද තරුණයන් ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කිරීම පිණිස යොදවනු ලැබිණ. ඉන් එක් තරුණයකු අනෙක් සෑම ආධුනිකයෙකුටම වඩා සාර්ථකව හරි ඉලක්කයට ම වෙඩි තැබීමට සමත් විය.

    මෙය හොඳින් නිරීක්‍ෂණය කළ පුහුණුවීම් භාර ප්‍රධාන නිලධාරියා ගේ සහායකයකු තම ප්‍රධානියා අමතා රහසින් මෙසේ කීය.
    ”අර හාදයා ගැන ටිකක් හොයලා බලන එක නුවණට හුරුයි සර්.”
    ”ඇයි තමුසෙ එහෙම කිව්වේ.” තම සගයා දෙස පුදුමයෙන් බැලූ ප්‍රධානියා ඇසීය.
    ”මිනිහා වෙඩි තියලා ඉවර වුණු ගමන් තුවක්කුවේ ඇඟිලි සලකුණු පිහදානවා, මම දැක්කා සර්.” සගයා කීවේය.

    :nerd:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63