දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 34.9 ආසන්නයේදී ගාල්ල දිසාවට ධවනය වූ ලොරි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාල ලැබූවන් අතර ලොරි රියැදුරන් දෙදෙනා හා ලොරි සහයකයා ද වන බව පොලීසිය කියයි.
කොළඹ සිට මාතර කටුවනට ඌරු මස් රැගෙන යමින් තිබූ කුඩා ලොරියට මාලු රැගෙන ඒම සඳහා වැලිගම මිරිස්සට යමින් තිබූ ලොරිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
ලොරි දෙක එකිනෙක ගැටීමෙන් කුඩා ලොරිය මාර්ගයේ පෙරළී ඌරු මස් අධිවේගි මාර්ගයේ මීටර් ගණනාවක් ඈතට තැන තැන විසිරී තිබූ බව පොලීසිය කියයි.
මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට එක් මංතීරුවක් පමණක් විනාඩි කිහිපයකට වාහන ධාවනය තාවකාලිකව අත්හිටවූ බව දක්ෂීණ අධිවේගී මාර්ගයේ ප්රකාශකයෙක් පැවසීය.
ඌරු මස් ප්රවාහනය කළ ලොරි රථයේ සහයකයාගේ තත්වය බරපතල බවත්, අනතුරින් අධිවේගි මාර්ගයේ ආරක්ෂත වැටට හා ලොරි රථ දෙකට දැඩි අලාභහානි සිදුව තිබේ.
[/IMG]