ඌරු_මස්_පාරේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 34.9 ආසන්නයේදී ගාල්ල දිසාවට ධවනය වූ ලොරි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    තුවාල ලැබූවන් අතර ලොරි රියැදුරන් දෙදෙනා හා ලොරි සහයකයා ද වන බව පොලීසිය කියයි.

    කොළඹ සිට මාතර කටුවනට ඌරු මස් රැගෙන යමින් තිබූ කුඩා ලොරියට මාලු රැගෙන ඒම සඳහා වැලිගම මිරිස්සට යමින් තිබූ ලොරිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

    ලොරි දෙක එකිනෙක ගැටීමෙන් කුඩා ලොරිය මාර්ගයේ පෙරළී ඌරු මස් අධිවේගි මාර්ගයේ මීටර් ගණනාවක් ඈතට තැන තැන විසිරී තිබූ බව පොලීසිය කියයි.

    මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට එක් මංතීරුවක් පමණක් විනාඩි කිහිපයකට වාහන ධාවනය තාවකාලිකව අත්හිටවූ බව දක්ෂීණ අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    ඌරු මස් ප්‍රවාහනය කළ ලොරි රථයේ සහයකයාගේ තත්වය බරපතල බවත්, අනතුරින් අධිවේගි මාර්ගයේ ආරක්ෂත වැටට හා ලොරි රථ දෙකට දැඩි අලාභහානි සිදුව තිබේ.


    22222003_1486624834763469_896194894087368745_n.jpg


    22228576_1486624831430136_2852473346121494706_n.jpg


    22279597_1486624898096796_2400946027758903757_n.jpg


    22308720_1486624974763455_2283769928419490858_n.jpg


    22310464_1486624894763463_5156503820708818421_n.jpg


    22405901_1486624841430135_618170195954443721_n.jpg
    [/IMG]​
     
    • Like
    Reactions: Rockstar Athelete

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අපරාදේ මස් ටික.එකතු කරලා වෙන වහානේක පැටෙව්වද දන්නේ නැහැ