ඌව පළාතේ පාලම් 37හි ඉදිකිරීම් කඩිනම් කරන්න

ජනපතිගෙන් උපදෙස්
නිරුෂි විමලවීර
ඌව පළාතේ පාලම් තිස් හතක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහාමාර්ග වරාය සහ නාවික ව්‍යාපෘති අමාත්‍යාංශයට උපදෙස් දෙයි.
රුපියල් මිලියන 42,979ක වියදමින් ඌව පළාතේ ඉදිකෙරෙන දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අමතරව මෙම ව්‍යාපෘතිය අරඹන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව මහාමාර්ග වරාය සහ නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය.
රුපියල් මිලියන 2802ක වියදමින් බදුල්ල දිස්ත්‍රික්කයේ පාලම්19ක් ද මොනරාගල දිස්ත්‍රික්කයේ පාලම් 18ක් ද ඉදිකෙරෙන ඇමැතිවරයා කීය. බදුල්ල දිස්ත්‍රික්කයේ බිබිල ඌරණිය -මහියංගන මාර්ගයේ 26/4පාලම, බදුල්ල-කරමැටිය මාර්ගයේ 46/5 පාලම, වැලිමඩ මාර්ගයේ 1/1 පාලම, බේරගල හාලි ඇළ මාර්ගයේ 22/4 පාලම, බදුල්ල අන්දෙණීය පාලම, අලකොලගාල උඩුකිරුව පාලම, ගලහිටියාව අඹගහ කුඹුර පාලම , පාලුගම හපුතලේ මාර්ගය හා දඹාන මීගොඩ ඇදි මාර්ග 19ක් ඉදිකෙරේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ පස්සර හිඟුරුතුඩුව පැල්වත්ත මාර්ගයේ27/1 පාලම, පස්සර හිඟුරුතුඩුව ආදී පාලම් මේ යටතේ සංවර්ධනය කෙරෙන බව ද මේ සඳහා දෙස් විදෙස් ණය ආධාර ලැබී ඇතැයි ද ඇමැතිවරයා කීය.