ඌ බූරුවෙක් හින්දා....
තම මීසමේ පිහිටි තැබෑරුම නිතර ගම් වැසියන්ගෙන් පිරී ඇති බැව් ඒ අසලින් යනෙන අවස්ථා වලදී නිරීක්ෂණය කළ පූජක තුමා එම ප්රදේශයේ වාසීන් පල්ලියට කැඳවා ඔවුනට රහමෙර පානයේ ආදීනව පැහැදිලි කරන්නට පටන් ගත්තේ ඔවුන් ඉන් මුදා ගැනීමේ අදිටනිනි.
’හොඳයි අපි මෙහෙම හිතමු. අරක්කු භාජනයකුයි, වතුර භාජනයකුයි අපි බූරුවෙක් ළඟට කිට්ටු කරනවා. ඔව් කියමු බලන්ඩ ඌ බොන්නෙ අරක්කු ද, එහෙම නැත්නම් වතුර ද?’
’වතුර.’ සභාවේ සිටි කීප දෙනෙකු ම පිළිතුරු දෙනවා ඇසුණි.
’හරියට ම හරි! හොඳයි ඇයි ඌ වතුර භාජනය තෝරා ගත්තෙ?’ පූජකතුමා ජයග්රාහී සිනාවක් දෙතොලට නඟා ගනිමින් සභාවෙන් ඇසීය.
’ඌ බූරුවෙක් හින්දා.’ සභාවේ සිටියෙක් කීවේය.
ගත්තේ මෙතනින්