ඌ බූරුවෙක් හින්දා....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඌ බූරුවෙක් හින්දා....

    තම මීසමේ පිහිටි තැබෑරුම නිතර ගම් වැසියන්ගෙන් පිරී ඇති බැව් ඒ අසලින් යනෙන අවස්ථා වලදී නිරීක්‍ෂණය කළ පූජක තුමා එම ප්‍රදේශයේ වාසීන් පල්ලියට කැඳවා ඔවුනට රහමෙර පානයේ ආදීනව පැහැදිලි කරන්නට පටන් ගත්තේ ඔවුන් ඉන් මුදා ගැනීමේ අදිටනිනි.

    ’හොඳයි අපි මෙහෙම හිතමු. අරක්කු භාජනයකුයි, වතුර භාජනයකුයි අපි බූරුවෙක් ළඟට කිට්ටු කරනවා. ඔව් කියමු බලන්ඩ ඌ බොන්නෙ අරක්කු ද, එහෙම නැත්නම් වතුර ද?’

    ’වතුර.’ සභාවේ සිටි කීප දෙනෙකු ම පිළිතුරු දෙනවා ඇසුණි.

    ’හරියට ම හරි! හොඳයි ඇයි ඌ වතුර භාජනය තෝරා ගත්තෙ?’ පූජකතුමා ජයග්‍රාහී සිනාවක් දෙතොලට නඟා ගනිමින් සභාවෙන් ඇසීය.

    ’ඌ බූරුවෙක් හින්දා.’ සභාවේ සිටියෙක් කීවේය.

    ගත්තේ මෙතනින්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩක් තියෙනවයැ!

    පුවත්පත් අලෙවි නියෝජිතයකු වූ විජිත තම ව්‍යාපාරය පිළිබඳ මිස අන් කිසිදු විෂයයක් පිළිබඳ උනන්දුවක් නොමැති, පුවත්පතක් නොකියවන, රූපවාහිනිය නොබලන අමුතුම තාලයේ පුද්ගලයෙකි. ඔහු දිනක් තම මෝටර් රථයෙන් තම සේවකයකු ද සමඟ නගරයට යද්දී නගර මධ්‍යයේ මහා ධාවන තරගයක් පැවතීම නිසා ටික වේලාවක් අතරමග සිරවී සිටීමට සිදුවිය. ධාවන තරගයට එක්වී සිටි තරගකරුවන් දෙස විශ්මයෙන් බැලු විජිත තම සේවකයා ගෙන් මෙසේ ඇසීය.

    ‘ඈ බං ගුණපාල! මේ මිනිස්සු ඔක්කොම මොකද මේ දුවන්නෙ?’

    ‘මේක මේ රේස් එකක් නෙ සර්. කප් එක හම්බ වෙන්නෙ පළවැනියාට ආපු එක්කෙනාටයි.’ තම හාම්පුතාගේ තරම දන්නා ගුණපාල ධාවන තරගය පිළිබඳ විස්තර කරමින් කීවේය.

    ‘මොනවා...! ඉතින් බං දිනන එකාට විතරක් නං කප් එක හම්බ වෙන්නෙ, ඇයි මේ අනික් එවුන් දුවන්නෙ?’ විජිත ඇසුවේ විශ්මයෙනි.




    ගත්තේ මෙතනින්
     
    • Like
    Reactions: Rex921 and dotaxxx

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකෙ යන්නෙ කොහොමද?

    ජයසේකර තම මිතුරු පි‍්‍රයන්ත සමඟ බාර් එකට ගොඩ වූයේ රැකියාව අවසන් වී ගෙදර යන ගමන්ය. ඔවුන් බඹර පදමට මී විතෙන් සප්පායම් වී බාර් එකෙන් ආපසු එළියට බසින විට මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබුණි.

    ’ඒයි ජයසේකර, අන්තිම බස් එක ගිහිල්ලා. අතේ සල්ලිත් මදි ටැක්සියකවත් යන්ඩ. දැන් කොහොමද බං ගෙදර යන්නෙ.’ පි‍්‍රයන්ත ඇසුවේ අසීරුවෙන් ඔරලෝසුව දෙස බලමිනි.

    ’සිම්පල්’... උඹ බය වෙන්ඩ එපා කිසි දේකට. උඹට ප
    ේනවද අර කරුවලේ නවත්තලා තියෙන බස් එක. අපි ඒක හොරකං කරගෙන ගෙදර යමු.’ ජයසේකර කීවේ දෙපසට වැනෙමිනි.

    බසය අසලට ළඟාවූ පි‍්‍රයන්ත සාක්කුවේ තිබුණු කුඩා විදුලි පන්දම එහි නාම පුවරුව දෙසට අමාරුවෙන් දිගු කොට එය කියවීය.

    ’වැඩක් නෑ මචං. ඒක හරියන්නෙ නෑ. ඒක මොරටු යන බස් එකක්.’ පි‍්‍රයන්ත කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයකිනි.

    ’ඉතින් ඒකට මොකෝ?’ ජයසේකර වැනි වැනී ඇසීය.

    ’ඇයි යකෝ... අපි දෙන්නම යන්ඩ ඕනෙ හංවැල්ලටනෙ. එහෙම නැතුව මොරටුවටයැ.’ පි‍්‍රයන්ත ඇසීය.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මුල්ම කතාව නම් ෆට්ට :rofl:

    සැ.යු:nerd:

    බුරුවෙක් තවත් බුරුවෙක් පිලිබදව දමා ඇත:frown::angry: