එංගලන්තය එකට එක කිරීමට සැරසෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    එංගලන්තය එකට එක කිරීමට සැරසෙයි

    එංගලන්තය එකට එක කිරීමට සැරසෙයි




    Jos-Buttler-out1.jpg


    තවමත් දෝංකාර දෙන ‘මන්කාඞ්’ දවාලීමේ අවසන් ජවනිකාව වියහැකි සිදුවීම් මාලාව පිළිබඳව ලෝකයේ බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැතුවා වන්නට පිළිවන. එහෙත් එම සිදුවීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය පුරාම ශී‍්‍ර ලංකා කණ්ඩායමට මහත් අසීරුතාවනට මුහුණ දීමට සිදුවිය හැකි බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

    කි‍්‍රකට් කී‍්‍රඩාව මේ වන විට පරිපාලනය කෙරෙමින් පවතින ආකාරය අනුවත්, අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ලොක්කන් තිදෙනා විසින් කි‍්‍රයාත්මක කරමින් තිබෙන කැළෑ නීතිය’ නිසාත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට මුහුණපෑමට සිදුවන අසීරුතා නුදුරු අනාගතයේදීම දැකගත හැකිවනු ඇත.

    එහි පළමුවැන්න වශයෙන් මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත තරග 7 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තමන්ගේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් නොමැතිව, දෙවැනි පෙළ කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට එවීමට එංගලන්තය සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ.

    එංගලන්තය එවන් පියවරක් ගැනීමට සූදානම් වන්නේ ජොස් බට්ලර්ගේ ‘මන්කාඞ් දැවීයාමට’ එකට එක කිරීමක් ලෙසින් බවද දැනගන්නට තිබේ. කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ඉතාමත් සාම්ප‍්‍රදායික සිතුම් පැතුම් වලින් සන්නද්ධව සිටින එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩකයෝ මෙන්ම කණ්ඩායමේ නිලධාරීන් සහ එංගලන්ත කි‍්‍රකට් බලධාරීන්ද සචිත‍්‍ර සේනානායක විසින් ‘මන්කාඞ් ක‍්‍රමය’ උපයෝගී කරගනිමින් පස්වැනි එක්දින තරගයේදී ජොස් බට්ලර් දවාගන්නා ලද ආකාරය පිළිබඳව දැඩි නොසතුට පළ කළහ.

    ද්විපාර්ශ්වික කි‍්‍රකට් තරගාවලි අළෙවි කිරීමේදී ලෝකයේ වැඩිම මිලක් ගෙවනු ලබන කණ්ඩායම් තුනෙන් එකක් වන්නේ එංගලන්ත කි‍්‍රකට් පිලයි. මේ වන විට මූල්‍ය සම්පත් අතින් ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එංගලන්ත පිලේ ශී‍්‍ර ලංකා සංචාරය දෙස බලා සිටින්නේ වැඩි මුදලක් උපයා ගැනීමේ අභිලාෂයෙනි.

    මෙම තත්ත්වය අනුව, මන්කාඞ් දවාගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට දැනෙන පාඩමක් ඉගැන්වීමට එංගලන්තය සූදානම් වෙමින් සිටින බව කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

    ඒ සඳහා ඔවුන් මේ වන විටත් අපූරු ආකාරයේ නිදහසට කාරණාවක් සොයාගෙන ඇතැයි කියති. ලබන වසරේ පෙබරවාරි මස 15 වැනිදා සිට ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රතට් තරගාවලියට පොරතුව තමන්ගේ ප‍්‍රධාන පෙළේ කී‍්‍රඩකයන් තුවාල වීමෙ අවදානමකට ලක් නොකිරීම එම කාරණාවයි.

    නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා අතර කාලයතුළදී එංගලන්ත පිල ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එම තරගාවලියේ එක්දින තරග 7 න් තරග 4 ක් කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ තුන්වැනි තරගය හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර තවත් තරග දෙකක් පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිතය.

    ඉතාමත් මන්දගාමී තණතීරුවක් ඇතැයි සැලකෙන ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය, 2015 ලෝක කුසලාන තරගාවලියේදී තරග පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ කී‍්‍රඩාංගණවල තණතීරුවලට හාත්පසින්ම වෙනස් බව කි‍්‍රකට් දැනුමැත්තෝ පවසති. එංගලන්ත පිල දඩමීමා කරගැනීමට සූදානම් වන්නේ මෙම තත්ත්වයයි.

    එජ්බැස්ටන් තරගයෙන් පසුව දෙපිලේම කී‍්‍රඩකයන් කටුක වදන් හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වන අතර ඉදිරියේදී තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයිද කියැවේ.

    සචිත‍්‍ර සේනානායක විසින් මන්කාඞ් ක‍්‍රමය උපයෝගී කරගනිමින් ජොස් බට්ලර් දවාගැනීම සම්බන්ධයෙන් එංගලන්ත කී‍්‍රඩකයන් උරණව සිටින අතරම සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව කීමට එංගලන්ත කී‍්‍රඩකයන් හෝ එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් සෘජුවම සම්බන්ධ නැතත් සචිත‍්‍ර සේනනායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝද නොපහන් සිතින් පසුවෙති.

    කී‍්‍රඩකයන්ගේ පන්දු යැවීමේ ඉරියව් සැකයට භාජනය වන්නේ ලෝකයේ ඇතැම් රටවලදී පමණක් බව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම මහේල ජයවර්ධනද පෙන්වා දී තිබේ. එහි වක‍්‍ර ප‍්‍රකාශය වූයේ සචිත‍්‍රගේ පන්දු යැවීම සැකයට භාජනය වීමට හේතුව ඔහු එංගලන්තයේදී කී‍්‍රඩා කිරීම බවයි.

    මේ අතර ‘මන්කාඞ්’ සිදුවීම සම්බන්ධයෙන් එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් තම අප‍්‍රසාදය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන්ට දන්වා ඇතැයිද ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබඳව ඉගි කර ඇතැයිද කියැවේ. එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසූවේ තමන්ට ලිඛිතව කිසිවක් ලැබී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ නොහැකි බවයි.

    මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියෙක් පැවසුවේ එංගලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් සම්බන්ධතා හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කර නොගතහොත් දීර්ඝ කාලීන වශයෙන් ශී‍්‍ර ලංකාවට මහත් අලාභ විඳීමට සිදුවනු ඇති බවයි. අනාගත සංචාර සැලැස්ම අහෝසි කරදැමීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව මෑතකදී තීරණය කළ අතර කි‍්‍රකට් කී‍්‍රඩාවේ කුඩා රටවලට මින් ඉදිරියේදී බලවත් රටවල දයානුකම්පාව මත තම තමන්ගේ රටවල කි‍්‍රකට් කී‍්‍රඩාව පවත්වාගෙන යාමට සිදුවන තත්ත්වයක් ඇතිවී තිබේ.

    වත්මන් තත්ත්වය තුළදී ඉදිරියේදී ශී‍්‍ර ලංකාවට ද්විපාර්ශ්වික සංචාර නොදී සිටීමේ අවස්ථාව එංගලන්තය සතුවන අතර එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පවතින සහසම්බන්ධතාව නිසා ඉන්දියාවෙන් මෙන්ම ඕස්ටේ‍්‍රලියාවෙන්ද ශී‍්‍ර ලංකාවට ද්විපාර්ශ්වික තරගාවලි නොලැබීමේ අවදානමක් පවතී.

    ”මේක ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ අවසානය වෙන්න පුළුවන්. කි‍්‍රකට් කී‍්‍රඩාවේ දැන් පවතින්නේ කැළෑ නීතියයි. කී‍්‍රඩා පිටියේදී වගේම ඉන් පිටතදීත් වඩාත් බලවත් රටවල් අමනාප කරගැනීමට දැන් ඉතින් ඉඩක් නෑ” යයි මෙම තත්ත්වය හොඳින්ම දන්නා අයෙක් පැවසීය.

    කෙසේ වෙතත් ලබන සතියේ මෙල්බර්න් නුවරදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සූදානම් වී සිටින අතරම ලබන බ‍්‍රහස්පතින්දා (12 වැනිදා) ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත පළමුවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන් කිහිප දෙනකුම පැමිණීමටද නියමිතය.

    මේ අතර කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීති සම්පාදකයා ලෙසින් තවමත් පිළිගැනෙන මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය ප‍්‍රකාශ කර සිටියේ ‘මන්කාඞ්’ දවාගැනීම මගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහගුණයට හානියක් නොකළ බවයි.

    ”එය චිත්තාවේග මගින් මෙහෙයැවුණු සිදුවීමක්. ඒත් ජොස් බට්ලර් නීතිය උල්ලංඝණය කළා. ඒ නිසා එම දුවද්දී දවාගැනීම කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහගුණයට හානියක් කියලා අප කියන්නේ නෑ” යයි මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ ප‍්‍රකාශකයෙක් එංගලන්තයේ පුවත්පතකට පවසා තිබිණ.


    (අනුවාදය : දමින්ද විජේසූරිය)

    lankadeepa


     
    Last edited:

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    api kiwwa oka wenawa kiyala ara moda mattews karapu de weradi un dennatama slc eken tharaga thahanamak danna one . :angry:

    arjuna kiyanne aththa .koheda ape eunta owa therenne ne :angry:

    • අහ් කට පුක්ස්
    • කොහොමද සුද්දගෙ පශ්චාත් භාගය?හෝදනවා හෝදනවා ඉවරෙකුත් නෑ ඒ තරමට ජරාව නේ?
    • ඔබට ඇති වීමකුත් නෑ නේ?
    • හොඳටම රහ වැටිලා
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    api kiwwa oka wenawa kiyala ara moda mattews karapu de weradi un dennatama slc eken tharaga thahanamak danna one . :angry:

    Hey what's wrong with you man :frown: as a sri lankan you should be supporting our players. Everybody with a sense can understand we did the correct thing. Look at the poll conducted on espncricinfo.com. more than 72% of the voters say we were right and it was the fault of that English bastard. very disappointed with your reply :no: its pathetic. seriously
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    arjuna kiyanne aththa .koheda ape eunta owa therenne ne :angry:

    ඕව ගැන කතා කරලා වැඩක් නැහැ බන්. ලංකාවට මේ වැඩේ උනානම් අපේ උන් මැරෙන්න හදයි එංගලන්තෙට බැනල
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    england lankawata enne un paraduna ekata kohomahari dinanna
    un second team ekak danne naha.dammath untamai paadu thawath
    reatings walin yatata yanawa.kisi point ekak naha.
    lankawe playerslawa labana jayagrahana wala gaurawaya
    unta noyawa lankawe gobbayo issaraha nisanthayata
    eka ganna media walin gemak thiyenawa.kotinma eda nisanthayath
    ekka eka bedaganna hitapu sanathwath u kapala thiyenne.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙම කරන්න බැහැ, එහෙම කෙරුවොත් එක්කෝ අපේ උනුත් අලුත් උන් දාල ගහයි.එහෙම නැත්තන් අපේ උන් දිනන්න ගහයි. මොකද ratings වල ඉස්සරහට යනවනම් මොන team එකට ගැහුවත් මොකද, international ODI නේ .world cup එකට ඉස්සර england උන් එහෙම මෝඩ වැඩ කරන එකක් නැහැ. worldcup එකට කලින් series එකක් පරදිනවා කියන්නෙ ලොකු පසුබෑමක් (මොකා දැම්මල ගැහුවත් ). ලංකාව pakistan series එකයි englend series එකයි දිනගත්තොත් ratings වල no 1 එන්න පුළුවන් වෙයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113

    ඕව ගැන කතා කරලා වැඩක් නැහැ බන්. ලංකාවට මේ වැඩේ උනානම් අපේ උන් මැරෙන්න හදයි එංගලන්තෙට බැනල

    යකෝ සුද්දන්ටත් නැති අමාරුවක්නේ බං උබලට එංගලන්තේ ගැන තියෙන්නේ.:rofl:


    10363882_10152416576077114_7058992601330292014_n.jpg